මට්ටක්කුලියේ ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනයේ සැකකරු වසර 5කට පසු දැලේ

274

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිය දරුවා සහ බිරිඳ ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියැදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ඝාතනය සිදුවී වසර 5කට පසු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි දී අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි නිශාන්ත නමැති අයකු බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කිරීමට ඝාතකයාට පෙන්වා ඇත්තේ මෙම සැකකරු බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඉකුත් 2017 වර්ෂයේ ජුනි මස 5 වැනිදා සිය දරුවා සහ බිරිඳ සමග ත්‍රීරෝද රථයේ යමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා ත්‍රීරෝද රථ රියැදුරු ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියැදුරුගේ බිරිඳ ලබාදුන් තොරතුරකට අනුව අපරාධ කොට්ඨාසය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment