මගේ ක‍්‍රමය මඩ ගැසීම, අවලාද නැගීම නොවෙයි නිහඩවම ජනතාව අවදිකරමින් නව ගමනක් යෑමයි – රෝහණ විජේවීර පුත් උවිඳු විජේවීර රුසියාවේ සිට ‘‘දිවයින’’ සමග පිළිසඳරක

1018

* උද්ඝෝෂණ  සම්ප‍්‍රදාය දැන් ටිකක් ස්මාර්ට් විය යුතුයි

* ගුරු මනසත්,ආර්ථිකයත්  ඉහළ තැනක  තිබිය යුතුයි

*  විශ්වවිද්‍යාල එක් නියාමනයක් යටතේ පැවතීම අවශ්‍යයි

ජනතා විමුක්ති පෙරමුණේ නායකව සිටි රෝහණ විජේවීර ගේ පුත් උවිඳු විජේවීර රුසියාවේ සුරල් සරසවියේ ආචාර්ය උපාධිය අවසන් අදියරේ අධ්‍යාපනය ලබමින් සිටී. මේ උවිඳු විජේවීර එහි සිට ‘‘දිවයින’’ සමග පැවැත්වූ සංවාද සටහනකි.

උවිඳු කොහොමද ඔබේ අධ්‍යාපන කටයුතු?

වසර එකහමාරක් පමණ දෙවන පරපුර සංවිධානය නිර්මාණය කරමින්, රට පුරා එහි සංවිධාන කටයුතු ආරම්භ කරමින් ගියා. ඒ හේතුවෙන් ආචාර්්‍ය උපාධියේ වර්ෂාර්ධ තුනක් පමණ අතපසු වුණා, යම් ප‍්‍රමාණයකට අධ්‍යාපන කටයුතු මඟහැරුණා. දේශසීමා විවෘත වීමත් සමග නැවත රුසියාවට ඇවිත් මගහැරුණු අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරගනිමින් ඉන්නවා. දැන් ආචාර්ය උපාධියේ අවසන් අදියරේ ඉන්නෙ.

අධ්‍යාපන කටයුතු නිසාද ඔබ පසුගිය කාලයේ නිහඬ වුණේ?

චීන දාර්ශණික කියමනක් තියෙනවා ‘විශාල ගස් මහා ශබ්දයෙන් කඩාවැටුනට, ඒවා අතුපතර විහිදී මහ ගස් බවට වර්ධනය වෙන්නෙ ශබ්ද නොන`ගා හෙමින්’ කාලයක් යනවා මහා ගසක් හැදෙන්න. ඉතින් අපිත් සැලසුම් සහගතව සෙමින් නමුත් සවිමත්ව වැඩෙමින් ඉන්නෙ. අපිට කොහොමත් ජනප‍්‍රිය වෙන්න හෝ ඡුන්ද ගන්න බලාගෙන ශබ්ද කරන්න අවශ්‍ය නෑ. අපි තෝරගෙන තියෙන්නෙ දුෂ්කර නමුත් වෙනස් මාවතක්. අපි හොයන්නෙ අන්න ඒ අවංක අරමුණ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් ගුණාත්මක මිනිසුන්. අපි නිහ`ඩව ජනතාව අවදි කරමින් සංවිධාන ශක්තිය ගොඩන`ගමින් වැඩෙමින් ඉදිරියට යනවා. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට මම රුසියාවට පැමිණියත්, සංවිධානයේ නායකයා ලෙස මම මට පැවරුණු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා. ඒ වගේම සංවිධාන ජාලයේ අනෙකුත් සංවිධායකයන් සහ සමාජිකයන් ඔවුන්ගේ වගකීම් ඉතා හොඳින් ක‍්‍රියාශීලීව ඉටු කරනවා. කලබලයකින් තොරව ඉලක්කය කරා අපි අපේ ගමන යනවා.

සමරහවිට අපි නිහ`ඩයි කියලා ඔබට හිතෙන්නෙ ප‍්‍රසිද්ධ මාධ්‍ය තුළ අපිව නොදකින නිසා වෙන්න ඇති. මොකද මාධ්‍ය තුළ අපට එහෙම ලොකු ඉඩක් ලැබිලා නැහැ. අපිට ඉඩක් ලැබිලා තියෙන සමාජ මාධ්‍ය ඔස්සේ අපි අපේ මතවාදය ජනතාව අතරට ගෙනයනවා. දැන් ඔබට දකින්න නොලැබෙන අපිව, කාලයත් එක්ක ඉදිරියට බලන් ඉන්න. ජනතාව තුළින්ම අපව පෙනේවි, ජනතාව තුළින්ම අප ඉස්මතු වේවි.

ඔබ කියන විදිහට අපිට ඒ බවක් පේන්නෙ නැහැනෙ

අපි පුරුදු වෙලා තියෙන්නෙ සාම්ප‍්‍රදායික දේශපාලනයත් එක්ක ශබ්දනගා වැඩ කරන, වීථි සටන්, ලොකු සැරසිලි සහිත වේදිකා, ආවේගශීලී ගට්ඨනයන් එක්ක බැඳුනු ඉස්මතුවීම් තමයි ක‍්‍රියාකාරී කියලා හිතන්න. මම හිතන්නෙ එහෙම ප‍්‍රවිශ්ටයක් හෝ භාවිතාවක් වෙන්නැති ඔබ අදහස් කරන්නෙ සහ අපෙන් දකින්න උත්සාහ කරන්නෙ. මම මීට පෙරත් කියලා තියෙනවා වගේම මේක බිංදුවේ සිට ආරම්භ කරන ව්‍යාපාරයක්, අලූත් සංවිධානයක්, අපි ගමන ආරම්භ කරලා තියෙන්නෙ කලබලයකින් තොරව, අපට ඕනි හොඳ ශක්තිමත් හා ගුණාත්මක අවංක මිනිස්සු හොයාගන්න, ගොඩන`ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි කලබලයක් නැතිව සැලසුම් සහගතව අපේ ඉලක්කය වෙත යනවා, පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙස.

ඔබ පියාගේ උපන්දිනය ආගමානුකූලව සැමරුවා කියලා ආරංචියි

ඔව්. මේ ප‍්‍රථම වතාව නෙමෙයි. මම මීට පෙරත් තාත්තාගෙ උපන්දිනයට බෞද්ධ චාරිත‍්‍රානුකූලව පිංකම්වල යෙදුණා. රටේ සිදුවුන විවිධ අරගලවලදී මියගිය විවිධ පාර්ශ්වවල සියලූම දෙනා වෙනුවෙන් ඒ අය සිහිකරමින් දානමාන පිංකම්වල යෙදුණා. රුසියාවේ ලූමුම්බා විශ්වවිද්‍යාලය මුල්කරගෙන එම කටයුතු සූදානම් කරන්න මට හැකි වුණා. ලූමුම්බාව කියන්නෙ තාත්තා ඉගෙනගත් විශ්වවිද්‍යාලය. ඉතින් එහි සිටි ශ‍්‍රී ලාංකීය සිසුන් ඇතුළු සියලූ දෙනා එම දානමය පිංකම වෙනුවෙන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඕනි රුසියාවෙ ජගත්, උපුල්, මල්රේණු අයියලා වගේම උදව් කරපු සියලූ දෙනාව.

මට ඒ ගැන පුංචි දෙයක් එකතු කරන්න ඕනි, මීට අවුරුදු 57කට පෙර තාත්තට ලූමුම්බාවෙ අධ්‍යාපනය අහිමි වෙනවා. ඊට පස්සෙ කවදාවත් ඔහුට රුසියාවට හෝ තමන් ඉගෙනගත් විශ්වවිද්‍යාලයට එන්න බැරි වෙනවා. ඉතින් දශක හයකට පස්සෙ මට පුළුවන් වුණා තාත්තව, තාත්තාගෙ මතකය නැවත ලූමුම්බාවට ගෙනියන්න. මට අධිෂ්ඨානයක් හා සැලසුමක් තිබුණා තාත්තව නැවත ලූමුම්බාවට ගෙනියන්න. මට ලැබුණ ශිෂ්‍යත්වයෙන් මම තෝරගත්තෙ ලූමුම්බාව නෙමෙයි ඊට සැතපුම් තුන්දහසක් පමණ දුරින් තිබුණ යූරල් සරසවිය. ඒකට කාරණා දෙකක් බලපෑවා. එකක් ආර්ථික අපහසුකම්. අනික මේ කියන දේශපාලන කාරණාත් විශේෂයෙන් බලපෑවා. ඉතින් මේ තුළ මම සෙමින් ගොඩනැ`ගිලා, රුසියන් ශිෂ්‍ය සංගමයේ ඉහළම තනතුරට පත්වෙලා, ශිෂ්‍යයෙක් සහ නායකයෙක් ලෙස රුසියාව තුළ මට ලබාගත හැකි ඉහළම තැනට මම අද ඇවිත් ඉන්නවා. ඒ නිර්මාණය කරගත් වටපිටාව එක්ක, ඒ නායකත්වය එක්ක මට පුළුවන් වුණා එදා ශිෂ්‍යභාවය අහෝසිකරලා ලංකාවට පිටමං කරපු තාත්තව නැවත ලූමුම්බාවට අරගෙන යන්්න, උවිඳුගෙ තාත්තා හැටියට. තාත්තට අහිමි වුණ ඒ ලූමුම්බාවෙ මට පුළුවන් වුණා ඔහුව නැවත ස්ථාපිත කරන්න. ඉතින් මම හිතනවා අපි උපක‍්‍රම තෝරන්න ඕනි ඉලක්කයන් එක්ක. ඒ වෙනුවෙන් ගමන් මාර්ගය සැලසුම් කරන්න ඕනි. සද්ද කරලා කෑගහලා සමහරක් දේවල් කරන්න බෑ. මට තාත්තව ලූමුම්බාවට ගෙනියන්න අවුරුදු 6 ක් ගියා. අපිට සැලැස්මක්, දැක්මක්,

ගමනක් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් කලබලයක් නැතිව උපක‍්‍රමශීලීව ගමන් කරනවා.

ඔබේ පියා නිර්මාණය කළ පක්ෂය සහ ඉන් බෙදී

ගොඩනැ`ගුණු පක්ෂත් මෙවැනි සැමරුම් කරනවා. ඔබ සහ ඔවුන් අතර තිබෙන්නෙ තරගයක්ද තරහක්ද?

රෝහණ විජේවීර කියන්නෙ දේශපාලන චරිතයක්, ප‍්‍රසිද්ධ චරිතයක්, විවාදාත්මක චරිතයක්. ඔහුට ආදරේ කරන අය ඉන්නවා, ඔහුට වෛර කරන අය ඉන්නවා, නිහ`ඩවම ඔහු සමරන අය ඉන්නවා. ඔහුගේ ව්‍යාපාර එක්ක සම්බන්ධ අයට, ඔහුගේ මතවාදය එක්ක ඉන්න අයට හෝ ඔහු කෙරෙහි ඇල්මක් තිබෙන ඕනිම කෙනකුට ඔහුව සමරන්න අයිතිය තිබෙනවා. ඒක හොඳ දෙයක්. දේශපාලන වශයෙන් ඕනම කෙනකුට ඔහුව සමරන්න වගේම විවේචනය කරන්න, අදහස් ප‍්‍රකාශ කරන්න ඒ දෙපැත්තටම තියෙන අයිතියට මම හිස නමා ගරු කරනවා.

මම තාත්තාගෙ උපන්දිනය වෙනුවෙන් වත්පිළිවෙත්වල යෙදෙන්නෙ අද ඊයෙක නෙමෙයි. ගිය අවුරුද්දෙ මම ලංකාවෙදි කරපු සැමරුම් පිංකම් බොහෝ දෙනෙක් අතරට ගියා. ඒකත් එක්ක තාත්තව අමතක වෙලා තිබුණ බොහෝ දෙනෙක්ට අද ඔහුව මතක්වෙලා තියෙනවා, මට ඒ ගැනත් සතුටුයි.

ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ලවෙනවා. ඔබ ඒවට ප‍්‍රතිචාර නොදක්වන්නෙ එම චෝදනාවල යම් සත්‍යතාවයක් තිබෙන නිසාද?

අපි ගැන තිබෙන්නෙ චෝදනා නෙමෙයි, අවලාද සහ මඩ පමණයි. අපි ඒවා ගැන විශේෂ තැකීමක් කරන්නෑ. නමුත් අපේ හිතාධරයන්, ක‍්‍රියාධරයන් වෙනුවෙන් එම අවලාද හා මඩ ගැන සමාජ මාධ්‍යයන් ඔස්සේ පැහැදිලි නිවැරදිකිරීම් කළා ඔවුන්ගේ දැනගැනීම වෙනුවෙන්. ගමනක් යනකොට බුරාගෙන එන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් අපේ ගමන ප‍්‍රමාද වෙනවා. මොකද යන මග දෙපස ඉන්න බල්ලො බුරන්නෙ බයට මිසක් හපන්න නෙමෙයි. අපිට ඉලක්කයක්, දැක්මක්, ගමනක් තියෙනවා. අපි දන්නවා අපි යන මාවත. ඒ ගමනෙදී විවිධ බාධක කම්කටොලූ එයි, දුෂ්කරතා එයි අපි ඒවට උපේක්ෂා සහගතව මුහුණ දෙනවා. සමහර ප‍්‍රශ්නවලට අද නෙමෙයි උත්තර දෙන්න ඕනි, කාලයත් එක්ක. අපි අපේ ගුණාත්මක බව භාවිතාවෙන් ඔප්පු කරන සංවිධානයක්. බංකොළොත් වෙච්ච දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් විවිධ අරමුණු, විවිධ ද්වේශයන් නඩත්තු කරගෙන යන පිරිස් විසින් එල්ල කරන මඩ සහ අවලාදවලට අපි කලබල වියයුතු නැහැ. සත්‍ය හැමදාම බොරුවෙන් හංගගෙන ඉන්න බැහැ. කොයි මොහොතක හෝ සත්‍ය ඉස්මතු වෙනවා. දැක්මක් තිබෙන නියම නායකයෙක් කවදාවත් ඔය වගේ පොඩි පොඩි කෙඳිරිවලට අතරමග නැවතිලා, කඳුළු සලලා කඩා වැටෙන්නෑ. මොකද එහෙම වුණොත් කවදාවත් ගමනක් යන්න බෑ. ඒවට මුහුණ දෙන්න ශක්තිය තියෙන්න ඕනි, අවසාන ඉලක්කය අරමුණු කරගෙන.

ඔබ ඔය වක‍්‍රාකාරයෙන් චෝදනා කරන්නෙ කාටද?

මගේ ක‍්‍රමය මඩගැසීම හෝ අවලාද නැ`ගීම නෙවෙයි. බුරන බල්ලා ගැන නෙමෙයි උසි  ගන්වන ස්වාමියා පිළිබඳව මම අවධානෙන් සහ අවබෝධයෙන් ඉන්නෙ.

මොකක්ද ඒ තුන් තේරවිල්ල?

තේරුම් ගැනීමට අපහසු කිසිවක් එහි නැහැ. මම නැවතත් කියන්නෙ ඔය චූටි චූටි අඳෝනා, කෙඳිරිලිවලින් අපව යටපත් කරන්න හෝ අපේ ගමන අඩාල කරන්න බැහැ.

මේ දිනවල රටේ පවතින පොහොර ගැටලූව, කොතලාවල පනත, ගුරු විදුහල්පති වැඩ වැරුම වැනි දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් ඔබ හෝ ඔබ සංවිධානය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නෙ ඇයි?

අපි තවමත් ළදරු වියේ පසුවන සංවිධානයක්. අපිට තවම ශක්තියක් නැහැ ගැටවර වියේ වීථි අරගලවල යෙදෙන්න. නමුත් අපි අපට තිබෙන සම්පත් හා පහසුකම් භාවිත කරමින් ඒ වෙනුවෙන් අපේ උපරිම මැදිහත්වීම් කරනවා සහ අපට තිබෙන මාධ්‍යයන් ඔස්සේ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. වර්තමානය වෙනකොට ඇතිවෙලා තිබෙන ප‍්‍රශ්න සියල්ල කේන්ද්‍රීයයි. වල්වැදුණු ක‍්‍රමෝපායන් ඔස්සේ ජාතික චින්තනයක්, දැක්මක් නොමැතිව ආපු ගමනේ තමයි මේ සියලූ අර්බුද පැනනැ`ගී තිබෙන්නේ. එයින් ඇතිවන අතුරු ප‍්‍රථිඵලයන් තමයි අපි මේ විවිධ අරගල තුළින් අත්දකින්නෙ. සංවිධානයක් විදියට අපි විශ්වාස කරනවා එසේ

පැනන`ගින එක් එක් ගැටලූවලට විසඳුම් ඉදිරිපත් කරනවා වෙනුවට, ප‍්‍රශ්න පැනන`ගින මූලය හෙවත් මහා ප‍්‍රශ්නය නිවැරදිව අවබෝධ කරගනිමින් එයට අවශ්‍ය සැලසුම් සම්පාදනය කිරීම යෝග්‍ය බව. ඒ සඳහා මහා සැලස්මක් අවශ්‍යයි. එය ශක්තිමත්ව දිගුකාලීන සුබ ප‍්‍රථිඵල වෙනුවෙන් ගොඩනැංවිය යුතුයි. මේ සියලූ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අපි සංවේදීයි, අපි ඒ වෙනුවෙන් අදහස් හා මතගැටෙමින් සාකච්ඡුා කරනවා ගුණාත්මක වැඩපිළිවෙලක් වෙනුවෙන් හා හොඳම ක‍්‍රියාමාර්ග තේරීම වෙනුවෙන්. මහා පෙරළියක අවශ්‍යතාව වෙනුවෙන් අපි පෙළගැසෙමින් ඉන්නෙ.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සීමා සහිත ප‍්‍රවේශය සහ කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

විශ්වවිද්‍යාල සියල්ල එක් නියාමනයක් යටතේ පැවතිය යුතුයි සහ ඒවා සියල්ල රාජ්‍ය විශ්වවිද්‍යාල විය යුතුයි කියන තැන අපි ඉන්නවා. රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම මගින් අධ්‍යාපනය කියන අයිතිය වෙළෙඳ භාණ්ඩයක් වීම වළක්වාලිය යුතුයි. එක් එක් විශ්වවිද්‍යාල වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් අණපනත් තිබිය යුතු නැහැ. ඒවා සියල්ල දේශපාලනයෙන් වෙන්කොට ස්වාධීන කොමිෂන් සභා යටතට පත්කළ යුතු වෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල තිබෙන අවම ඉඩ පහසුකම් යටතේ වන සීමිත බඳවාගැනීම් නිසා සුදුසුකම් සපුරන ලද විශාල සිසුන් ප‍්‍රමාණයකට විශ්වවිද්‍යාල ප‍්‍රවේශය අහිමි වෙනවා. ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අධ්‍යාපනය එතැනින් අවසන්කර නුපුහුණු ශ‍්‍රම බළකායට එකතු වෙනවා. මිල මුදල් තිබෙන සිසුන් මිලයන ගාණක් වියදම් කරලා විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙනුමට යනවා. උදාහරණයක් ලෙස අවම වශයෙන් රජයකට හැකියාවක්, දිගුකාලීන සැලසුමක් තිබිය යුතුයි එලෙස මුදල් වියදම් කර පිටරට යන සිසුන් වෙනුවෙන් රජයේ විශ්වවිද්‍යාල තුළ පීඨයක් වැඩි කර එම සිසුන් සහ මුදල් මෙරට තුළම රඳවා ගන්න. එතකොට මේ දෙකොට්ඨාසයම මුහුණ දෙන්නෙ එකම විභාගයකට. එතන දැනුම් පරීක්ෂණ වෙනසක් නෑ. ඊළඟ අවුරුද්ද වෙනකොට මේ අවුරුද්දෙ සිසුන්ගෙන් අයකරගත් ප‍්‍රමාණයට අමතරව මහා

භාණ්ඩාගාරයෙනුත් ප‍්‍රමාණයක් අරගෙන තව පීඨ කිහිපයක් වැඩි කරලා නොමිලේ ප‍්‍රවේශය වැඩි කරන්න පුළුවන්. මම හිතනවා මෙවැනි දිගුකාලීන ක‍්‍රම මගින් සුදුසුකම් සපුරන සියලූ සිසුන්ට වසර දහයක් වැනි කාලයක් තුළ නොමිලයේ උසස් අධ්‍යාපන ප‍්‍රවේශය ලබාදිය හැකි බව. නිදහස් අධ්‍යාපනය රැුකගන්න, දියුණුකරන්න කැපවිය යුතුයි.

ඔබ හිතනවද ඔබ යෝජනා කරපු ක‍්‍රමවේදය අපේ රටට ගැළපෙයි කියලා?

පැහැදිලිවම ඔව්. වඩා යහපත්, වඩා ජනතාවාදී අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් සාකච්ඡුාවක අපි ඉන්නවා. අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් රැුසක් සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති මහාචාර්යවරුන් පිරිසක් සමග ප‍්‍රායෝගික දිගුකාලීන අධ්‍යාපන සැලසුම් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡුා පවත්වමින් ඉන්නවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම සහ මාර්ගත අධ්‍යාපනයෙන් ඉවත් වීම සම්බන්ධව ඔබ එකඟද?

ඒක ඉතාම සංවේදී කාරණයක් මේ මොහොතේ. ගුරුවරයා කියන්නෙ රටක අනාගතය තීරණය කරන මානව සම්පත් ගොඩන`ගන තීරණාත්මක පුද්ගලයා. ඔවුන්ගේ මෙම ඉල්ලීම දශක දෙකකුත් ඉක්මවා ගිය සාධාරණ ඉල්ලීමක්. විනාශකාරී නාස්තිකාර අනවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය විනය අන්තයටම පිරිහී ගියත්, එවැනි වියදම්වල අඩුවක් වෙලා නැහැ. නමුත් ගුරු විදුහල්පති වැටුප් විශමතාව වෙනුවෙන් බලධාරීන් කිසිදු අවධානයක් දී නැහැ. ලෝකයේ සෑම රටකම පාහේ ගුරුවරයාගේ වැටුප ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. අප රටේ එය ඉතාම ජුගුප්සාජනකයි. දිනකට දරුවන් සිය ගණනකගේ නැණස පාදන ගුරුවරයා මානසික හා ආර්ථිකමය වශයෙන් ඉතා ඉහළ තැනක සිටිය යුතුයි. තෘප්තිමත් ගුරුවරයා විසින් ගොඩන`ගන ශිෂ්‍යයා වඩා ගුණාත්මක වන්නේ එවිටයි. අපි විශ්වාස කරනවා ගුරු, සෞඛ්‍ය, ආරක්ෂක වැනි ක්ෂේත‍්‍රවල වැටුප් ඉතා හොඳ මට්ටමක තිබිය යුතුයි කියලා. ඒවා රටක් නිවැරදි දිශානතියට යොමුකිරීමට අත්‍යාවශයෙන්ම ගතයුතු පියවරයන් විදයට අපි දකිනවා. ඉන් අදහස් කරන්නෑ අනෙකුත් ක්ෂේත‍්‍ර නොසලකා හැරිය යුතුයි කියලා.

ඔබේ නිර්වචනය අනුව ඔබ කියන්නෙ ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය සාධාරණයි කියලා?

විශ්ලේශණාත්මක බලන්න, ඔවුන්ගේ ඉල්ලීම්වල අසාධාරණයක් නැහැ. ප‍්‍රසිද්ධ කියමනක් තිබෙනවා

”වෛද්‍යවරයකුට වැරදුනහොත් වරද මිහිදන් කරනු ඇත. නීතිඥයකුට වැරදුනහොත් වරද සිරගත කරනු ඇත. ගුරුවරයෙකුට වැරදුනහොත් වරද සමාජගතවනු ඇත’’ කියලා. තවදුරටත් මේ ගැටලූවට නිසි විසඳුමක් නොලැබුණහොත් මේ කියමන යථාර්ථයක් වෙනවා. ඔවුන් දිගින් දිගටම ඉල්ලීම් කරලා ඒවට සාධනීය විසඳුමක් නොමැති නිසා තමයි මෙවැනි වෘත්තීමය අරගලයකට එළඹිලා තිබෙන්නෙ.

හැබැයි මම හිතනවා ඔවුන් තව ටිකක් ස්මාර්ට් වුණා නම් හොඳයි කියලා. වසංගත තත්ත්වයක් තුළ කරන මෙම වීථි අරගලවලින් වෙන්නෙ ඔවුන්ට කෘතිම ජනඅප‍්‍රසාදයක්

ගොඩනැෙ`ගන එක. 2013 වසරේ ජපානයේ බස්රථ රියැදුරු වර්ජනයක් පැවැත්වුණා. හැබැයි ඒ අරගලය ඇතුලෙ මගීන් කිසිවෙක් අපහසුතාවට පත්වුණේ නැහැ. මගීන් සියලූ දෙනා අරගලයට සහය දුන්නා. හේතුව තමයි බස්රථ රියැදුරන් නියමිත වේලාවන්වලට බස්රථ ධාවනය කළා, නමුත්

මගීන්ගෙන් මුදල් අය කළේ නෑ. නව පන්නයේ වර්ජනය තුළ දිගින් දිගටම අපහසුතාවයට පත්වුණේ රජය මිසක් තෙවන පාර්ශ්වය නෙමෙයි. අවසානයේ රජයට සිද්ද වුණා ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න.

ඒ නිසා අපි මේ දෙස බලන්න ඕනි නව කෝණයකින්. ශිෂ්‍යයා සහ ගුරුවරයා කියන්නෙ මේ මොහොතේ අපි පෙනී සිටිය යුතු පාර්ශ්වයන්. මොකද මේ අඛණ්ඩ වර්ජනය නිසා දෙමාපියන් ගුරුවරුන් කෙරෙහි යම් නොසතුටකින් ඉන්න බවක් පේනවා. එය එසේ විය යුතු නැහැ. එක් වින්දිත පාර්ශ්වයක් විසින් අනෙක් වින්දිත පාර්ශ්වය කෙරෙහි ප‍්‍රතිවිරෝධී වීම ඉතාම කනගාටුදායක දෙයක්. මෙහි සම්පූර්ණ වගකීම නිසි වගවීමක් නොමැති රජයේ පාර්ශ්වය භාරගත යුතුයි වගේම වසංගත තත්ත්වය සම්බන්ධව විරෝධතාකරුවන්ගේ අවධානය යොමු නොවීම බරපතළ තත්ත්වයක්.

*  සාකච්ඡා කළේ මධුෂාන් ගමගේ

advertistmentadvertistment