* පාකිස්තානයේදී අන්තවාදීන් අතින් ඝාතනය වූ පි‍්‍රයන්ත කුමාරගේ බිරිද කියයි
පාකිස්තානයේදී ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 235 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එලෙසම ඔහු සේවය කළ ආයතනයේ සේවකයන් 900කට එරෙහිව නඩු පැවරීමටද පන්ජාබ් පොලිසිය කටයුතු කරමින් සිටී.
ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ටී‍්‍රස් නම් පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී ඉකුත් සිකුරාදා (03දා) පෙරවරුවේ මෙලෙස කෲර ලෙස ඝාතනයට ලක්විය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු සඳහන් කළේ ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද දිනයේදී දී මෙරටට රැුගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ඔහුගේ දේහය ඊයේ ලාහෝර් නුවරට රැුගෙන විත් තිබිණි. සියල්කෝට්හි රෝහල් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ ඔහුගේ සිරුර රෝහලට රැුගෙන එන විට ඉතා දරුණු ලෙස පිළිස්සී තිබූ බවයි. ‘‘ශරීරය බොහෝ දුරට අළු වී තිබුණේ ’’යැයි ඔවුහු සඳහන් කරති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරූ ප‍්‍රියන්ත මහතා 2010 වසරේදී පාකිස්තානයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කාර්මික ඉංජිනේරු කළමනාකරුවකු ලෙස සේවයට එක්වී තිබුණි. ඔහු මියයන විට සේවය කරමින් සිටි පන්ජාබ් පළාතේ රාජ්කෝ ඉන්ඩස්ටී‍්‍රස් ක‍්‍රීඩා උපකරණ කම්හලට එක්වී ඇත්තේ 2012 වර්ෂයේදීය. ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ ගනේමුල්ල, වැලිපිහිල්ල හන්දිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ‘93 කණ්ඩායමේ උපාධිධරයකු වන ඔහු වයස අවුරුදු 14ක සහ 9ක පුතුන් දෙදෙනකුගේ පියා ද විය.
ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ බිරිඳ නිරෝෂි දසනායක බීබීසී සිංහල සේවයට මෙලෙස ප‍්‍රකාශ කර තිබිණි. ‘‘මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. පිටරට මෙච්චර සේවය කරලා මිලේච්ඡු විදියට ඝාතනය කළ බව මම නිවුස්වලින් දැක්කේ, ඊට පස්සේ මං අන්තර්ජාලයෙනුත් දැක්කා. බොහොම අමානුෂික ලෙස ඝාතනය කරනවා. මම ශ‍්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමාගෙන් ද පාකිස්තාන රජයේ ජනාධිපති සහ අගමැතිතුමාගෙන් ද මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් කර මගේ මහත්තයාට සහ දරු දෙදෙනාටත් යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා’’ මේ පුවත සැලවීමත් සමග ප‍්‍රියන්තගේ නිවසට ගිය නෑ හිතමිතුරන් හමුවේ ඇය ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියාට වූ විපත ලොව කිසිම කෙනකුට අත්විය යුතු නැති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්තශාලා සේවකයන් කළ චෝදනාවක් මුල්කරගෙන ඔහු මරාදමා ඇති බවය. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන මුහම්මද් බෂීර් පවසන්නේ, ප‍්‍රියන්ත කුමාර දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්තශාලාව තුළ කටකතා පැතිර ගොස් තිබුණු බවයි. සිකුරාදා උදෑසන සිට මෙම ආයතනයේ නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වූ නමුත් නිසි ආරක්ෂක පියවර එම අවස්ථාවේදීම නොගෙන ඇති බවත්, කාලයත් සමග විරෝධතාකරුවන් සංඛ්‍යාව වැඩිවූ බවත් පාකිස්තාන ප‍්‍රාදේශීය මාධ්‍යවේදී යසර් රාසා සඳහන් කරයි.
පන්ජාබ් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක හසාන් කවාර්ගේ ට්විටර් සටහනකට අනුව, මේ වන විට හඳුනාගෙන ඇති ප‍්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉඞ්රීස් සහ උස්මාන් රෂීඞ් යන දෙදෙනායි. පන්ජාබ් පොලිසිය ප‍්‍රධාන සැකකරු වන ෆර්හාන් ඉඞ්රීස්ගේ ඡුායාරූප මාධ්‍යයට නිකුත්කර ඇත. පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නිල ඇඳුම් සකස් කිරීම සිදුවන්නේ ද ප‍්‍රියන්ත සේවය කළ ක‍්‍රීඩා උපකරණ කම්හලෙනි. කෙසේවෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිකුරාදා දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘සියල්කෝට්හි කර්මාන්තශාලාවකදී නීතිය සියතට ගත් කණ්ඩායමක් එල්ල කළ ගොරතර ප‍්‍රහාරය සහ ශ‍්‍රී ලාංකික කළමනාකරුවකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්තානයට ලැජ්ජාසහගත දිනයක්’ බවයි. තමා මෙම විමර්ශනය අධීක්ෂණය කරන බවත්, වගකිවයුත්තන් සියලූ දෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, අත්අඩංගුවට ගැනීම් දිගටම ක‍්‍රියාත්මක බවත් පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩය හරහා කියා සිටියේය.
පාකිස්තාන හමුදා ප‍්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඞ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකියි. ‘එය ලැජ්ජාසහගත සිදුවීමක්’ ලෙස හඳුන්වන ඔහු, අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක‍්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ප‍්‍රකාශ කර තිබේ. මියගිය ප‍්‍රියන්තගේ පවුලට වන්දි ලබා දෙන බව පාකිස්තාන රජය ප‍්‍රකාශ කර තිබේ.
චතුර පමුණුව