මඩම්පැල්ලේ කටුලන්ද මඩු පල්ලිය

326

1986 වසර යනු රාජ්‍ය ත‍්‍රස්තවාදය ද බෙදුම්වාදයේ භීෂණය ද උපරිම මට්ටමින් පැවැති යුගයකි. විශේෂයෙන් කතෝලික භක්තිකයනට සුන්දර වූ මඩුවන්දනා ගමන, අවලංගු වී තිබූ යුගයකි. එහෙයින් මෙම කාලයේ නොයකුත් පෙදෙස්වල මඩු සිද්ධස්ථාන බිහිවෙමින් තිබිණ. එහෙත් ඒ සුන්දර පරිසරයට සමකළ හැකි ස්ථාන ඒ අතර නොවීය. මෙම කාලයෙහි කටුලන්ද නම් මහ වනාන්තරයකින් සැදී පුංචි ගම්මානයක් තුළ අහන්බෙන් මෙන් මඩු වන්දනා ස්ථානයක් බිහි විය.

1985 වසරේ හල්පෙ මීසම්පතිව සිටි එච්. ඞී. ඇන්ටනි පියතුමා සහ උන්වහන්සේගේ සහායක පියතුමා වශයෙන් සිටි මොරිස් ලෙස්ලි පියතුමා හල්පෙ මීසමේ කෙළවරේ තිබූ මෙම කටුලන්ද නම්වූ

ගම්මානයේ පවුල් බැහැදැකීමට පැමිණුනේය. මඩ වගුරු සහිත පාරවල් එරමිණියා ගාල්වලින් යුත් වනාන්තර, විදුලි ආලෝකය නොමැති ගම සියල්ලන් ගෙන් කොන්වී මෙන් තිබූ, මෙම ගම්මානය දැක උන්වහන්සේලා කම්පා විය. මෙහි දෙතුන් දෙනකු හැරෙන්නට පල්ලියකට දිව්‍ය පූජාවකට සහභාගි වූයේ නැත. මේ ගැන සලකා දැනට දෙව්මැඳුර තිබෙන, ස්ථානයෙන්, එහි අයිතිව සිටි ලූවිස් අප්පුහාමි

මහතාගෙන් පුංචි ඉඩකඩක් ඉල්ලා සිටියේ පුංචි මඩුවක් සාදා කුඩා දරුවන්ට දහම් පාසල් ඉගැන්වීම සඳහාය. එතුමා පරවස් දොළසක ඉඩකඩක් ලබාදුනි. එතුමන්ලා ගමේ සැදැහැවතුන් එකතුකරගෙන පොල්අතු අහුරා පුංචි මඩුවක් සෑදුවේය. එහි ප‍්‍රථම දිව්‍ය පූජාව අසූපහේ සැප්තැම්බර් මස අට වැනිදා රාත‍්‍රී අටට මොරිස් ලෙස්ලි පියතුමා විසින් සිදුකරන ලදී. එයට කිට්ටුව ශු. සත්තියා ශු. මුනි දෙව්මැඳුරක් තිබුණ ද මීසම වූයේ හල්පෙ ය. මඩම්පැල්ලේ නව දේව මන්දිරයක් ඉදිවෙමින් තිබූ බැවින් එම්. ඞී. ඇන්ටනි පියතුමා හට ඊට වඩා යමක් කටුලන්ද ට කිරීමට නොහැකි විය.

මේ වනවිට හල්පෙ මීසම් සහායක පියතුමා ලෙස පත්ව ආව් පැටි‍්‍රක් පෙරේරා පියතුමා ය. එතුමා කටුලන්දට දැඩි කැපවීමක් කළේය. කටුලන්ද මුළු ගම ම එකතු කරගෙන ස්ථිර නව දෙව් මැඳුරක් සෑදීමට එතුමා පියවර ගත්තේය. එතුමාගේ තිබූ නො පසුබස්නා උත්සාහහ නිසා ම හුරුබුහුටි පුංචි දෙව්මැඳුරක් නවසිය අසූහයේ අගෝස්තු වනවිට සාදා නිම කළේය. එහි තිබූ වන ගහණය නිසාත්, සුන්දර මඩු දේවස්ථානයේ තිබූ සුන්දරතාවය හා ඊට ම සමානත්වය නිසා ද මෙම මඩු වන්දනාවේ යෑම සිහිනයක්ව තිබූ බැවින් ද මෙම දෙවුමැඳුර මරු ද මඩු දේවා අම්මා නමින් කැපකිරීමට පියතුමා යෝජනා කරන ලදී. මෙයට ගම්වැසියන්ද එක හඬින් කැමැති විය. එහි ප‍්‍රථම මංගල්‍යය 1986 සැප්තැම්බර් අට වැනි දා ඔස්වල්ඞ් ගෝමිස් රදගුරු තුමා මගින් ආසිරි ගැන්වීම සිදුවිය. ප‍්‍රථම මංගලයේ දී ගම්වැසියනට නොසිතූ විරු ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ තුන්දහසක පමණ වූ විශාල ජනගඟක් මංගල්‍යයට පැමිණීම

නිසා ය. එයට ප‍්‍රධානම හේතුව නම් මඩු වන්දනාවේ යෑමට නො හැකිවීමත්, මඩු දෙව් මැඳුරේ තිබූ සැබෑ වටපිටාව පරිසරයට සමාන වීමක් නිසාය. අක්. දහයකින් පමණ යුත් මහ රබර් යායක් එරමිනියා ගාල්වලින් සැදුණ මහ වනාන්තර පුංචි දිවයිනක් බදු හතර වටේම කුඹුරු යායකින් සැදුණ ගම් පියස කලබලයක් නැති නිහඬ පරිසරයක්ය. මේ හේතු නිසා වන්දනාකරුවන් දවස දෙකේ වාඩි ගසා නැවතී සිටියේය. එහි දියුණුවත් සමග මඩම්පැල්ල 1976.10 පළමු වැනිදා සිට මීසමක් බවට පත්වී හල්පෙ මීසමෙන් වෙන් විය. එහි ප‍්‍රථම මීසම්පති පියතුමා එස්. වී. ජේසුදාසන් පියතුමා පත්වී පැමිණියේය. ද්‍රවිඩ පියතුමකුවන උන්වහන්සේ සිංහල වචන උච්ඡාරණ කරන නුහුරු ආකාරය අප දෙව් මැඳුරට සුදුසු පියතුමකු විය.

මෙසේ වසරින් වසර දෙව්මැඳුර දියුණු විය. තාර දැමූ පාරවල්, විදුලිබලය, ගොඩනැඟිලි සෑදී ඇත. එහෙත් පෙර තිබූ අසිරිය අදත් එසේම ය. ලක්නාත් කුරේ පියතුමා දෙව්මැඳුරට අලංකාර පෙනුමක් ලබාදුන්නාය. ඩිල්රන් පීරිස් පියතුමා මඩු දෙව්මැඳුරේ මෙන්ම ඉදිරි පසින් අලංකාර මණ්ඩපයක් ලබාදුනි.

එමෙන්ම මෙහි හාස්කම්වලින් ගහන භාරහාර වීමට ද ඒවා ඉටුවූ පසු ස්තුති දීමට ද දිනපතා දුර පළාත්වලින් පවා ජනතාව ඇදී එති. සෑම වසරකම සැප්තැම්බර් මස පළවූ හෝ දෙවන ඉරු දින වාර්ෂික මංගල්‍යය සිදු කෙර්. අප මීසමට අලූතෙන් පැමිණි ශ‍්‍රියන්ත රත්නසේකර පියතුමා සෑම මසකම මාසයේ අන්තිම ඉරු දින, දේව මාතා නවානය සමගින් රෝගීන් හා නොයෙක් ප‍්‍රශ්න වෙනුවෙන් මෙහෙයක් පවත්වනු ලබයි.

අප දේවස්ථානයට පැමිණීමට මීගමුව පෙදෙසින් පැමිණෙනවානම් කටාන පාර 251 මාර්ගයේ වෙලේකඬේ හන්දියෙන් බැස හෝ දිවුලපිටිය පාරෙන් නම් 242 මීගමුව දිවුලපිටි බස් මාර්ගවල පැමිණිය හැකිය.

සටහන් – කේ. ඞී. හියුබට්
ඡායාරූප – එස්. ඒ. කල්දේරා

advertistmentadvertistment
advertistmentadvertistment