මටත් ඒ රිදුම දැනුණා – කොච්චර කටුක වුණත් ඇත්තට මූණ දෙන්න මං කැමැතියි

480

මිදුණු විශ්වයේ වරේණ්‍ය සහ පාරදිගේ රෙහාන් ගැන උද්දික කියන කතාව
මේ ආදරේ පරිකල්පනීය යි. ආධ්‍යාත්මික යි

මේ දිනවල අපට ඔහුව රිදී තිරයේදී මුණගැසෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි නමැති නිර්මාණකරුවාගේ මිදුණු විශ්වය සිනමා සිත්තමේ වරේණ්‍ය ලෙසිනි. ඒ විතරක් නෙමෙයි ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරනු ලබන පාරදිගේ ටෙලිසිත්තමේ රෙහාන් අලුවිහාරේ ලෙසින්ද ඔහු පුංචි තිරයෙන් ඔබට හමුවට එනවා. මෙලෙස රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙන් ඔබ හමුවට එන ඔහු ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක් වන උද්දික ප්‍රේමරත්නය. ඉතිං අපි උද්දිකට මීවිත මෙලෙස ඉඩකඩ වෙන්කරන්න අදහස් කළා.

මටත් ඒ රිදුම දැනුණා - කොච්චර කටුක වුණත් ඇත්තට මූණ දෙන්න මං කැමැතියි

වරේණ්‍යට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හරිම උණුසුම්. හිතුවටත් වඩා හරිම ආදරණීයයි. නිර්මාණයක් හින්දා ශිල්පියෙක් අත්විඳින සුන්දරම හැඟීම්වලින් එකක් නෙ ප්‍රේක්ෂකයන්ගෙ ආදරය. අපිව ඔසවා තබන්නෙ ඒ ආදරය විසින් නේ.

‘මිදුණු විශ්වය’ පිටපත අතට ලැබුණම මොනවගේ සූදානමක් ද ඇති කර ගත්තේ ?

ඇත්තටම මට ඒක සංකීර්ණව දැනුණා. ආදරය කරන්න පුළුවන්, තිරය මත ආදරය මවන්න පුළුවන්, හැබැයි කාල තරණයකින් අතීතෙට ගිහින් ආදරය කරන්නෙ කොහොමද.. අපි ඉන්නෙ යුග දෙකක.. අඩු තරමින් අපි එකිනෙකා ස්පර්ශ කරනවද.. අපට අපිව දැනෙන්නෙ කොහොමද.. ඒ හැඟීම්වලින් විතරද…. ඔය වගෙ දහසක් දේවල් මට හිතුණා. හැබැයි ජයන්ත අයියා කාල තරණය ගැන අධ්‍යයනය කරල, පර්යේෂණ කරල නිර්මාණ කරපු කෙනෙක්. මං මගෙ ප්‍රශ්නවලට ඔහු එක්ක විසඳුම් හොයාගත්තා.

මටත් ඒ රිදුම දැනුණා - කොච්චර කටුක වුණත් ඇත්තට මූණ දෙන්න මං කැමැතියි

කාලය හරහා ආදරය ගැන කතා කිරීම ගැන මොකද හිතන්නේ?

අපි දන්නව සමහර පෙම්වතුන් කොච්චර දුර යනවද එක මිනිත්තු කීපෙකට තමන්ගෙ පෙම්වතිය බලල එන්න. පෙම්වතියනුත් එහෙමයි.. නමුත් ඒ භෞතික වශයෙන් කරන සජීව හමුවීමක්. මේක එහෙම නෙවෙයි. අර සමහර ආදර කතා තියෙන්නෙ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වගේ දැනෙන. මේකත් අන්න එහෙම දැනෙන, රිදෙන ආදරයක්. ඒක ලේසි නෑ, රඟපෑ මටත් ඒ රිදුම දැනුණා. ඔබටත් දැනෙයි.. රිදෙයි. මේ ආදරේ පරිකල්පනීය යි. ආධ්‍යාත්මික යි.

රඟපෑම යනු තමාවම ගවේෂණය කිරීම යන්න අකුරටම පිළිපදින නළුවෙක් හැටියට වරක් අධ්‍යක්ෂවරයා ඔබව හඳුන්වනවා. මොකද හිතෙන්නේ?

මං මුලින්ම හිස නවනව ඒ ඇගැයීමට. ඔහු ඔය කියන ගවේෂණය සරලව කිව්වොත් මෙහෙමයි. මොන චරිතයක් ගත්තත් ඒක නිවැරදිව ප්‍රතිනිර්මාණය කරන්න නං අපි ඒ චරිතය ඇතුළට යන්න ඕන. කොටින්ම, ‘මේක මට උණා නං..’ ඔතන ඉඳන් නෙ හිතන්න වෙන්නේ. බුදුහාමුදුරුවො කිව්වෙත් අනිත් අය ගැන හිතනකොට ‘අත්තානං උපමං කත්වා’ තමා උපමාකොට හිතන්න කියල නෙ. හැබැයි අභියෝගය තමා, කිසිම දවසක නොවෙච්ච දේවලුත් එහෙම ග්‍රහණය කරගන්න සිද්දවෙන එක. එතකොට, ඒ ඒ චරිතවල තියෙනව අපට සමාන, අපට සමීප වෙන්න පුළුවන් තැන්. ඒ වගෙ තැනකින් අල්ලගෙන අනිත් සියලු හැඟීම් මවාගන්න වෙනවා. ජයන්ත අයියට දැනෙනව ඇති මං ඒකට කැපවුණා කියලා..

රාජිනී ගැන මොකද හිතන්නෙ?

රාජිනී නෙවෙයි, මං උදාරි ගැන කියන්නම්. උදාරිත්, මාත් පළමුවරට සිනමා පටයකදි හමුවෙන්නෙ. ඇය රාජිනීව වටහාගත්ත විදිය, මට පහසුවක් වුණා. ඇය ලොකු කැපකිරීමක් කළා ඒ වෙනුවෙන්. උදාරි හරිම දක්ෂ යි. ඇයත් මාත් අතරෙ හොඳ දබ ිජරුැබ ජයැපසිඑරහ එකක් ගොඩනැගිලා තියෙනව ද කියල ඔබයි කියන්න ඕන. අපි රඟපෑවා.. දැනෙන්න ඕන ඔබට.

ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්ෂවරයෙකු හමුවීම ගැන මොකද හිතන්නෙ?

සාංසාරිකයි.. දෛවෝපගත යි. හැම නළුවෙකුටම ඉන්නව එහෙම තමන්ගෙ ප්‍රතිරූපයට තද බලපෑමක් එල්ල කරන නිර්මාණකරුවෙක්. මගෙ සිනමා ජීවිතේ නං, ඒ ජයන්ත අයියා. අනික, වරේණ්‍ය තුළ ඉන්නෙත් වැඩි කොටසක් ජයන්ත අයියම තමයි. ඔහු ්ජඑදර එර්සබැර කෙනෙක්. මිනිස් ජීවිත සියුම්ව කියවන්නෙක්. සේරටම වඩා ඔහු හරිම භාවාතිශය, පරිකල්පනීය ප්‍රේමවන්තයෙක්. ඔහු මේක පිළිගනී ද මන්දා, නමුත් මට හිතෙනව, සිනමාකරුවෙක් තමාවම ප්‍රතිනිර්මාණය කරගැනීමේ දුර්ලභ අවස්ථාව ද ජයන්ත අයිය මට දුන්නෙ කියල.

සමනළ සංධ්වනියෙ හිටපු සංගීතඥයා මිදුණු විශ්වයෙදි වෙනස්ම පරාසයකට යනවා..?

ඔව්. නමුත් මේ හැම චරිතයක්ම මිනිස් හැඟීම්වල ප්‍රකාශන. සිනමාවේදී ස්ටීවන් ස්පිල්බර්ග් කියනව නළුවෙකුගෙ ප්‍රබලම රහස වෙන්නෙ, ඔහුගෙ පරිකල්පනය සහ කුසලතා කියලා. පරිකල්පනයෙන් පොහොසත් වෙන්න ඕන අධ්‍යක්ෂවරයා විතරක් නෙවෙයි, රංගන ශිල්පීනුත් ඒ පරිකල්පනීය ඉසව් ග්‍රහණය කරගත යුතුමයි. මං ඒක විශ්වාස කරනවා. කිසියම් නිර්මාණවේදියෙක් මාව චරිතයකට තෝරගත්තම ඒකට උදම් අනන්න කලින් මම හිතන්නෙ, මං ඒකට සුදුසු ද.. ප්‍රාමාණික ද කියලා. ඒ ස්වයං තක්සේරුව නැතුව ගමනක් යන්න බෑ.

උද්දික එක්ක කතා කරනකොට පාරදිගේ රෙහාන් ගැනත් කතා නොකර බැහැ?

රෙහාන් අලුවිහාරේ කියන්නෙ මහ ප්‍රාතිහාර්යයක් නෙවෙයි, පාර දිගේ පුංචි, වෙනස් වැඩක්. එකම දේ මගෙ ආදරණීය ප්‍රේක්ෂකයන් හිතපු නැති වෙලාවක මං ඒ වගෙ චරිතයකින් ඔවුන් ළඟට ආපු එක. සිවා (ජයප්‍රකාශ් සිවගුරුනාදන්) අයියට ස්තුතිවන්ත වෙන්න ඕන එතනදි. ඔහු මාව තේරුම් ගත්ත, මට ලොකු නිදහසක් දෙන අධ්‍යක්ෂවරයෙක්. අනික, පාරදි ගේ කියන්නෙ මිනිස්සු පුදුම ආදරේකින් බදා වැළඳගත්ත නිර්මාණයක්. මට ඒක පුදුම හිතෙන තරම්. ඒකෙන් මට දැනුණු දෙයක් තමා, මිනිස්සුන්ට ආදරේ කොච්චර ඕන ද කියන එක. සමාජයෙ මිනිස්සු අතරින් ආදරේ ගිලිහිලා යනව නං නිර්මාණවලින් හරි ආයෙ ඒ හැඟීම් අරන් එන්න ඕන. ඒ හෘදයංගම ගුණය හින්දම රෙහාන් මටත් සුන්දර අත්දැකීමක් වුණා.

පාරදිගේ රෙහාන් ඔබේ ජීවිතයට දැනෙන්නෙ කොහොමද?

ඕනම විවාහක පිරිමියෙකුගෙ ප්‍රාර්ථනය තමයි තමන්ගෙ බිරිඳ එක්ක ආදරෙන් ජීවිතේ බෙදාගන්න එක. මං ඒක මගෙ ජීවිතේදි අත්විඳින කෙනෙක්. රෙහාන් එක විවාහෙකින් බැටකාලා සරණිගෙන් උපරිම ආදරයක් අත්වින්දා. හැබැයි මම මොන තරම් වටිනා රස්සාවක් හෝ වෙන ප්‍රතිලාභයක් වෙනුවෙන් ඔහොම බොරුවක් මත පදනම් වෙලා ජීවිතේ පටලවා ගන්නෙ නං නෑ. කොච්චර කටුක වුණත් ඇත්තට මූණ දෙන්න මං කැමතියි.

නළු භූමිකාවෙදි ඔබට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාර ද..?

ජීවිතේ එතෙක් මෙතෙක් ලැබෙන ආදරණීයම ප්‍රතිචාර තමයි ඒ. ඒකෙ ආයෙ දෙකක් නැහැ. ඒ ආදරේ විස්මිතයි.

උද්දික ප්‍රේමරත්නට නිර්මාණයක දී වැදගත්ම පිටපත ද..?

මහා සිනමාවේදී ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියනව, සාර්ථක චිත්‍රපටයකට කරුණු තුනක් වුවමනා බව. ඒ පිටපත, පිටපත සහ පිටපත..! ඇත්තටම නිර්මාණයක පිටපත කියන්නෙ ඒකෙ පදනම, කොඳු නාරටිය. ඔබ අහන්නෙ මට අනුව. මට හිතෙනව, මට ගොඩක් වෙලාවට වැදගත් අධ්‍යක්ෂවරයා කියන්න යන දේ. ඔහුත්, මාත් අතර තියෙන අන්‍යොන්‍ය අවබෝධය අනුව, මට හිතුණොත් පිටපත ඉක්මවූ දෙයක් කරන්න, එයින් අපේ නිර්මාණය වඩා පොහොසත් වෙයි කියලා, මං අනිවාර්යයෙන්ම ඔහුට යෝජනා කරනවා. දර්ශන තලයකදි පිටපත අතික්‍රමණය වෙන අවස්ථා තියෙනවා. හැබැයි, ඒ සේරම අධ්‍යක්ෂවරයාගෙ අභිමතයට එකඟව.

ටෙලිනාට්‍යයක් තෝරාගැනීමෙදි ඔබ හරි පරිස්සම් වෙනවා නේද..?

ඔව්. මට ටෙලිනාට්‍ය ගොඩක් වෙනුවෙන් කාලය කැපකරන්න බැහැ. කරන නිර්මාණය පොදු රසිකයාට විඳින්න දෙයක් තියෙන එකක් වෙන්න ඕන. අනික, අවසානයේ මට තෘප්තියක් තියෙන්න ඕන. ඒ නිසා තෝරා ගැනීමක් කරන්නම වෙනවා.

උද්දික ප්‍රේමරත්න කියන ගායකයට මොකද වුණේ?

ගායනය කියන්නෙ කාලයක් මගෙ වෘත්තිය. හැබැයි ඊටත් වඩා, ගායනය මගෙ හිත නිවනවා. කොයි කලා මාධ්‍යයටත් වඩා මිනිස්සුන්ට ගීතය සමීපයි. මං මෑතකදි මගෙ අධික වැඩ අස්සෙත් ජදඩැර ඩැරිසදබ කීපයක් කළා. ඒ ආත්ම තෘප්තියට. මගෙම ගීත කීපයක් කරන්න ඕන.. හදිසියෙ බැහැ. දැනෙන නිර්මාණ ටිකක් වෙන්න ඕන.

උද්දික වඩා කැමැති සිනමාවට ද? ටෙලිනාට්‍යයට ද?

ජනතාව රසවිඳින, ප්‍රමිතියක් තියෙන ඕන කලා මාධ්‍යයකට මං කැමතියි. සිනමාව උසස්, ටෙලිනාට්‍ය බාලයි කියල මට කියන්න බැහැ. ප්‍රමිතියෙ ප්‍රශ්න තියෙනවා. ඒත් සිනමාව කර්මාන්තයක් හැටියට දියුණු වෙලා නැති අපේ රටේ සිනමාව ගැන ලොකු කතා කිය කිය ඉඳලා වැඩක් නැහැ. සිනමා හෝ ටෙලි ක්ෂේත්‍රවලින් මට ලැබෙන පිටපතක පොදු රසිකයාට විඳින්න දෙයක් කළ හැකි නම් මං කරනවා. අපේ වගේ රටක සිනමාව වෙනුවෙන් විතරයි කියල උන්නොත් අපි නිකම්ම වයසට ගිහින් ඉන්නත් පුළුවන්. කුසලතා තියාගෙන ගෙදර ඉඳලා පලක් නැහැ, අපට විවර වෙන මොනවා හෝ ප්‍රශස්ත වේදිකාවක් භාවිත කරන්නම වෙනවා.

උද්දික ප්‍රේමරත්න මෙතෙක් ආ ගමන ගැන ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

මට තෘප්තියක් තියෙනවා. සීයට සීයක තෘප්තියක් මේ ලෝකෙ කාටවත් නැතුව ඇති නේ. අනික, මට හිතෙනව අපි විඳපු දුක, අපි කාපු කට්ට.. ඕවා කතා කරල වැඩක් නැහැ. අපේ අනාගත පරම්පරාව සුබවාදී තැනකට ගෙනියන්නයි ඕන. කලා කුසලතාවලින්, තාක්ෂණික දැනුමෙන් අපේ ක්ෂේත්‍රය පොහොසත් වෙන්න ඕන. ගෙවිල ගිය යුගවල විචිත්‍රත්වය, අභිමානය කිය කිය ඉන්න එක අපේ පුරුද්ද නේ. නිසැකවම ඒවා විශිෂ්ටයි. නමුත්, ඒ අතීත වටිනාකම් අරගෙන අනාගතයත් ස්වර්ණමය යුගයක් කිරීමයි කළ යුතු. ඒ වෙනුවෙන් අපේ පසු පරම්පරාව පෙළගැස්විය යුතුම වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment