ගල්යුගයෙන් එඩේර යුගයට එතැනින් වාරික්‍රමයේ දියුණු තත්ත්වයට පත්වූ මිනිස් වර්ගයා ක්‍රමයෙන් චාරිත්‍ර වලට ඇබ්බැහි වුණා. එනම් දෙමවුපියන් නැමැදීම, වැඩිහිටි නැමැදීම, බුදුන්ට දෙවියන්ට ගෞරව කිරීම, වැඳුම් පිදුම් කිරීම යන යහපත් දේට පුරුදු වුණා. මේවා විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් ලැබුණු දායාද බව සමහර පොත්වල සඳහන් වනවා. වැඩිපුරම ක්‍රි.පූර්ව 03 වන ශතවර්ෂයේ දේවානම්පියතිස්ස රජසමයේ බෞද්ධාගමික මිශ්‍රිත වූ ජනජීවිතයක් රට පුරා ස්ථාපිත වුණා. මේ කාලසීමාවේදී සංස්කෘතික පෙරලියක් ඇති කළේ මහින්දාගමනයයි. මීටම සමගාමීව සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීමද වැදගත් කොට සැලකිය හැකියි. මෙම සිදුවීම් රැසින් අප දිවයිනේ චාරිත්‍ර ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පැවැතුණි. ක්‍රමයෙන් දියුණු තත්ත්වයට පත්වූ චාරිත්‍ර මිනිස් වර්ගයාගේ පවුල් තුළටද සම්බන්ධ විය. විවාහ මංගල උත්සවවලදී මඟුල් පෝරු චාරිත්‍රද විශේෂ තැනක් ගනී.
මේ පෝරු චාරිත්‍රය කවදා කාගෙන් ආරම්භ වුණාද යන්න නිසැකයෙන්ම කිසිදු පොතක සඳහන් වී නොමැති තරම්ය. සමහර පොත්වල සඳහන් පරිදි යසෝධරා/සිද්ධාර්ථ පෝරු චාරිත්‍රය ඔක්කාන බැමිණි කුල පෝරු චාරිත්‍රය, මහසම්මත රජ දරුවන් සඳහා වූ මඟුල් පෝරුව ලෙසින් මඟුල් පෝරු චාරිත්‍ර ආරම්භ වූ බවට සාක්‍ෂි ඇත. නමුත් මූලිකත්වය ගැන හරිහැටි සඳහන් නොවුනද දින නියමයන්ද සඳහන් වී නැත. නමුත් පෝරු චාරිත්‍රයෙන් ඇති ඵලප්‍රයෝජන මැනැවින් පැහැදිලි වී ඇත. මෙය විශේෂයෙන් විවාහ සරණයකට සුදුසු වූ කුලවත් කාන්තාවන් උදෙසා ඉදිකරන මුත් චාරිත්‍රානුකූල දේවල් රාශියකි. කුල කුමාරයාටද පෝරු මශ්ථකප්‍රාප්තියට පෙර වූ තහංචි කීපයක් පැනවීමක් නැතුවම නොවේ. යසෝධරා සිද්ධාර්ථ පෝරු චාරිත්‍රය අනුව මෙම මඟුල් පෝරුව සොළොස් රියන් දික්වූ බවත් එය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් සාදන ලද බවත් සඳහන් වේ.
මෙම පෝරුවට හෙලීම සඳහා රන්, නිල්, කහ, සුදු වස්ත්‍ර වලින් උඩුවියන් බැඳ පරසතු, කඩුපුල්, මදාරා, ඈඹුල, ඉඹුල, ඕලු නෙලුම්, සපු නා පනා, කොබෝලීල වැනි ඉතා වටිනා දුර්ලභ වර්ගයේ මල් වර්ග අතුරා යුවල ඒ මත සිටුවා පෝරු චාරිත්‍රය කලා යැයිද යුවලගේ අත නූල් ගැටගැසීම රන් හුයකින් සිදුකළ බවත් අතපැන් වත් කිරීම රන් කෙන්ඩියකින් පිරිත් පැන් වත්කළ බවට මඟුල් පෝරු චාරිත්‍ර පොත්වල පැහැදිලිව සඳහන් වේ.
එනමුත් වර්තමානයේ මේ හා සමාන දේ සොයා ගැනීමට ඇති අපහසුතාවය පෝරු චාරිත්‍ර නොවෙනස්ව පැවැත්වීමද එහි තබන ද්‍රව්‍යවල කිසියම් අඩුවක් ඇති බවද කිව යුතුමය. එම නිසාම සාමාන්‍ය ජනයා උදෙසාම කරන පෝරු චාරිත්‍රය මේ දක්වාම නොවෙනස්ව කරගෙන යනු ලබයි. මේ ආකාරයට පෝරු චාරිත්‍රය කිරීමෙන් නව යුවලට පිංවත් දූ පුතුන් ලැබීමෙන් ජීවිතය සර්වප්‍රකාරයෙන් වාසනාවන්ත වීමට සියලු බාධක ඉවත්වන බව දැනගත යුතුමය. අටසොලොස් විය පසුකරන ඇය පූර්ණ චන්ද්‍රයා හා සමානව පියකරුව සියලු චාරිත්‍ර අභිබවා පෝරු චාරිත්‍රයට පා තබන්නීය. එනම් සඳහන් කළ පරිදි වර්ණවත් වූ රෙදි වලින් උඩුවියන් බැඳ පෝරුවට සකසා ඇති පිරිසිදු සුදු රෙද්දකින් වසන ලද කිරිලෑල්ල මත වී, පොරි, මල්, කාසි, ඊතන වැනි දෑ හෙලා නියමිත වූ නැකැත් වේලාවට ඈ සරණය කරගන්නා කුල කුමරුන්ට වම් දෙසින් ඈ වඩා සිදුවා පෝරු චාරිත්‍රය ආරම්භ විය යුතුය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන පරිද්දෙන් මෙම කටයුත්ත ඇයගේ ආදරණීය පියා විසින් හෝ ඇවැස්ස මාමා කෙනකු විසින් බෙර සක්හඬ මැද්දේ සිදුකරන්නෙකි. එවෙලෙම පෝරු මාමා විසින් එම පෝරු චාරිත්‍රයට උචිත ස්ලෝකයෙන් පෝරු චාරිත්‍රය ආරම්භ කළ යුතුවේ. යසෝධරා අශ්ඨකයෙන් මෙම චාරිත්‍රය කරනුවේ නම් “ශක්‍රානු නයනේ – පුල්වන් මහේසඃ – නිත්‍යං යසෝධරා ජින සම්බ දානං යනුවෙනි. මීළඟට පෝරු මාමා විසින් කළ යුත්තේ පෝරු චාරිත්‍ර කරගෙන යෑම සඳහාත් නව යුවලට ආශිර්වාද කිරීම සඳහාත් දෙවියන්ට ග්‍රහ යනාදීන්ට කන්නලව් කිරීමයි. එයින් නව යුවලට දේව ආශිර්වාද නොඅඩුව ලැබෙන බව පොතපතේ සඳහන් වේ.
විශේෂයෙන් මෙම ස්තෝත්‍ර ගායනා කර ආශිර්වාද ලබාගැනීමේදී සතර වරම් දෙවියන්ගේද, පත්තිනි මෑණියන්ගේද, අල්පේශාක්‍ය, මහේශාක්‍ය දෙවියන්ගේද නවග්‍රහධීන්ගෙන්ද, ගණදෙවියන් ප්‍රධාන කොට අනිකුත් අයගේද ආශිර්වාද ලබාගැනීම කළයුතුම කරුණක් වන අතර බලාසිටින ඥාතීන්ටද මහත් දිරියක් ගෙනදෙන චාරිත්‍රයකි.
මේ ආශිර්වාද කිරීමත් සමඟම මීළඟ කටයුත්ත වනුයේ මංගල මුදු දැමීම, මංගල තැල්ල බැඳීම, තැලිපිලි ඇන්දවීමයි. අත නූල් බැඳිය යුත්තේ රන් හුයකින් හෝ පිරිත් කළ තුන්පට කපු නූලකිනි. ඉන්පසුව රන් කෙන්ඩියකින් හෝ රන් ආලේපිත තඹ පිත්තල කෙන්ඩියකින් පිරිත් වතුරින් බඳින ලද දෑඟිලි හුය මතට ගාථා හෝ ස්තෝත්‍ර ගායනයකින් වත්කළ යුතුය. මෙයද කළ යුත්තේ සක් හඬ මඟුල් බෙර වාදනයක් තුළිනි. දැන් ඉතිරිව ඇත්තේ හුය ගලවා දැමීමයි. මෙම කර්තව්‍ය එක එක ආකාරයට නවීන අයුරින් අලුත් පෝරුමාමලා කරනව මම දැක ඇත. මෙම මංගල හුය නිකං ගලවා නොදැමිය යුතුවේ. එනම් හුය ගලවා දැමීමට පෙර සතර වරම් දෙවියන් සාක්‍ෂි ගතකොට කිසියම් හෝ බන්ධනයකට යටත් කොට මරණයෙන් මිස කිසිදා වෙන්නොවීමට ආශිර්වාද කර හුය පමණක් ගලවා දැමීම දක්‍ෂ පෝරු මාමාගේ සිරිතයි.
මෙම සිරිත අවසන්වූ ක්‍ෂණයෙන් ජය මංගල ගාථා යුවලට ඇසෙන සේ සැලැස්විය යුතුය. එනම් කන්‍යාවියන් හතර දෙනෙක් හෝ ඊට වැඩිදෙනකුගේ හඬින් ජය මංගල ගාථා ගායනා කළ යුතුය. අනතුරුව කුල කුමරුවා විසින් එම කන්‍යාවීන්ට එනම් ජයමංගල ගායනා කළ සතුටට තුටු පඬුරු – තෑගි බෝග ප්‍රදානය කර ඔවුන් සතුටු කිරීම පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රයකි.
මීළඟට ඇත්තේ කිරි කල හේලය පූජා කිරීමයි. මේ සිරිත මඟුල් දින කෙරෙන ඉතාම දුක්බර සෙනහසිකව කෙරෙන පව් ගෙවීමක් බව දත යුතුය. එනම් දසමසක් කුසේ තබාගෙන ලේ කිරි කර පෙව් අම්මාට කෘතගුණ සැලකීමක් නොහොත් පව් සමාකර ගැනීමකි.
පුරාණ ඔක්කාන රජ දවස මේ ඔක්කාන නම් බැමිණිය මෙසේ ඇයගේ දුක පැවසූ බවක් පැවසෙනවා. එනම්
“මා විඳපු දුකසේ – දුව දැඩිකලේ මලක් සේ – කුමරුනි
නිධං සේ – වදා ඇති කලේ දුව කෙතක් සේ” යනුවෙනි.
එවිට කුල කුමාරයාද “දසඑකහි මස සරි – උපන්දා සිට පෙව් කිරි – කච්චියක් රෙදි සරි – තෙමෙන්නට ඇත දුවට දුන් කිරි’ යනුවෙන් සුදුරෙදි කච්චියක් තම නැන්දනියට පූජාකල බව පොතේ සඳහන් වේ. මෙය කිරි කල හේලය පූජාව බව පැවසේ.
කාලවේලාව පසුකරමින් ඇති නිසා මීළඟට ඇත්තේ පෝරුවට හා දෙපාර්ශ්වයට බුලත් හුරුලු පූජාවයි. එනම් මනාප ඇති අමනාප නැති දෙපාර්ශ්ව ඥාතීන්ට බුලත් ප්‍රධානයයි. එම චාරිත්‍රය අවසන් වීමත් සමඟම පෝරු මාමා විසින් “එදා සිට මේ පැවැති සිරිතකි මඟුල් සක්වල මේලෙසින්.
යසින් පන්සිය කුමරු බිහිවී පසේ බුදුවුණු අනුහසින්
තොසින් මේ දෙදෙනාව පෝරුවේ සිටුවමින් සෙත්කල බලෙන්”
නොවී කරදර නොවී ලෙඩ දුක් ලැබී පිංවත් දූ පුතුන්” යනුවෙන් නව යුවලට ආශිර්වාද කළ යුතුය. පෝරුවෙන් බැසීමට කාලය එළඹී ඇති හෙයින් නැවත පෝරු මාමා විසින් “රන් පනන් පත් පඬුරු දලුමුර ඔප්පු කර ජය මංගලම්, සන්තොසින් මේ පුද දිවැස් ලා සිව්වරම් දෙව් මංගලම් – ගන්න දලුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙව් මංගලම් පෝරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියන් මංගලම්” යනුවෙන් යුවල පෝරුවෙන් බැසීමට අවසර ගත යුතුය. දැන් උදාවී ඇත්තේ නවයුවල පෝරුවෙන් බැස්ස වීමයි. මෙය මනමාලයා නැත්නම් කුල කුමාරයාගේ මාමා කෙනෙක් කළයුතුය. එවිටම නව යුවල පොලොව මත දෙපා තබනවාත් සමගම ගණ දෙවියන් උදෙසා තබා ඇති පොල්ගෙඩිය මන්නයකින් හෝ කැත්තකින් පලා වස් දුරුකළ චාරිත්‍රයෙන් සියලු පෝරු චාරිත්‍ර අවසන් වනු ඇත.
මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
පාරම්පරික ජ්‍යොතිෂවේදී
මොරටුව.
දුරකථන අංකය 0779870007.