මතුපිට පස් තට්ටුව ඉවත් කිරීමෙන් පොළොන්නරුව පූජා භූමියේ පුරාවස්තු විනාශවීමේ අවදානමක්

63

උඩස්ගිරියේ සමිත හිමි

පොලොන්නරුව පූජා භූමියේ මතුපිට පස් තට්ටුව ඉවත් කිරීමට එක්තරා සමාගමක් විසින් සිදුකරන ක්‍රියාපටිපාටියක් නිසා පුරාවස්තුවලට විශාල වශයෙන් හානි සිදුවිය හැකි බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිති හිමියෝ පවසති.

අති සංවේදී කලාපයක් වන ඓතිහාසික පොලොන්නරු පුදබිමේ පබළු, පැරණි කාසි මෙන්ම පැරණි මුරගල්ද තිබෙන්න පුළුවන්. නොසැලිකිමත් අයුරින් මේ පස් තට්ටුව ඉවත් කිරීමෙන් මෙහි තිබෙන පුරාවස්තු විනාශවීම කනගාටුවට කාරණයක්. ඒ වගේම රේක්ක සහ වෙනත් ආයුධ භාවිතා කරමින් මෙවැනි දේවල් නොකළ යුතුයි. මෙම භූමියේ ඇති දිරායන කාබනික ද්‍රව්‍ය සේම දිරා යෑමට ඉඩදිය යුතු බවත් දිරා නොයන අපද්‍රව්‍ය අතින් ඉවත් කිරීම සිදුකළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

එසේම මෙම රක්‍ෂිතය, පුරාවිiා, වනජීවී, පරිසර යන අමාත්‍යාංශ තුනකට අයිති වූවක්. මේ ස්ථානයට ඇතුළුවීමට නම් මේ ආයතනවල අවසරයක් ලබාගත යුතුයි. එබැවින් මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවද සමිත හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment