මෙවර අයිපීඑල් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ පෙරේදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව දක්වන ලද දක්ෂතා බොහෝ ඉන්දීය විචාරකයින්ගේ අවධානයට ලක් වී ඇත.
එම තරගයේ 17 වැනි පන්දුවාරය නිමා වන විට බැංගලෝර් කණ්ඩායමට කඩුලු 5ක් අතැතිව පන්දු 18කින් ලකුණු 35ක් ලබා ගැනීමට නියමිතව තිබුණු අතර එහිදී 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ ලකුණු 4ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වූයේය.
එසේම තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කිරීමේ අවස්ථාව මතීෂට හිමි වූ අතර එවිට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් ලබා ගත යුතු ව තිබුණද අවසන් පන්දුවේදී ද කඩුල්ලක් ලබා ගත් මතීෂ හමුවේ ඔවුන් ට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි.
ඒ අනුව තීරණාත්මක අවසන් පන්දුවාර දෙකක් ලකුණු 14 ක් තුළ නිමා කළ මතීෂගේ දක්ෂතා මේ වන විට ඉන්දියාවේ මහත් අවධානයට ලක් වී ඇති අතර එම දක්ෂතා හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට එහිදී ලකුණු 8ක ජයග්‍රහණයක් හිමි විය.