මත්ද්‍රව්‍ය පාලනය ගැන ජනපති අපේක්ෂකයන්ගෙන් යෝජනා ප්‍රතිචාර සාධනීය නැහැ

39

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව තමන්ට පූර්ණ ලෙස සතුටු විය නොහැකි බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

රටේ ප්‍රධානතම ගැටලුවක් වන මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය ජනතාවගේ සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ පාරිසරිකව ඉතාම වැදගත් වන බැවින් එම මධ්‍යස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් මත සැකසුණු කරුණු 12කින් යුත් යෝජනාවලියක් පසුගිය අගෝස්තුවේ සියලු ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් විසින් පසුගිය 06 දා වන විට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනවල මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනයට යෝජනා ඉදිරිපත් කර තිබිණි.

එම යෝජනා අතුරින්, විපක්ෂ නායක, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මත්ද්‍රව්‍ය සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් යෝජනා 9කට එකඟතාව පළකර තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා යෝජනා 06කට එකඟතාව පළකර තිබූ අතර, ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා 03කට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතා යෝජනා 03කට එකඟතාව පළකර තිබිණි.

මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනා අතුරින් ‘සර්වජන බලය’ පක්ෂයෙන් ඉදිරිපත්ව ඇති ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා යෝජනා 02කට පමණක් එකඟතාව පළකර තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment