මඩකලපුවේ වී අස්වැන්නෙන් 70 ක් මකර කටේ

106

ඉන්ධන අර්බුදය නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වැන්නෙන් 70% ක් විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

යල් කන්නයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම දැනටමත් ආරම්භ වී ඇති අතර දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට සිය අස්වනු නෙළීමේ කටයුතු සඳහා ඩීසල් නොමැතිවීම නිසා බරපතළ අර්බුදයකට ඔවුන් මුහුණ පා සිටින බව ද ඒ මහතා පවසයි. මෙවර යල් කන්නයේ අස්වනු නෙළීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් ඉන්ධන අවශ්‍යතාව දළ වශයෙන් ලීටර් පන්ලක්ෂයක් පමණ වන බවත් මෙතෙක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිවීම නිසා මෙසේ අස්වැන්න 70% ක් පමණ විනාශ වීමේ තර්ජනයක් පවතින බවය.

ඒ නිසා මේ සඳහා අදාළ විෂයභාර ඇමැතිවරයා වහාම මැදිහත් වී අස්වනු නෙළීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කළ යුතු බවත් පවසන අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසන්නේ මඩකලපුව දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස්වරයා විසින් දැනටමත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කොතෙක්ද යන්න ගණනය කර ඇති බවයි. රට අභිමුවේ ඇති ආහාර අර්බුදය යම් පමණින් හෝ විසඳා ගැනීමට මඩකලපු දිස්ත්‍රික්කයේ වී අස්වැන්න ඉතාමත්ම අත්‍යවශ්‍ය බැවින් වහා ඉන්ධන ලබාදීමට මැදිහත් වන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් තම සංවිධානය ඉල්ලා සිටින බව ද තෙන්නකෝන් මහතා පවසයි.

ජගත් කණහැරආරච්චි


advertistmentadvertistment