මත්පැන් ස්ටිකරය ඉන්දියාවට දීමෙන් බිලියන ගණනක පාඩුවක්

206

මත්පැන් නිෂ්පාදන මත ඇලවිය හැකි ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතිය රටවල් රැසක දූෂණ, අක‍්‍රමිකතාවන්ට සම්බන්ධ අසාදු ලේඛන ගත ඉන්දියාවේ මැඞ්රාස් සිකියුරිටි ප‍්‍රින්ටර්ස් (එම්. එස්. පී.) සමාගම වෙත පැවරීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් විඳින්නට සිදුවනු ඇති බව වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකර් යෙදවීමේ ව්‍යාපෘතිය ලබන මස 15 දා සිට ආරම්භ කරන බව ප‍්‍රකාශ කර තිබිණි.

මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකර් ඇලවීම වෙනුවෙන් තෝරාගෙන ඇති අදාළ ඉන්දියානු සමාගම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූ සහ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් සිදුවූ අක‍්‍රමිකතා හේතුවෙන් මීට ප‍්‍රථම ද ගැටලූ සහගත තත්ත්වයක් ඇතිව තිබුණද දේශීය සහ විදේශීය අනෙකුත් ඉල්ලූම්කරුවන් පසෙකලා ඉන්දියානු එම්.එස්.පී. සමාගමට ටෙන්ඩරය පවරා තිබිණි.

මෙරටට ලැබෙන බදු ආදායම් අතර වාර්ෂිකව රුපියල් බිලියන 130 ට වැඩි දායකත්වයක් සුරාබදු හරහා ලැබෙන නමුත් මත්පැන් කර්මාන්තය නියාමනයේදී සිදුවන ¥ෂණ සහ අක‍්‍රමිකතා හේතුවෙන් රුපියල් බිලියන 40 ට වැඩි බදු ආදායමක් රජයට වාර්ෂිකව අහිමිව යයි.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, කෘති‍්‍රම රා නිපදවීම, ආනයනික එතනෝල් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන මත්පැන් යන කාණ්ඩයන් යටතේ ප‍්‍රධාන වශයෙන් සුරාබදු වංචාවන් සිදුවන බව ද වාර්තා වේ.

සුජීව තත්සර


advertistmentadvertistment