මට්ටක්කුලියේ ඝාතනය: ලුතිනන් කර්නල් අද තෙක් රිමාන්ඞ්

238

තමන් යටතේ සේවය කළ කෝප‍්‍රල්වරයකු සමග අනියම් සබඳතාවයක් පැවැත්වූයේ යැයි කියන ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීම හා එම ඝාතන කි‍්‍රයාවලිය මෙහෙයවීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් තනුජ සමන්ත තිලකරත්න මහතා අද (01 දා* දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ටී. ජේ. ප‍්‍රභාකරන් මහතා ඊයේ (30 දා* නියෝග කළේය.

තොටළඟ එල්ලේ කී‍්‍රඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ අකිල සම්පත් රත්නසිරි නමැති 36 හැවිරිදි තිදරු පියා පසුගිය අගෝස්තු 17 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ පරීක්‍ෂණවලදී කළුගල් ගැටගසා කාකදූපතේ ගඟේ ගිල්වා තිබියදී පසුගිය අගෝස්තු 20 දා ඔහුගේ මළසිරුර සොයාගත් බවත් මට්ටක්කුලිය පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් (39045) එච්. එම්. ඞී. එස්. කේ. හේරත් මහතා අධිකරණයට දැන්වීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන ග‍්‍රාමසේවා නිලධාරිවරිය හා ඇය සමග අනියම් සබඳතාවයක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇති කෝප‍්‍රල්වරයකු ඇතුළු යුද හමුදා සෙබළුන් 13 දෙනකු ද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ පොලිස් සැරයන්වරයා එකී ඝාතනය මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බව ද අධීකරණයට කීවේය.

පොලිසිය එල්ල කරන එම චෝදනා සිය සේවාදායකයා තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බව පවසා කරුණු දැක්වූ නීතිඥ සංජය ධනවර්ධන මහතා උතුරු නැෙ`ගනහිර ඇතුළු ප‍්‍රදේශවල වසර 24 ක විශිෂ්ට සේවා කාලයක් සපිරූ සිය සේවාදායකයාට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්‍ෂාවක් සැපයීමට නියෝග කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment