මඩකලපුවේ අනතුරකින් අයෙක් මියගොස් පස්දෙනකුට බරපතළයි

319

මඩකලපුව කිරාන් ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.

ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් මිය ගියේ මුරක්කෝටන්චේනයි දේවපුර ප්‍රදේශයේ පදිංචි සයදරු පියෙකු වන නල්ලරාසා නේසරාසා (අවු. 46) නමැති අයෙකි.

මුරක්කොටාන්න්චේනයි ප්‍රදේශයේ සිට කිරාන් නාගවත් වෙරළ ප්‍රදේශය දක්වා වෙරළ තීරයේ මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන ට්‍රැක්ටර් යන්ත්‍රයේ පස් දෙනකු ගමන් කරමින් සිටියදී පහත මෝටර් රථය ප්‍රධාන මාර්ගයේ සිට හරස් මාර්ගයට ට්‍රැක්ටර් යන්ත්‍රය හැරවීමේදී පසුපසින් පැමිණි කාර් රථය ට්‍රැක්ටර් යන්ත්‍රයේ ගැටීමෙන් ට්‍රැක්ටර් යන්ත්‍රයේ ගමන් කළ පුද්ගලයෙකු මිය ගිය අතර කාර් රථයේ රියැදුරා හා ට්‍රැක්ටර් යන්ත්‍රයේ සිටි සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෝටර් රථයේ පැමිණි පිරිස කළුතාවල විහාරස්ථානයට පැමිණ ඇත්තේ පූජාව සඳහා බව ද අනාවරණය විණ.‘

මෝටර් රථයේ රියැදුරු වාලච්චේන මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනෙක් දෙදෙනා සන්දිවෙලි දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තවත් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය සම්දිවෙලි දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු යොදා ඇත.

වාලච්චෙන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මඩකලපුව සමූහ – ටී. එල් ජවුෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment