මගේ තාත්තා තුළ ජීවත් වූ සමාජවාදියා හැමදාම මේ රටේ පැරැදුණා… ප‍්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ

405

ලංකාවේ මොනයම්ම හෝ සම්මාන උළෙලකින් චිත‍්‍රපටියක හොඳම නර්තන වින්‍යාසරු සඳහා සම්මානයක් පිරිනැමුණේ නම් එය පළමුවරට දිනාගත්තේ අද අපේ කතානායක ප‍්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහය. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කුස පබා චිත‍්‍රපටය වෙනුවෙනි. එහෙත් එහි අතිශය සුන්දර ශෲංගාරාත්මක ගීයක් වන මධු චන්ද්‍ර යාමේ සුනිලූන් රචනා කළ ගීයට ඔහු ‘කාමසූත‍්‍ර’ ඇසුරින් කළ රස වින්‍යාස බොහොමයක් රස නිෂ්පත්තියක් නැති වගකීම් විරහිත ඇතැමුන් නිසා මහාචාර්ය සුනිලූත් ඊට වැරැදිකරු නොවේ. පේ‍්‍රක්‍ෂකයාට දැකීමට නැති විය. ගීයට ඇතුළත් වූ රූපකොටසින් පවා විශිෂ්ට කීර්තියක් දිනාගත් මේ ශිල්පියා ඒ අයුරු සම්මානය ද දිනා ගත්තේය.

යසෝදරා චිත‍්‍රපයේ ඔහුගේ නර්තන නිමැවුමට ජනාධිපති උළෙලේදී ජනප‍්‍රිය සම්මානයෙන් පුද ලද චන්දන පත්තිනි චිත‍්‍රපටයේදීද ජනාධිපති සම්මාන දිනුවේය. එමතුද නොව ‘‘අලිකතාව’’ හොඳම නර්තන අධ්‍යක්‍ෂ සම්මානයද ඔහු සොයා ආවේ ඔහු සැබෑ නර්තන ශිල්පියෙකු බැවිනි.

* අවියෝජන සබඳතාව

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විශිෂ්ට අදියුරුකම් මැද චන්දනගේ නර්තන ප‍්‍රතිභාවද ඒ චිත‍්‍රපට ඉහළ තලයකට ඔසවා තැබුවේය. පොත්තට ගසක් මෙන් ගසට පොත්තක් මෙන් මේ අවියෝජනීය සබඳතා හොඳින්ම ගැලපිණි.

චන්දනට නර්තනයේ පෙර ගමන් මග හෙළි පෙහෙළි කර දුන්නේ එතුමාගේ ආදරණීය තාත්තාය. ඒ තාත්තා ගැන කියන්නට අද චන්දන මා අභිමුඛව සිටියි.

* කලාව සම්බන්ධයට මුලයි

මගේ තාත්තා නම්වර ලැබුවේ උපාලි වික‍්‍රමසිංහ නමින්. එතුමා ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලන නිලධාරියෙක් ලෙස කටයුතු කළා. රුවන්වැල්ල කහටගස්තැන්න තමයි එතුමාගේ ගම. අවංක කාර්යශූර නිලධාරියෙක්. කවරදාවත් බොරුවක් කියන්නෙ නෑ. මගේ අම්මා ලීලාවතී වික‍්‍රමසිංහ. එතුමිය ගෝනපීනුවල. අම්මා තරුණ කාලේ යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛිකාවක් ලෙස වැඩ කරලා තියෙනවා. තාත්තා ඒ කාලෙ ලිපිකරුවෙක්. දෙන්නා දැකලා කතා කරලා හඳුනාගෙන තියෙනවා. කලාව නිසා තමයි දෙන්නාගේ සම්බන්ධය ටිකක් දුර ගිහින් විවාහය දක්වා ඇවිත් තිබෙන්නෙ.

තාත්තා උග‍්‍ර සමසමාජකාරයෙක් වුණාට කලාව සම්බන්ධයෙන් හොඳ සංවේදීකමක් එතුමාට තිබුණා. අම්මා ගුවන් විදුලියේ සහය නිවේදිකාවක් ලෙස තරමක් කටයුතු කරන කොට මගේ තාත්තා ඒවාට සහය දීලා කටයුතු කරමින් සිටි බවයි කියන්නේ.

* හොඳ වේදිකා නළුවෙක්

ඒ කාලේ තාත්තා රගපෑමක් කරලා තියෙනවා. හෙන්රි ජයසේනගේ පේ‍්‍රම රංජිත් තිලකරත්නගේ නිවේදිකා නාට්‍යවල හොඳ වේදිකා නළුවෙක්. ‘තට්ටු ගෙවල්’ ‘වහලක් නැති ගෙයක්’‘අජාසත්ත’ ඒ අතරින් අම්මාගේ සිත්ගත් නාට්‍ය කීපයක්.

කොහොම හරි ගෙවල්වල ආශිර්වාදයත් අරන් මේ දෙන්නා එකතු වුණා. අපේ කුටුම්භයේ දරුවන් දෙන්නයි. මමයි මල්ලියි විතරයි. මල්ලි හසිත වික‍්‍රමසිංහ. එයා සිරස හා දෙරණ ආයතනවල වැඩ කරලා දැන් ඔස්ටේ‍්‍රලියාවේ ඉංජිනේරුවෙක් හැටියට ආයතනයක වැඩ කරනවා.

* රස විඳීමේ මුල්ම පාඩම

අපේ තාත්තා ඉහළම රසවතෙක්. එයා මනමේ සිංහබාහු බලන්න මා එක්ක යන්නේ අවු 7 8 ක් වයසේදී. එහි නර්තන වින්‍යාස තමයි මා වැඩියෙන්ම රස වින්දෙ. තාත්තා ඒවා රස විඳින හැටි මට කියා දුන්නා. මගේ පළමුවැනි ගුරුතුමා තාත්තා.

* සුභාවිත ගී රසිකයා

තාත්තා ඒ නාට්‍ය පවා මා පුංචි දවසෙදිම පෙන්වා තිබෙනවා. ඇහුවෙත් හොඳම සුභාවිත ගීත. නන්දා මාලිනී, අමරදේව, වික්ටර්ගේ ගීත තමයි තාත්තා අහන්නෙ. මට මතකයි නන්දා මාලිනියගේ ‘ශ‍්‍රවණාරාධනා’ පෙන්වන්නට මා එක්කගෙන යනවා.

තාත්තාට අපට ඉහළම අධ්‍යාපනයක්් දෙන්න ලොකුම අවශ්‍යතාවක් තිබුණා. එතුමා මා අකුරට යැව්වේ කොළඹ මහානාම විද්‍යාලයට. එතුමා අපට පොත් කියවිමේ පුරුද්ද ඇති කළා. සෝවියට් දේශය ස`ගරාව අපේ ගෙදරට ගෙන්වා ගන්නවා. විශේෂයෙන් රුසියානු සාහිත්‍යට එතුමා කැමැතියි. ඩොස්ටොව්ඞ්ස්කි, මැක්සිම්ගෝර්කි වගේ ලේඛකයන්ගේ පොත් අපේ ගෙදර පිරිලා තිබුණා. ගෝර්කිගේ අම්මා පොත කියවන්න මා උනන්දු කළේ පුංචිම වයසේදී.

* අපේ දේ අත්හැරියෙ නෑ

කොයි තරම් රුසියානු සාහිත්‍යය කියෙව්වත් එතුමා අපේ පොත්පත් අත්නෑර කියවන්න අප පුරුදු කළා. මාර්ටින් වික‍්‍රමසිංහ, ජී. බි සේනානායක, මහාචාර්ය සරච්චන්ද්‍ර ආදී ලේඛකයින් ගැනත් තාත්තා නිතර අපට කතා කළා. ඒ පොත පත කියවන්න අපට අණ කළා.

රුසියානු පොත පතේ එන සාමූහික ගොවිපළ, සමානාත්මතාව, සහජීවනය, සම්පත් කාටත් සමසේ බෙදාදීම ගැන කියැවෙන වටිනා දේ අප වෙත කාන්දුකරමින් අපව රටට දැයට හිතැති මිනිසුන් බවට පත් කරන්න තාත්තා වෙහෙසුණා කියලා හිතෙනවා. මුළුමහත් ජාතිය පුරාම අතඇති මුදල් පවා වියදම් කර සමාජය යහපත් තැනක් කරන්නට එතුමා කළ සම සමාජ දේශපාලනය මට මතකයි. එතුමා බලාපොරොත්තු වූ විෂමතාවෙන් තොර කාටත් සමානව සලකන ඒ යුක්තිගරුක සමාජය කවරදාවත් මේ රටේ බිහිකරන්නට බැරි බව එතුමාට අන්තිම කාලේ වෙනකොට හොඳට තේරුණා කියලා හිතෙනවා.

* සැබෑ මිනිසුන්ගේ කතාව

රුසියානු සාහිත්‍යයේ එන ‘‘සැබෑ මිනිසුන්ගේ කතාව’ එතුමා අපට කොයි තරම් ආදරයෙන් පිටුවෙන් පිටුව කියවන හැටි මට අදත් මැවී පෙනෙනවා.

අපේ තාත්තා ආගම අභිචාර කෙරෙහි එතරම් ගැඹුරින් සම්බන්ධ නොවුණාට දන් දීමට රුසියෙක්. නෑයින්ගේ හෝ පිටස්තර කෙනෙකුගෙ ප‍්‍රශ්නවලදීත් අතේ ඇති මුදල් වියදම් කරලා ගෙදර එනවා. අම්මා ඒ වගේ වෙලාවට එතුමාට වෙස්සන්තර කියලත් කියනවා.

* මැයි දිනය තරම් වෙනත් දෙයක් නෑ

අපට අලූත් අවුරුද්ද, වෙසක් වටිනා දින වුණත් එතුමාත් ඒ සංස්කෘතික ආගමික හැදියාව අපට කියා දුන්නත් එතුමාගේ දවස තමයි මැයි 01 වැනිදා. ලෝක කම්කරුවන්ගේ දිනයට මාවත් ලෑස්ති කරගෙන එතුමා මැයි පෙළපාලි යනවා. ‘‘සාදුකින් පෙළනවුන් දැන් ඉතින් නැගිටියව්’’ මේ සමාජ පාඨ කියමින් අවුරුදු 9-10 පුංචි කොල්ලා මාත් තාත්තත් එක්ක පෙළපාලි යනවා. ගිනි කූටකේ අව් රශ්මියට වතුර බෝතල් බොනවා. වෘත්තිය සමිතිවලත් තාත්තා හිටියා. ඒත් කම්කරුවන් පාවා දෙන කිසිම අරගලයක තාත්තා හිටියෙ නෑ. එයාගේ ලෝකය රුසියාව. මම දැනට රටවල් 76 ක සංචාරය කරලා තියෙනවා. මගේ නැටුම් කණ්ඩායම සම`ග අම්මත් මේ රටවල් රැසක රැගෙන ගියා. ඒත් මට තාත්තා ආසා කරන ඒ රටට එක්ක යන්න බැරි වුණා. ඒ මං මගේ කීර්තිය නම දිනාගන්න කොට තාත්තා අප අතැර ගිය නිසයි. ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, සී පී ද සිල්වා, පීටර් කේනමන්, ජවිපෙ වගේ නායක නායිකාවන් එක්ක තාත්තා හැමදාම අරගලයේ හිටියා. ඒත් එතුමා 2001 දී නැති වුණා.

* තාත්තා සැබෑ කම්කරුවෙක්

අද මට ලොකු ගේදොර තිබුණාට, ආයතන තිබුණාට, සිසු දරුවන් දහස් ගණන් හිටියට මගේ තාත්තා ජීවිතය පටන්ගත්තේ මං මේ කතාව කියන රත්මලාන සී. පී. ද සිල්වා මාවතේ මගේ ගෙදරට ටිකක් එහායින් තියෙන අපේ මහගෙදර. තනියෙන්ම සතුටින් ඒ මහගෙදර හැදුවේ මගේ අම්මයි තාත්තායි එහිම කම්කරු භූමිකාව රගමින් කීවොත් ඔබ පුදුමවෙයි. ඒ මහගෙදර මගේ අම්මා තවම ඉන්නවා.

* ලෝකයේ සුන්දරම දර්ශනය

මේකේ බිත්ති බඳිනකොට බදාම ගහනකොට දෙන්නා එකතු වෙලා මේක කරන දර්ශනය පොඩි එකා මට පෙනෙනවා. ඒක තමයි මා ලෝකෙන් දුටු සුන්දරම දර්ශනය. බාස් කෙනෙක් ගෙනැත් තිබුණත් අත් උදව් කළේ මේ දෙන්නා. මගෙ අම්මයි තාත්තයි අතර රණ්ඩු සරුවල් නෑ. අම්මා දකුණේ කතක්නෙ. කතාකරලා තාත්තාට බේරෙන්න බෑ. ඒත් දෙන්නා අවබෝධයෙන් මතවාදයක් ගියත් නිමා කරගන්නවා.

අපේ තා්තතා පුත්තලමේ වනාතවිල්ලූවේ 11 කණුවෙ කජු වැව්වා මතකයි. තාත්තයි අපේ මහප්පයි (තාත්තගෙ අයියා) අක්කර 25 ගානේ දෙන්නම අරගෙන එහෙ කජු වැව්වා. පාන්දර බස්වල නැගලා ගිහිල්ලා සති අන්තයේ ඒ වැඩතමා කරන්නෙ. මේවාට මාත් සමහර විට යනවා. අම්මත් යනවා. උදේ ඉඳන් රාත‍්‍රි වෙනකම් වැඩ කරනවා. දහවල බතට පෙර හෝ සවස් කාලයට හීනියට මධුවිත ටිකක් සප්පායම් වීමටත් තාත්තා කැමැතියි. දෙන්නාම යහළුවන් වගේ හිටියෙ.

* චිත‍්‍රසේන වජිරා කලායතනයට  අවුරුදු පහේදී ගෙන ගියා

තාත්තා මට යම්තම් අවුරුදු 5 විතරදී තමයි චිත‍්‍රසේන, වජිරා කලායතනයට ගෙන ගියේ. මුලින්ම කාලයක් මා එහි කළේ තෙයි පෑගුම විතරයි.

* කුලසිරි බුදවත්ත නර්තන ආචාර්යවරයා ළගට

එතුමයි තාත්තයි තකට තක. එතුමාත් මධුවිතට කැමති නිසා තාත්තයි එයයි ඉක්මනට යාළු වුණා. මේ යාළුකම නිසා මට නර්තන වින්‍යාස තවත් වැඩියෙන් කියා දුන්නා. මං වෙස් බැන්දෙ අවුරුදු 20 දී

* තාත්තා කළ එකම නර්තනය

අපේ පවුලේ ඥාතීන් අතර දරුවන් 10 ක් 12 ක් වෛද්‍යවරුන් ඉන්නවා. ඒ නිසා තාත්තාට එක් වතාවේම අදහසක් ආවා මාවත් වෛද්‍යවරයෙක් කරන්න. මට ඒ පැත්ත අල්ලන්නෙම නෑ. තාත්තා පොඩි දෙයක් තර්ජනාත්මකව කීවා. පුතා උසස් පෙළට පස්සෙ වෛද්‍ය විද්‍යාව හදාරන්න ඕනෑ කියලා. එතකොටත් මං නර්තනයේ යම් යම් දක්‍ෂතා පෙන්වමින් හිටියෙ. අපේ ලොකු අම්මා (තාත්තාගේ අයියාගේ නෝනා) කිරිබත්ගොඩ විහාර මහා දේවි විදුහලේ මුල්ම විදුහල්පතිනිය. අමරා වික‍්‍රමසිංහ එතුමිය සැරයි. අපේ ලොකු තාත්තා වගේමයි. එතුමිය අපේ තාත්තාට කිවා උපාලි චන්දනට එ් මග යන්න දෙන්න. එයාගේ චලන ටික මුදාහරින්න සුදුසු පිළිවෙළක් හදන්න එතුමිය කීවා.

*කථකලි නර්තනය

ඊට පස්සෙ තාත්තා මාව නවීන් ගුණරත්නගේ සාම මුද්‍රා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ කළා. අනතුරුව විශ්වභාරතියේ (තාගොග්ර්තුමාගේ) අධ්‍යාපනයට යැව්වා. අවුරුදු 4 ක් මා හැදෑරුවේ කථකලි නර්තනය. එහි ඉගෙන ගන්නාවිටත් මට තාත්තාව මැවී පෙනුණා.

එතුමා පුංචි සන්දියේදී මට සරමක් අමුතු විදියට අන්දලා ජටාවක් හිසේ බැඳලා කඩුවක් අතට දීලා කියනවා. මං බේර ගහන්නම් පුතා දන්නා ඇසුදුටු නැටුමක් නටන්න කියලා. තාත්තාගෙ බෙර සද්දෙට මාත් පාද තිය තියා එක් එක් නර්තන පෙන්නවා. මේ අවස්ථාව මට ඉහළ අධ්‍යාපනය ලබන විට නිතර මතක් වුණා.

* වැළවරකා අඹ රුසියා

අපේ තාත්තා වැළ වරකා, අඹ කන්න රුසියා. යාපනයේ චුන්නාකම්වලින් කත්තකොලම්බු ගෙනෙන්නෙ. වැළගෙඩිය එල්ලලා අපූරු ක‍්‍රමයකට මදුලක් වැටෙන්න නොදී ලස්සනට බේරගෙන කන්න තාත්තා දක්‍ෂයි. අපටත් මේවා උගන්වනවා. අපට කෙළින් කතා කරන්න උගැන්නුවේ තාත්තා.

ඒ කෙළින් කතාව නිසා තාත්තාටත් මටත් පාඩු සිදු වුණා. ඒ අයුක්තියට එරෙහිව හඬ නගන්න. නිශ්ශබ්දව සිටීම වරදක් කියලා තාත්තා අපට පෙන්නුවා. ඒ වගේම බොරුව වංචාව එතුමා පිළකෙව් කළා. පවුලේ ගැටලූ ආදියේදී මහප්පත් තාත්තත් ඉහළම විනිශ්චයකරුවෝ. ඒතුමාගේ රූමත් ඥාති සහෝදරියක් බඳින වෙලාවේ සිදු වූ මනාළ පාර්ශ්වයේ ප‍්‍රමාදයක් නිසා තාත්තා ඒ නැන්දාව පෝරුවට .තැබුවේ දම්පාට සාරියක් එක්ක. සුදු සාරිය ඇඳගන්න වෙලාව යනවා. නැකත පහුවෙනවා. ඒ කාලේ සිරිතක් තිබුණා මනාළියගේ සාරිය මනාළ පාර්ශ්වයෙන් ගෙනෙන්න ඕනෑ. මනාළ පාර්ශ්වය පරක්කු වී පැමිණි නිසා නැකතට අර දම්පාට සාරිය එක්ක පෝරුවට නැග්ගුවා. ඒ වගේ කෙළින් විනයගරුකව වැඩ කළේ. මොහොතක්වත් වෙලාව පහු කළේ නෑ.

* තාත්තා මේ රටේ ඉපදෙන්න එපා

මගේ ජීවිතයේ ඉහළම නගිනකොට තාත්තා අපට අහිමි වුණා. ඒ නිසා තාත්තාට හරියට සලකගන්න මට බැරි වුණා. ඒ පශ්චාත්තාපය මට හැමදාම තියෙනවා. ඒත් තාත්තා නැවත සංසාරෙදී හමුවෙන්න කියලා මා පතන්නෙ නෑ. එතුමා නිවනට යන්න ඕනෑ. ඉපදුණත් මේ රටේ නම් ඉපදෙන්නට එපා. ඒ අයට මේ රට සුදුසුම නෑ. මිනිසුන් වෙනුවෙන් වැඩකරන නායකයන් කවුරුවත් මේ රටේ බිහිවෙන්නේ නෑ. ඉපදුණෙත් දුක විතරමයි ඒ අයට තියෙන්නෙ.

* ජීවත් වූ සමාජවාදියා පිරිසුදුයි

එතුමා හොඳ ඉංගිරිසි ගුරුවරයෙක්. මගේ සාමාන්‍ය පෙළ විභාගයෙත් ඉංගිරිසි කියා දුන්නෙ මාස 3 ක් ඇතුළතයි. ඒ මං කට්ටිපනිමින් සිටි නිසයි. ඒත් මට විශිෂ්ට සාමාර්ථ ඒ විෂයටත් ලැබුණා.

* උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment