මත්පැන් බෝතල්වල ප‍්‍රදර්ශනය කිරීමට අලූතෙන් හඳුන්වාදී තිබෙන ස්ටිකරය ඇලවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.
මෙම ස්ටිකරය ඇලවීමෙන් ව්‍යාජ මත්පැන් අලෙවියෙන් අහිමි වන රුපියල් බිලියන 10 ක පමණ බදු ආදායම අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව ඒ මහතා පවසයි. මත්පැන් නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් නව ස්ටිකරය සහ ඩිජිටල් මුද්‍රණය බෝතල්වල ඇලවීමට අකමැත්තක් දක්වන බවට දැනගන්නට ලැබෙන බවත් එසේ වුවත් මෙම ස්ටිකරය හෝ ඩිජිටල් මුද්‍රණය අනිවාර්ය කරමින් ගැසට් මගින් ප‍්‍රකාශ කර ඇති නිසා එය සෑම නිෂ්පාදන ආයතනයක්ම අනුගමනය කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මෙම මුද්‍රණය අනිවාර්ය කිරීමෙන් ව්‍යාජ මත්පැන් වර්ග වෙළෙඳ පොළට ඒම වැළැක්වීමට උත්සාහයක් දැරීම මෙන්ම මත්පැන් නිෂ්පාදනවලින් නියමිත ආකාරයට බදු අයකර ගැනීම ද අපේක්ෂා කරන බව ඒ මහතා අවධාරණය කරයි.
මේ වසර තුළ මත්පැන් අලෙවියෙන් රුපියල් බිලියන 180 ක පමණ බදු ආදායමක් බලාපොරොත්තු වන බවත් ගිය වසරේ (2021* සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 139 ක බදු ආදායමක් ලැබුණු බවත් හෙතෙම පැවැසීය.
නව ස්ටිකරය ඇලවූ මත්පැන් මිලදී ගන්නා පාරිභෝගිකයාට තම ජංගම දුරකථනය ආධාරයෙන් එම ස්ටිකරයේ සංකේතය මගින් නිෂ්පාදිත දිනය, ආයතනය, එහි අඩංගු මත්පැන්වල සංයුතිය ඇතුළු කරුණු රැුසක් දැනගත හැකිය.
චමින්ද සිල්වා