මංජු මරණය හා ස්මරණය – මරණය අනුමාන වශයෙන් හඳුනාගන්නට…

142

කර්තෘ : කැත්ලීන් ජයවර්ධන
 ප‍්‍රකාශනය : සරසවි ප‍්‍රකාශකයෝ
 

 තමන් විසින් වසර දාහතක් තිස්සේ හදාවඩාගත් ‘මංජු’ යන එකම නමකින් යුත් සුරතල් සුනඛයන් දෙදෙනකුගේ මරණය කේන්ද්‍ර කරගෙන කැත්ලීන් ජයවර්ධන ලියා ඇති ‘මංජු – මරණය හා ස්මරණය’ නම් වූ කෘතියෙන් උත්සාහ කර තිබෙන්නේ ජීවිතය හා මරණය නම් වූ සංසිද්ධි දෙක පිළිබඳ විවිධ ලිඛිත මූලාශ‍්‍ර ඔස්සේ නවමු විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමටයි. නැවත ඉපදීම කෙසේ වෙතත් ලබා ඇති ජීවිතය මරණින් කෙළවර වේ. ඒ සම්බන්ධව සිතා බලමින් සිටින කාල පරාසය තුළ සුනඛයන් දෙදෙනකුගේ මරණය සිදුවීම තම ගවේෂණය නව මගකට යොමු කළ බව කතුවරිය මෙසේ සඳහන් කරයි.

 මංජු යන එකම නමින් බවුතීස්ම ලැබූ මේ සුනඛ සුරතලූන් මා කැඳවාගෙන ගියේ තරමක් දුරට මා ගවේෂණය කරමින් සිටින ජීවිතයේ හා මරණයේ අලූත් ඉසවුවක් වෙත ය.

 (13 පිටුව)

 දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවන අරගලයක යෙදී සිටින මිනිසුන් මරණය අමතක කර දමා ඇත. නැතහොත් ලේඛිකාව සඳහන් කර ඇති පරිදි මරණය ගැන මතක් කිරීම පවා ඔවුනට බිය දනවන කරුණක් වේ. මෙයට දශක ගණනාවකට පෙර ‘රසවාහිනි’ ස`ගරාවට ලිපියක් සැපයූ එක් ලේඛකයකු සඳහන් කළේ ‘ජීවිතය ගෙවෙන්නේ රැවටිල්ලෙනි’ යනුවෙනි. එයට වඩා තීව‍්‍ර වූ ජීවිතය පිළිබඳ අවලෝකනයකි, මේ කෘතියෙන් ප‍්‍රකාශ වන්නේ.

 ජීවිත කාලය තුළ අප අත්විඳින විවිධාකාරයේ රැවටිලි අතරින් ලෝකයේ ලොකුම මුසාව, ලොකුම බොරුව, ලොකුම රැුවටීම කුමක් දැයි කිසිවකු ඇසුවහොත් මගේ පිළිතුර වන්නේ ‘ජීවිතය’ යන්නයි.

 (18 පිටුව)

 ජීවිතය හා මරණය පිළිබඳ උනන්දුජනක විග‍්‍රහයක් කරන මේ කෘතියේ පූර්විකාව ‘හද විදාරණය’ ලෙස නම් කොට ඇත. පිටු 137 සිට පොතේ අවසානය දක්වා සාකච්ඡුා කෙරෙන ‘මරණය හා ස්මරණය’ මනාව තේරුම් ගන්නට හද විදාරණය මගින් මහත් රුකුලක් ලැබේ. බුදුදහම, සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රාමාණික දැනුමකින් යුතුව ‘මංජු – මරණය හා ස්මරණය’ ලියා තිබෙන බව එය කියවන පාඨකයකුට ප‍්‍රත්‍යක්‍ෂ වන කරුණකි. සතුන් සම`ග සහජීවනයෙන් ගතකිරීමට බොහෝ මිනිසුන් තුළ ඇත්තේ අකමැත්තකි. හුදු ලාභය හා බඩවඩා ගැනීම උදෙසා සත්ත්ව ඝාතන කොතරම් නම් සිදුවේ ද? තම පූර්විකාවෙන් කතුවරිය උත්සාහ කර ඇත්තේ නූතන සමාජය තුළ මිනිසුන්ගේ නොමිනිස් ගති හා සැහැසි ගති ඉස්මතු වී ඇති ආකාරය, ජීවිතය හා මරණය යන සංකල්ප දෙක මධ්‍යගත කරගෙන විවරණය කිරීමටයි. විශිෂ්ට ඉතිහාසඥයකු වන ආචාර්ය යුවාල් නෝ ආ හරාරි විසින් රචිත Sapiens කෘතිය ඇසුරෙන් මිනිසා විසින් සිදුකර ඇති සත්ත්ව ඝාතන ගැන මෙන් ම සතුන්ට ආදරය කරන ලෙනාර්ඞ් වුල්ෆ් වැනි ලේඛකයන්ගේ හෘදයංගම අදහස් ද ඇතුළත් කර ඇති ‘හද විදාරණය’ කියවන පාඨකයාට, කැත්ලීන් ජයවර්ධන පසුවට විමර්ශනයට ලක්කරන ‘මරණය හා ස්මරණය’ සම්බන්ධ කොටස මැනවින් තේරුම් කර ගැනීමට ඉඩකඩ විවර වෙයි. මංජු 1 ගේ ජීවිතය පිළිබඳව හා ඒ ඇසුරෙන් කළ සාහිත්‍ය නිර්මාණ ගැන පැහැදිලි කරන ලේඛිකාව ‘වරිග මේඝ’ හා ‘නොසොයමි’ මැයෙන් කෙටිකතා දෙකක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ද ඉහත සඳහන් මංජු පිළිබඳව ය. ‘මියගිය සිහිනයේ නොමියෙන ඔබ’ මැයෙන් රසවත් හා හදවතට දැනෙන කවි පංතිය අපට රස විඳින්නට ලැබෙන්නේ ද මංජු හරහා කර ඇති විග‍්‍රහයෙනි. මිය ගිය මංජු 1 හා මංජු 2 යන ආදරණීය සුරතලූන් දෙදෙනා වෙනුවෙන් කරන ලද යහපත් ක‍්‍රියා ඉදිරිපත් කෙරෙන්නේ ‘දින සටහන්’ යටතේ ඇති කොටසිනි.

 ‘මරණය හා ස්මරණය’ නම් වූ මෙම කෘතියේ අවසාන කොටස, ජීවිතයෙන් ඔබ්බට මුහුණ පෑමට සිදුවන මරණය සම්බන්ධව ශාස්ත‍්‍රීය හා දාර්ශනික විග‍්‍රහයක් පාඨකයා වෙත යොමු කිරීමට ගත් ප‍්‍රයත්නයක් යැයි මට සිතෙයි. මරණය පිළිබඳව මෙන් ම ජීවිතය ගැන කලක් තිස්සේ තම සිත තුළ ජනිත වූ නිර්ව්‍යාජ සිතුවිලි හා සුනඛයන් දෙදෙනාගේ මරණය ද මෙම කෘතිය ලිවීමට නිමිත්ත වන්නට ඇත. ‘මරණය අපට බෙහෙවින්ම පීඩා ගෙන දෙන්නේ ස්මරණයන් නිසා ය’ යනුවෙන් කතුවරිය ඉදිරිපත් කරන තර්කය සහේතුක ය. අපගේ සෙනෙහසට පාත‍්‍ර වූ අයකු මැරුණු පසු නිතර නිතර ඔහු හෝ ඇය පිළිබඳ මතකයට එයි. එසේ ස්මරණය කළ ද තමන් ද මරණයට පත්වන බව සිතන්නට බොහෝ දෙනා අකමැති වෙති.

 කැත්ලීන් ජයවර්ධන ලේඛිකාවගේ ඉහත සඳහන් අදහස් ‘මරණය’ යන මාතෘකාවට පමණක් සීමාවී නැත. ජීවිතය තුළ පවතින විවිධ ගැටලූ සම්බන්ධව ද මේ කෘතියෙන් සාකච්ඡුාවට ලක් කෙරේ. පොත ලිවීම සඳහා විවිධ කෘති ගණනාවක් ප‍්‍රවේශමෙන් පරිශීලනය කර තිබෙන බව ද හැෙ`ගයි. බුදුන් වහන්සේගේ දේශනා හා ඒ ආශ‍්‍රිතව විවිධ වියතුන් ලියා ඇති ග‍්‍රන්ථ, නවකතා හා වෙනත් සාහිත්‍යමය ලිපි ලේඛන ද මාහැ`ගි විවරණයක් කර ඇත්තේ ආත්මය, පුනරුත්පත්තිය හා කර්මය යන සංකල්ප ද භාවිත කරමිනි. මිලින්ද ප‍්‍රශ්නය, තිබ්බත මළපොත පරිශීලනය කරමින් මේ ජීවිතය ගැන මෙන් ම ඉන් ඔබ්බට පවතින තත්ත්වය පිළිබඳවත් විග‍්‍රහ කර ඇත්තේ දාර්ශනික පදනමක් යටතේ ය. නීට්ෂේ, ස්පිනෝසා වැනි දාර්ශනිකයන් මිනිස් චින්තනය හා මනුෂ්‍යත්වය ගැන සඳහන් කර තිබෙන කරුණු ද රැගෙන ‘මරණය හා ස්මරණය’ යටතේ ලේඛිකාව මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය මොනවට පැහැදිලි කරයි.

 ජීවිතය තත්වාකාරයෙන් අවලෝකනය කරන විට අවුල් ගොඩකි. එසේ නම් මරණය විමුක්තිදායක තත්ත්වයක් නොවේ ද? මරණයට අප කවුරුත් බිය ය. එහෙත් ඒ බිය නැතිකර ගත හැක්කේ කෙසේ ද? කැත්ලීන් ජයවර්ධන ‘මංජු – මරණය හා ස්මරණය’ යන කෘතියෙන් තර්ක කර ඇත්තේ ඇතැම් විට මරණය ජීවිතයට වඩා සැනසුම්දායක වීමේ සම්භාවිතාවක් ද පැවතිය හැකි බවටයි. මරණ බිය අප තුළ  හටගන්වන ගින්නට දිය පොදක් ද එකතු කළ හැකි බව සනාථ කරමින් අප ලේඛිකාව සිය තර්කය තහවුරු කරන්නේ ඉතාලියේ දේශපාලනඥයකු වූ සිසරෝ උපුටා දක්වමිනි.

 විකල්ප ඇත්තේ දෙකක් පමණි. එකක් මරණය මිනිසාගේ ආත්මය සහමුලින්ම විනාශ කරන්නේ ය. නැතිනම් එය ආත්මය සදාකාලික ජීවිතයක් තිබෙන ස්ථානයක් කරා රැුගෙන යන්නේ ය.

 (223 පිටුව)

 ‘මංජු – මරණය හා ස්මරණය’ යනු ජීවිතය හා ඒ ආශ‍්‍රිත මානව ගැටලූ මෙන් ම මරණය ගැන ද පුළුල් පර්යාලෝකයක පිහිටා ගවේෂණය කර ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශාස්ත‍්‍රීය කෘතියකි. ස්ථීර නිගමනවලට එළඹිය නොහැකි මේ ප‍්‍රශ්න පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාර්ථීනට මේ කෘතියෙන් ලබා ගත හැකි දායකත්වය සුළුපටු නොවේ. කැත්ලීන් ජයවර්ධන පාඨකයන් හඳුනන්නේ නවකතා, කෙටිකතා සහ ගුවන්විදුලි නාට්‍ය නිර්මාණය තුළ ලේඛිකාවක් වශයෙනි. එහෙත් මේ කෘතියෙන් එතුමිය ජීවිතය හා මරණය සම්බන්ධ ක්‍ෂේත‍්‍රවල යථාර්ථ දැනුමක් සතු ලේඛිකාවක් වශයෙන් ද පාඨකයා හඳුනා ගනියි.

 මහාචාර්ය  * බී.ඒ. ටෙනිසන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment