මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පුද්ගලයින්ට වෙනත් ඖෂධ වැඩි මිලට අළෙවි කිරීමේ ජාලයක් මෙහෙයවූ පිරිසක් සහ ඖෂධ ගබඩාවක් මහනුවර පොලිසිය මගින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර අම්පිටියේ පිහිටි ඖෂධ ගබඩාවක් වැටලූ මහනුවර පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායම එහි තිබී මත්පෙති හා ගබ්සා පෙති 18000 ක් සොයාගෙන ඇත.
මානසික රෝග තත්ත්වයන් සඳහා ලබාදෙන පෙති 17000 ට අමතරව නිතී විරෝධීව මෙරටට ගෙන එන ලද ගබ්සා පෙති 1000 ක් එහි තිබූ බවටත් මෙම පෙතිවල වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් පමණ වන බවටත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍යය භාවිතයට හුරුවූ පුද්ගලයින් මත්ද්‍රව්‍යය සොයා ගැනීමට නොහැකි අවස්ථාවල මානසික රෝගීන් සඳහා ලබාදෙන අදාළ පෙති වර්ගය පාවිච්චි කිරීමට හුරුවී සිටින බවත් එම පෙති වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිකුත් කළ නොහැකි බවත් පොලීසිය පවසයි.
|