මගේ අරුමැසිය හරිම නූතනීයයි – ජැක්සන් ඇන්තනි

350

සිය අපූර්ව ප‍්‍රතිභාන්විත රංගනයෙන් සිංහල සිනමාව පෝෂණය කළ හා සිනමාව ආලෝකවත් කළ චිත‍්‍රපට කිහිපයක් ස්වකීය අධ්‍යක්ෂණයෙන් ශී‍්‍ර ලාංකේය සිනමාවට එකතු කළ ජැක්සන් ඇන්තනි ‘සම්බුලා හා දේවී සම්බුලා’ චිත‍්‍රපට ද්විත්වයේ පසු නිෂ්පාදන අවධියට එළැඹ සිටිනවා. මේ සංස්කරණ මේසය අසලදී අප හමු වූ ඔහු…

 ඔබගේ නවතම චිත‍්‍රපටය සම්බුලා රූගත කිරීම් අවසානයි. ඓතිහාසික චිත‍්‍රපට රැුල්ලක් පසුගිය කාලයේ ඇවිත් ගියානේ. ඔබ නැවත ඓතිහාසික කතාවක්, ජාතක කතාවක් රැුගෙන එනවා. මෙහි යම් විශේෂත්වයක් තිබෙනවාද?

මගේ අරුමැසිය හරිම නූතනීයයි - ජැක්සන් ඇන්තනි

ඔව්, එය මම හිතාමතා කළ දෙයක්. මගේ සිනමා කෘතිය මම හඳුන්වන්නේ ෆැන්ටසි සිනමාවක්, අරුමැසි සිනමාවක් ලෙස. මගේ අරුමැසිය හරිම නූතනීයයි. මම අතීතය දකින්නේ නූතන ඇසින්. අද මුළු ලෝකයම ඔය ෆැන්ටසියට හරිම කැමතියි. අපි එදිනෙදා දකින රූපාවලියට එහා ගිය අප පසු කරගෙන ආ අතීත අරුමැසිය හෝ අනාගත අරුමැසිය දකින්න මිනිසුන් කැමතියි. අද දැවැන්ත ලෝක සිනමාවේ ජනප‍්‍රිය වෙලා තිබෙන්නේ අතීතය, එහෙම නැත්නම් සිතෙන් නිර්මාණය කළ අනාගත ලෝකය. ලෝඞ් ඔෆ් ද රිං, ගේම් ඔෆ් ත්‍රෝන්, හැරී පොටර් චිත‍්‍රපට ජනප‍්‍රිය වෙන්නේ ඒකයි. ඒවාට කියන්නේ මැජිකල් රියැලිසම් නොහොත් අභූත යථාර්ථය. එය හරි දාර්ශනිකයි. ඒ නිසයි ඒවා ලෝකය පිළිගන්නේ. අතීතයට නියැදියක්, සීමාවක් නැහැනෙ. මම සිතනා අතීතය නොවෙයි වෙන අධ්‍යක්ෂවරයෙන් සිතන්නෙ. ඉතිහාසයට වඩා කලාව දාර්ශනිකයි යනුවෙන් ඇරිස්ටෝටල් පැවසුවේ ඒ නිසයි. කලාව කරන්නේ, ඉතිහාසය එසේ සිදු වූයේ මන්ද? එය එසේ සිදු නොවී මෙසේ සිදුවන්නට බැරිද? ආදී වශයෙන් විමසීමයි. මම කරන්නේ අතීතය වාර්තා කිරීම නොවෙයි. ඔය රැුල්ල ආරම්භ වුණේ මගේ අබා චිත‍්‍රපටයෙන්. අබා නිකම් ඉතිහාසය වාර්තා කිරීමක් නොවෙයි. මා අනුමාන කළ යම් සිද්ධාන්ත, ඉතිහාස තුළ ෆැන්ටසියක් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමක්. ජාතක කතාව ඊට වෙනස්. මම පළමු වතාවටයි ජාතක කතාවක් ඇසුරු කරන්නේ. බණ කතාකරුවාගේ අරමුණට වඩා සාහිත්‍යය රූපයක් ලෙස දකින නූතන ඇසින් එය විශ්ලේෂණය කරන නූතන සිනමාකරුවාගේ අභිලාෂය වෙනස්. මම කරන්නෙ සම්බුලා ජාතක කතාවේ මූලය රැුගෙන එය වර්තමාන චින්තනය හා ගැලපීමක්. පේ‍්‍රමය, විවාහය, මානව සම්බන්ධතා ආදිය පිළිබඳ එහි ඇති මානවීය ගුණය සිනමා ඇසින් නූතන ලෙස දැකීමක්.

මගේ අරුමැසිය හරිම නූතනීයයි - ජැක්සන් ඇන්තනි

මෙහි ඇතුළත්වන්නේ චරිත තුනයි. චරිත තුනකින් පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණය කරගැනීම අභියෝගයක්. කොහොමද ඔබ එය ජයගන්නේ?

 මා එය ජයගත්තේ කතන්දර කලාවෙන්. කතන්දර කලාවේ ඇති නාටකීය බව තමයි පේ‍්‍රක්ෂකයා බලාපොරොත්තු වෙන්නෙ. මහා පිරිස් ජවනිකා තුළ පමණක් නොවෙයි දැවැන්තය තියෙන්නේ. මිනිස් සිත, මිනිසුන්ගේ මානව සම්බන්ධතා මොනතරම් පුදුමාකාරද? ආකර්ෂණීයද? මොනතරම් කුතුහල ජනනීයද? මේවා නාටකීය ලෙස පෙළගැස්වූ කල චරිත තුන කියන දෙය මහදෙයක් නොවෙයි. මෙම චරිත අතිශය නාටකීය සිද්ධි දාමයක පැටලෙනවා. එම සිද්ධි දාමය පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කරනවා. එය ශූර සහ නාටකීය පිටපතක් විය යුතුයි. එම ආකර්ෂණීය පෙළගැස්ම මා අරුමැසියක් ලෙස ඇඞ්වෙන්චර් එකක් ලෙස වර්ණාලේපයකින් ගෙන එනවා. එවිට චරිත තුන කියන්නෙ වැඩි ලකුණක් මිසක් අඩු ලකුණක් නොවෙයි.

මගේ අරුමැසිය හරිම නූතනීයයි - ජැක්සන් ඇන්තනි

ඔබ මෙම චිත‍්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය කරනවා.?

මගේ අරුමැසිය හරිම නූතනීයයි - ජැක්සන් ඇන්තනි

එය තමා මෙහි ඇති යාවත්කාලීනය. නූතන ඇසින් අතීත සාහිත්‍යය විමර්ශනය කිරීම. අනෙක අද අපිට ජාත්‍යන්තරයෙන් තොරව පැවැත්මක් නැහැ. සිනමාවක් ලෙස ජාත්‍යන්තරයට ගමන් කිරීමේදී ඇති බාධක මොනවාද යන්න බැලිය යුතුයි. අපේ දේශීය පේ‍්‍රක්ෂකාගාරය ඉතා කුඩායි. අද වනවිට තිබූ සිනමාශාලා 380, හතළිහකට අඩු ගණනක් බවට පත්වී තිබෙනවා. මා සිතන්නේ එයත් පුංචි පේ‍්‍රක්ෂකාගාරයක් ලෙසයි. ඉතින් අපේ රට තුළ පමණක් අපට ඉන්නට බැහැ.. මේ අරමුණ ඇතුව තමයි මම මේ චිත‍්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය කළේ. නුවන් නයනජිත්ගේ මතය අනුව ලංකාවේ පළමු ද්වි භාෂා චිත‍්‍රපටය සිරිමලී. නමුත් ගාමිණී වේරගමගේ පැහැදිලි කිරීම නම් සිරිමලී සිංහල භාෂාවෙන් රූගත කොට පසුව දමිළ දෙබස් කැවූ බවයි. ඒ අනුව මගේ චිත‍්‍රපටය තමයි පළමු ද්වි භාෂා චිත‍්‍රපටය වන්නේ

මගේ අරුමැසිය හරිම නූතනීයයි - ජැක්සන් ඇන්තනි



 *  නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment