මඩකලපුව වී අස්වනු වලට ඉන්ධන හරස්වේ

212


මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී ඇතත්, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.
යල කන්නයේ අස්වනු නෙලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඩීසල් ලීටර් 20,275,000ක් ඉල්ලා ඇතත්, මේ වනතෙක් ඒ සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකර නැත. එම නිසා පැසුණු ගොයම් කුඹුර තුළම විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


advertistmentadvertistment