සිනමාව ගොඩගන්න නම් බෙදාහැරීම මුදාහරින්න…. මණ්ඩල රැසක අධ්‍යක්‍ෂවරු කොළඹට රැස්වෙති

607

මේ ගැටුම දිගටම ගියොත් සිංහල සිනමාවක් නෑ

වර්තමානය වන විට සිංහල සිනමාවේ අර්බුද රැසක් මතුවෙලා තියෙනවා. කොරෝනා වසංගතයත් සමග අපේ රටේ සිනමා ශාලා රැසක් වැසී ගියා. ඒත් එක්කම නැවත සිනමා ශාලා විවෘත කළාට පේ‍්‍රක්‍ෂකයා ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. මොකද තවත් කොවිඞ් රැළි විටින් විට ඉහළ පහළ යන නිසා. මේ දිනවල පැතිර යන ඩෙල්ටා ප‍්‍රභේදය නිසාත් පේක්‍ෂකයා සිනමා ශාලාවලට පැමිණීමට ලොකු බියක් වගේම මැලිකමක් දක්වනවා. හැබැයි අපි මේ කියන්න හදන්නේ ඒ වගේ කරුණු කාරණා හින්දා මතුවුණ සිනමාවේ අවුලවක් ගැන නම් නෙවෙයි.

ජාතික චිත‍්‍රපට සංස්ථාව මෙරට සිනමා ශාලා සියල්ලම පාහේ

සංස්ථාවට පවරා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටිනවා. මේ නිසා වත්මන් සිනමාව ලොකු අර්බුදයකට ලක්වෙනවා කියලයි. පෞද්ගලික සිනමා ශාලා හිමියන් වගේම චිත‍්‍රපට බෙදා හැරීමේ මණ්ඩල පවසන්නේ. සිනමාවේ වර්තමානයේ පවතින සංස්ථාවේ සහ පෞද්ගලික චිත‍්‍රපට බෙදාහැරීම් සංගමයේ සහ මණ්ඩලවල ඇත අවුල අපට කියන්න පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවලා තිබුණා. එතැනට CEL, EAP, LED මණ්ඩලවල අධ්‍යක්‍ෂවරු වගේම සභාපතිවරුද” සිනමා ශාලා හිමියන්ද පැමිණ සිටියා. මේ මණ්ඩල චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමට එරෙහිව ඔවුන් නඟන හඬයි.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කියලා අපි අදටත් හඳුන්වන්නේ 1970 යුගය. ඒ කාලේ ලංකාවේ සිනමා ශාලා 365 කට අධික ප‍්‍රමාණයක් තිබුණා. මිලියන 71 කට වඩා ජනතාවක් චිත‍්‍රපට නැරඹුවා. ඒකාලේ එක්කෙනෙක්් හත් වතාවක් විතර චිත‍්‍රපට නරඹනවා. 1976 වෙනකම් පෞද්ගලික අංශය තමයි චිත‍්‍රපට බෙදාහැරියේ. ඒකත් එක්ක ඇතිවුණ රැල්ල නිසා තමයි අපි හැමදාම 1970 සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කියල හඳුන්වන්නේ.



ඊට පස්සේ 1971 පනතින් 1976 දී චිත‍්‍රපට බෙදාහැරීම සංස්ථාවට පවරා ගන්නවා. එවිට බොහොම ඉක්මනට මේ කර්මාන්තය කඩා වැටෙනවා. ඊට හොඳම උදාහරණය තමයි ජනාධිපති ජේ. ගුණවර්ධන කියලා කොමිසමක් කියලා පත් කරනවා. ස්වර්ණමය යුගයේ ඉඳලා අවුරුදු නවයක් ඇතුළත චිත‍්‍රපට කර්මාන්තය කඩා වැටෙනවා. ඊළඟට 1991 දී අම්බලවාන කොමිසම” අවසාන වශයෙන් 1977 දී සේනක බණ්ඩාරනායක කොමිසම මේ කොමිසම මගින් කියනවා ජාතික චිත‍්‍රපට සංස්ථාව චිත‍්‍රපට බෙදාහැරීමට පටන් ගත්තට පස්සේ චිත‍්‍රපට කර්මාන්තය කඩා වැටීමට බලපෑ කරුණු දොළහක්.

සිනමාව ගොඩගන්න නම් බෙදාහැරීම මුදාහරින්න.... මණ්ඩල රැසක අධ්‍යක්‍ෂවරු කොළඹට රැස්වෙති

365 ක්ව තිබුණ සිනමා ශාලා ටික ඉහත කරුණු නිසා 138 දක්වා කි‍්‍රයාකාරී සිනමා ශාලා මට්ටමට වැටුණා.

අද මෙතැනට වාඩිවෙලා සිටින සියලූම චිත‍්‍රපට බෙදාහැරීම් නියෝජිතයන් වගේම මණ්ඩල හිමිකරුවන් ඉල්ලන්නේ මේ කර්මාන්තය නිදහස් කරන්න කියලයි. පුවත්පත් කලාව ගත්තේ එහෙමයි. ලේක් හවුස් ආයතනය විතරක් තිබුණා නම් මෙතැන අද වාඩිවී සිටින ඔබලාත් මාධ්‍යවේදීන් වශයෙන් බිහිවෙන්නේ නැහැ. ඒ වගේම පත්තර කලාවේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. විiුත් මාධ්‍ය ගත්තමත් එහෙමයි. රාජ්‍ය මාධ්‍ය විතරක් තිබුණා නම් අද මාධ්‍ය කලාවක් බිහිවෙන්නේ නැහැ. සුපර් මාර්කට් ගත්තොත් එහෙනම් සතොස විතරයි ඉතුරු වෙන්නේ. ඇයි අපි දකිනවා විවිධ වෙළෙඳ නාම යටතේ සුපර් මාර්කට් බිහිවෙලා තිබෙනවා ඔවුන් අතර තරගකාරීත්වයක් පවතිනවා.

ඒ වගේම චිත‍්‍රපට කර්මාන්තයත් දියුණු කරන්න නම් මේක නිදහස් මාධ්‍යක් බවට පත්කළ යුතුයි. ඒ තුළින් රජය නියාමනය කළ යුතුයි. බීආර්සී එක වගේ ඔවුන් චිත‍්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ. මේකට අපි ලොකු තර්ක ගේන්න ඕනෑ නැහැ. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල් චිත‍්‍රපට කර්මාන්තය නිදහස් කරලයි තියෙන්නේ. ඉතිං මේ ක‍්‍රමවේදය භාවිතා කරන්නේ නැතිව යළි චිත‍්‍රපට

සංස්ථාව චිත‍්‍රපට බෙදාහැරීම සිදුකරන්න හදනවා. ඉතිං ඒ කියන්න හදන්නේ මඬේ දදා හෝද හෝද අපි නැවත ඒ දේම කරන්න හදනවා. මේ තුළින් වෙන්නේ කර්මාන්තය බිඳ වැටෙනවා.

කොරෝනා වසංගතය එන්න කලින් චිත‍්‍රපට ශාලා දෙසීයක් තිබුණා. ඒ අවස්ථාවේ අපිට ධාරා දෙකක චිත‍්‍රපට සමාන්තරව පෙන්වන්න පුළුවන්කම තිබුණා. හැබැයි මාර්තු මාසය වන විට අපිට පුළුවන්කම තිබුණේ ඉතා අමාරුවෙන් එක චිත‍්‍රපටයක් විතරක් පෙන්වන්න හෝල් පනහක පමණ විතර. අද වෙන කොට ඒක තවත් අඩුවෙලා. හෝල් තිහක් හොයා ගත්තොත් බොහොම අමාරුවෙන්. දැන් මේ විදිහට මේ ටෙ‍්‍රන්ඞ් එක දිගට ගියොත් තව අවුරුදු දෙකක් යන්න කලින් සිංහල සිනමා කර්මාන්තයක් ලංකාවේ නැහැ. ඒක තමයි සත්‍ය. අද වෙනකම් කිසිම අවස්ථාවක ජාතික චිත‍්‍රපට සංස්ථාව අපේ මණ්ඩල සමග කතා කරලා මේකට අපි කොහොමද වැඩ කරන්නේ කියලා වැඩපිළිවෙළක් හදලා නැහැ. මේ තත්ත්වයට විසඳුමක් අපි සමග සාකච්ඡුා කරලා හදමු කියලයි අපි සංස්ථාවට කියන්නේ. ඒ වගේම මේක මුදාහල යුතුය

– දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment