මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ගොනු කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් තමා ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට සිය නීතිඥවරුන් කළ ඉල්ලීම එම අධිකරණය විසින් අවස්ථා කිහිපයකදී ප්‍රතික්‍ෂේප කර ඇති බවත් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ එම ඇප අයැදුම්පත මගින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට කියා තිබිණි. එබැවින් සිය ඇප අයැදුම්පත කඩිනමින් කැඳවා මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියගේ නියෝග ප්‍රතිශෝධනය කර තමා සුදුසු ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසටත් ඉල්ලා ගොනු කර තිබූ එම ඇප අයැදුම්පත සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවීමට නියමිතය.
ඒ.ජේ.ඒ. අබේනායක