මටත් දැන් මහන්සියි…

210

පිටට ඇලි කුසපොත්ත…
පුරවන්න කැකුලන්ගෙ…
වහං වී සතුනගෙන්…
සරණ කල මහ වනේ…
‘‘හීන්’’ කෙඳිරියක්වත්…
නෑ නැගුවෙ කිසි දිනේ…

සිදාදියෙ සුවපහසු…
මන්දිරද – වාහනද…
නොතකමින් – නොසොයමින්…
නියඟයෙන් බැටකමින්…
මහ පොළොව හූරමින්…
බුදින්නට යම් දෙයක්…
සොයන කල දිවිමගේ…
‘‘හීන්’’ මැසිවිල්ලකුදු…
නෑ නැගුවෙ කිසි දිනේ…

වම් උරේ නිතර රැඳි…
කෙටි පොරව තරම්වත්…
බරක් දුන්නෙ…
නම් නැහැනෙ…
මයෙ මැණික කිසි දිනේ…

වරිග පොජ්ජ රැකගන්න
මහහූරලා එක්ක…
සටන්වැදි ඒ දිනේ…
මගෙ එකම හේමලය…
ලෙසින් උන් ‘‘හින්නියේ’’…

තවත් නම් බැහැ යන්න…
උඹ නැතිව මේ ඉමේ…
මටත් දැන් මහන්සියි…
මයෙ මැණික හින්නියේ…

පරාක‍්‍රම ලක්ෂ්මන් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment