මම ශිෂ්‍යත්වය ෆේල්
ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත හරි පුදුමාකාර විදිහට තමයි වෙනස් වෙන්නේ. ශිෂ්‍යත්වය අසමත් වුණු මේ පුංචි කොලූ ගැටයාගේ අනාගත ඉරණම විසඳුනේද පුදුම විදිහට. ඔහු නමින් කුසල් මධුරංග. හැබැයි මෙයාව ගොඩක් දෙනෙක් දන්නේ බණ්ඩා කිව්වහම. බණ්ඩලා වගේ චරිත අපිට පාර දිගේ ඇවිදගෙන යන කොට ඕනෑ තරම් මුණගැසෙනවා. හැබැයි අපි මේ කියන්න හදන්නේ ඒ වගේ බණ්ඩලා ගැන නෙමෙයි.
පාරදිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතයට ජීවය දෙන කුසල්ගේ කතාව.
* කුසල් කියලා කතාකරන්නද? නැත්නම් බණ්ඩා කියලා කතා කරන්නද?
බණ්ඩා කියන්නේ චරිතයක්. මම ඇත්තටම කුසල්.
* එහෙනම් කුසල්ගේ විස්තර ටිකක් කියමුකො?
මම හොරණ විiාරත්නයට තමයි පාසල් ගියේ. පාසල් කාලයේ පටන් වේදිකා නාට්‍යවල රඟපෑවා. සමස්ත ලංකා නාට්‍ය තරගාවලියට, රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට පවා නාට්‍යවල රඟපාලා තියෙනවා. මගේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි අප්පච්චියි. මගේ උපන්ගම නාවලපිටිය. දැන් පදිංචි වෙලා ඉන්නේ කහතුඩුවේ.
* කුසල්ට බණ්ඩාව මුණගැසුණේ කොහේදීද
පාර දිගේ නාට්‍යයේ බණ්ඩාගේ චරිතයට කෙනෙක් හොයනවා කියලා කිව්වහම ඩිලාන් වර්ණජිත් අයියා තමයි මා ගැන කියල තියෙන්නේ. ඊට පස්සෙ තමයි මට මේ නාට්‍යය ලැබුණේ.
* එතකොට බණ්ඩා වගේ චරිත හමුවෙලා තියෙනවාද?
බණ්ඩා වගේ චරිත පාරවල්වලදී හමුවෙලා තියෙනවා. ඇත්තටම මේ නාට්‍යයේ ඉන්න ගොඩක් චරිත සාමාන්‍යයෙන් පාරදිගේදී අපිට නිතර මුණ ගැසෙන චරිත. ඉතිං බණ්ඩලා වගේ අය මට මගේ ජීවිතයේදී මුණගැසිලා තියෙනවා. එච්චරම ගේම් කාරයෝ නොවුණාට මටත් ඉඳලා තියෙනවා බණ්ඩා වගේ යාළුවෝ. ඇත්තටම මටත් ඉඳලා තියෙනවා බණ්ඩා වගේ මිත‍්‍රයෙක්. මේ චරිතයේදී මට හම්බ වෙච්ච අයගේ මම දැකපු දේවල් සහ මට තියෙන අත්දැකීම් සමාජය ගැන තියෙන අත්දැකීම් හොඳට එකතු කරගන්න පුළුවන් වුණා.
* බණ්ඩාට ලැබෙන්නේ මොන වගේ ප‍්‍රතිචාරද?
මේ දවස් ටිකේ මට සෑහෙන හොඳ ප‍්‍රතිචාර තියෙනවා. මගේ මිත‍්‍රයෝ පවා කතා කරලා හොඳ කියනවා. ඇත්තටම බණ්ඩාට ලොකු ප්ලෑන් නැහැ. එයා ගේම්කාරයෙක් වුණත් හරි සාධාරණ මනුස්සයෙක්.
* බණ්ඩා අවසානයේ බන්ටිව කසාද බඳීවිද?
එහෙම නම් කියන්න දන්නේ නැහැ. බණ්ඩාට ඉස්සරහට මොකද වෙන්නේ කියලා හොඳටම දන්නේ පිටපත් රචක සද්ධාමංගල මහත්මයා තමයි.
* අධ්‍යක්‍ෂවරයා ඔබ ගැන මොනවද කිව්වේ?
මට එහෙම ලොකුවට ශිවගුරුනාදන් මහත්මයා එක්ක කතා කරන්න බැරිවුණා. හැබැයි චරිතයට වෙන්න ඕනෑ හරි දේවල් කියල දෙනවා. අනික එයා හැමවෙලේම ලොකු දේවල් කියන අධ්‍යක්‍ෂවරයෙක් නෙමයි. ශිවගුරුනාදන් කියන්නේ මට හම්බවුණ සොඳුරු ආඥා දෙන අධ්‍යක්‍ෂවරයෙක්. ලොකු කාරණා නොවුනාට හරි සියුම් කාරණා කියනවා ඒක හරි වැදගත්. මම ආධුනික කෙනෙක්. මට මගේ ඒ චරිතය හදා ගන්න අධ්‍යක්‍ෂවරයාගෙන් හම්බවෙන උදව්ව මාර විදිහට වටිනවා.
* ඔබ ටිකක් වේදිකාවට සමීප චරිතයක්?
මම ඉස්කෝලෙ කාලෙ ඉඳලා ස්ටේ‍්‍රජ් ඩ‍්‍රාමා තමයි කළේ. මේ නාට්‍යයත් එක්ක තියෙන කතාන්දරේ මම මුලින්ම පටන්ගත්තේ ඉස්කෝලෙන් මම ශිෂ්‍යත්වය ෆේල්වෙලා හොරණ විiාරත්නයට ආවට පස්සේ තමයි වේදිකා නාට්‍යවලට දොරටු විවර වුණේ. මුල්ම නාට්‍යයට මාව තෝරගත්ත වෙලාවේ තේරීම් අංශයේ හිටියේ ජනක් පේ‍්‍රමලාල් සර් සහ පුබුදු ප‍්‍රභාෂණ කුරුගල සර් . ඉතිං මාව අඳුරෙන් එළියට කියන නාට්‍යයට තෝරගත්තා. එතැනින් පස්සේ මම නාට්‍ය කිහිපයක රඟපෑවා.
* ඔබ ඇගයීමටත් ලක්වූ අවස්ථා එමටයි කියන්නේ?
මට පළමුවෙන්ම හම්බවෙනවා 2007 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය රංග කලා උළෙලේදී හොරගෙඩියා කියන නාට්‍යයට හොඳම නළුවාට හිමි සම්මානය . විවිධ සහතික සම්මාන හම්බවුණා 2010 වසරේදීත් මට හොඳම නළුවා සම්මානය හම්බවුණා, පාසල් සමස්ත ලංකා නාට්‍ය උළෙලේදීත්.
* එතකොට ප‍්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙන්නේ?
මම ඉස්කෝලෙ කාලයේදීම ධර්මපි‍්‍රය ඩයස් මහත්මයා ජුලියස් සීසර් වේදිකා නාට්‍යය කරනවා කියලා ඒකට ළමයි ටිකක් තෝරාගන්නවා කියලා පණිවුඩයක් එවලා තිබුණා. මාත් ගියා. ගියාට පස්සේ මාව ඒ නාට්‍යයට තේරුණා. ඒක තමයි මම ප‍්‍රසිද්ධ වේදිකාවට ආපු පළමු නාට්‍යය.
* මේ වෙනකොට නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවාද?
වේදිකා නාට්‍ය නම් හතළිහක විතර රඟපාලා තියෙනවා. උදයසිරි වික‍්‍රමරත්න මහත්මයාගේ නාට්‍ය වලත් වැඩකරලා තියෙනවා. තව මම වේදිකා පරිපාලන ශිල්පියෙක් විදිහට වැඩ කළා.
* ශිෂ්‍යත්වය අසමත්වීම ජීවිතයේ ලොකු වෙනසක් ඇතිකළා කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. මේක කියවන කෙනෙක් ඒක ඉතා හොඳ දෙයක් කියලා ගන්නේ නැතිවුණාට ඇත්තටම මට ඒක දැනුණේ වෙනස් විදිහට. මම කොහොමත් කුළුගැන්වෙච්ච මනුස්සයෙක්. හොරණ විiාරත්නයට ආවට පස්සේ මොකක්දෝ දෙයක් ලැබුණා.
* ඔබ වේදාකාවේ වැඩ කළත් තරුවක් නෙමෙයි නේද?
වේදිකාවේ වැඩ කළාට මට සම්මාන කිහිපයක් හම්බවුණා. අනික ඒක ලංකාවේ තියෙන කතාන්දරයක්. වේදිකා නාට්‍ය නළුවා කියා කෙනෙක් මිනිස්සු අතරට ලොකුවට දැනෙන්නේ නැහැ. ලංකාවේ වේදිකා නාට්‍ය බලන එක ඕඩියන්ස් එකක්් ඉන්නේ. 2019 යෞවන සම්මාන උළෙලේ මම හොඳම නළුවා හොඳම සහාය නළුවා කියන සම්මාන දෙකම ගත්තා. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට ආවේ. ඇත්තම කිව්වොත් වේදිකා නාට්‍යවල තරුවක් ටෙලිනාට්‍යවලට වැඩිය. ටෙලිනාට්‍යවලදී මිනිස්සු අතරට යනවා. මිනිස්සු දකිනවා ප‍්‍රතිචාර හරි සමීපයි.
දිනේෂ් විතාන