මඟහරින්න ගිය පෙම්වතාට පෙම්වතිය පාඩමක් උගන්වයි

966


වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතියක ලබන විසි දෙක දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ගම්පොල නගරයේ මත්ස්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

ඇය ඔහු විශ්වාස කරමින් ආදරය කල ද කාලයක් ගිය පසු ප්‍රේමවන්තයා ඇයව අත්හරින බවක් දැනී තිබේ. මේ පිළිබඳව ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස් නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූප ද මුහුණු පොතේ පළ කිරීමට ද කටයුතු යොදා ඇත්තේ ඔහු තමාගේ බව හැඟවීමටය.

මෙයින් කිපී ඇති තරුණයා එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා ඇයට පහර දී ඇති අතර මේ පිළිබඳව ඇගේ මව හා සහෝදරයාද දැනගෙන සිද්ධියට මැදිහත්වී තිබේ.

ඒ අනුව තරුණියගේ මව හා සොයුරා මෙම තරුණයා ව්‍යාපාර කරන ගම්පොළ පොදු වෙළඳපොළ වෙත පැමිණ ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී මොහු පෙම්වතියගේ සොහොයුරාට පහර දී තිබේ.

එහිදී පහර කෑ පුතාව මව විසින් රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව තරුණිය සිදුකර ඇත්තේ සඟවාගෙන සිටි පිහියක් රැගෙන පෙම්වතාට පහර එල්ල කිරීමය. එයින් තුවාලවූ පෙම්වතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

අසල සිටි පිරිසක් තරුණිය මෙල්ල කර ඇති අතර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


advertistmentadvertistment