මත්පැන් බෝතල් ස්ටිකරයත් හොරට ගහලා – සුරාබදු දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ යට ගහනවා

106

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා එහි මූඩිය මත අලවනු ලබන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23 වෙනිදා) කොළඹදී පැවැති හමුවකදී සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කිරීමේ වංචාවට අදාළ පරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් යට ගසමින් සිටින බවයි. එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මීට වගකිවයුතු බවද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය. මෙම ස්ටිකර් වංචාව පිළිබඳව තමා මීට පෙරද පාර්ලිමේන්තුව දැනුවත් කර ඇතත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් වෙත යොමුවී ඇත්දැයි තමා අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද, මේ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු බදු විශාල ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් උදාවී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment