මඟුල් ගෙදර ඩාන්ස් කළ පොතුපිටියේ තරුණයා බිම වැටී මියයයි

75

විවාහ මංගල උත්සවයකට සහභාගී වී නටමින් සිටි 24 හැවිරිදි තරුණයකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි එස්.එච්. නිශාන් ලක්ෂාන් ජයරත්න නමැති තරුණයකු මෙලෙස මියගොස් ඇත.

පෙරේදා (13) පානදුර, ගොරකාන ප‍්‍රදේශයේ හෝටලයක පැවති සිය මිතුරියකගේ විවාහ මංගල උත්සවයකට ඔහු සහභාගී වී සිට ඇත.

එහිදී නර්තනයේ යෙදී සිට හදිසියේ බිම ඇද වැටී පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇත. පීසීආර් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිසිය සහ පානදුර රෝහල් පොලිස් සැරයන් එම්.එන්. ධර්මරත්න මහතා (55323) පරීක්ෂණ පවත්වයි.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment