විවාහ වී වසරක් ඉකුත් වීමටත් පෙර අනුරාධපුරයේ පොලිස් නිලධාරියෙකු කිළිනොච්චියේ මුරුකණ්ඩි ඉරණමඩු හන්දියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පෙරේදා (29 දා) මියගොස් තිබේ.
මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව සේවයකොට ඇති අතර ඔහු යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක් යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීම නිසා පොලිස් නිලධාරියා ලොරියට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඒ. සෙනෙවිරත්න නමැති අනුරාධපුරයේ පදිංචි පොලිස් නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මාන්කුලම පොලිසිය ලොරි රියැදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ