මතීෂ සහ මහීෂ්  ට කඩුලු දෙකක් 

123

මෙවර අයිපීඑල් තරගාවලියේ  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සන්‍ රයිසස් කණ්ඩායමට එරෙහිව අද එක් කඩුල්ල බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වූහ.

මතීෂ පතිරණ එහිදී සිය පන්දු වාර 4 ලකුණු 22 කට සීමා කරමින් හෙන්රිච් ක්ලාසෙන් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර මහීෂ් තීක්ෂණ සිය පන්දු වාර 4 තුළදී ලකුණු 27 ක් ලබා දෙමින් නායක ඒඩ්න් මාක්‍රම් ගේ කඩුල්ල දවා ගත්තේය.

හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 134 ක් ලබාගත්  අතර චෙන්නායි ක්‍රීඩකයෝ මේ වන විට එම ඉලක්කය හඹා යමින් සිටිති. චෙන්නායි හිදී මෙම තරගය පැවැත්වේ.


advertistmentadvertistment