මඩකලපුවට හා අම්පාරට මත්පෙති බෙදූ රෝහල් සේවකයා එස්ටීඑෆ් එකට කොටු

201

මඩකලපුව කල්කුඩා ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මඩකලපුව ශික්ෂණ රෝහලේ සේවකයකු කල්මුණේ ප‍්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 32 හැවිරිදි රෝහල් සේවකයකු වන මොහු මඩකලපුව – අම්පාර දිස්ත‍්‍රික්ක තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සතුව මත් පෙති 3,000ක් හා ජාවාරම සඳහා භාවිතා කළ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම මත් පෙති කල්කුඩා ප‍්‍රදේශයට රැුගෙන යෑමේදී වාලච්චේන කඩදාසි කම්හලේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු රහස් ඔත්තුවක් සමග ක‍්‍රියාත්මකක වූ එම නිලධාරීන් විසින් නිලාවේලි විශේෂ කාර්ය බළකාය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ. මොහු කොළඹ නියෝජිතයා සමග මත් පෙති ආනයන කර වසර 6ක් මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්කයේ අලෙවි කර ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්


advertistmentadvertistment