මත්තලට අක්‌කර දහසක කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රයක්‌

703

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

 මත්තල ප‍්‍රදේශයේ අක්කර දහසක පමණ භූමි ප‍්‍රදේශයක් මේ සඳහා යොදා ගැනෙන අතර, ඒ සඳහා ඉඩම් හඳුනා ගැනීමට නියමිතය.

 මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට මෙන්ම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකෙරෙන කෘෂිකාර්මික නිෂ්පාදනයන් මෙරටට ආනයනය කර අගය එකතුකිරීමක් කර අපනයනය කිරීම මෙම කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානය මගින් සිදුකෙරේ.

 වරායක් හා ගුවන්තොටුපළක් පිහිටා තිබීම නිසා මත්තල ප‍්‍රදේශයේ මෙය ආරම්භ කිරීම රටට වඩා වාසිදායක බව දේශීය හා විදේශීය ආයෝජකයින් පෙන්වාදීම මත රජය මේ සඳහා මත්තල තෝරාගෙන තිබේ.

 අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීමෙන් පසු වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය


advertistmentadvertistment