පිලිපීනයට ආසන්න මුහුදේ මගී යාත්‍රාවක හටගත් ගින්නකින් එහි ගමන් ගත් මගීන් 28 දෙනෙකු මිය ගොස් තිබේ .ඊයේ රාත්‍රියේ මගී යාත්‍රාවේ වායුසමීකරණය කරන ලද කුටිවල හටගෙන ඇති මෙම ගින්නට කොටු වූ මගීන් 230 දෙනෙකු බේරා ගෙන තිබේ .
මෙහි ගමන් ගත් මගීන්ගේ සංඛ්‍යාව 205ක් ලෙස සඳහන්ව ඇතත් එහි එයට වඩා වැඩි ම්ගීන් පිරිසක් ඇති වාර් තා වී තිබේ .ගින්නෙන් මිය ගිය පිරිස අතර මාස හයක බිළිඳකු ඇතුළු කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි .මෙම ගින්න හටගන්නා අවස්ථාවේ ”එම් වී ලේඩි මේරි ජෝයි -3 ” නැමති යාත්‍රාවේ සිටි මගීන් බොහෝ දෙනෙකු නින්දෙහි පසුව ඇති බව වාර් තා වී තිබේ , සිද්ධිය සම්බන්ධයෙන් පිලිපීන බලධාරීහු පරීක්‍ෂණ පවත්වති .