මත් ජාවාරම්කරුවන්ගේ මුදල් ඥාතීන්ගේ ගිණුම්වල

166

ප‍්‍රධාන පෙළේ ශ‍්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටරටවල සිට විශාල මුදල් ප‍්‍රමාණයක් ඔවුන්ගේ මෙරට සිටින ඥාතීන්ගේ ගිණුම්වලට බැර කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 එම මුදල් වලින් එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලේ ඥාතීන් ඉඩකඩම්, ගෙවල් දොරවල් මිලදී ගැනීම සිදුකර ඇති බවත්, ඇතැම් ඥාතීන්ගේ ගිණුම්වල රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇති බව ද හෙළි වී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නියෝජිතයන් පොලිසියට හසුවුවහොත් ඔවුන් අධිකරණයෙන් නිදහස්කර ගැනීම සඳහා නීතිඥයන්ට අදාළ ගාස්තු ගෙවීම වෙනුවෙන් මුදල් ද එවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 
 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment