මධ්‍යම පළාත් පාසල් ක්‍රිඩා තරගාවලියේ (2024) ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාවය මෙවර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. දිගන පිහිටි මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පසුගියදා පැවති (අගෝස්තු 05/06) මෙම තරගාවලිය සංවිධානය කොට තිබුණේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මඟිනි.
මෙහිදී වයස අවුරුදු 16 – 18 අතර වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, කේශලා ලියනාරච්චි, නදෙව්මි කොඩිතුවක්කු, සංචලා දෙහෙල්ගමුව, කේශානි ජයවර්ධන, යසස්වි රවින්ද්‍රනාත් යන ක්‍රීඩිකාවන් සමත් විය. එසේම වයස අවුරුදු 18-20 අතර වයස් කාණ්ඩයේ රන් පදක්කම් දිනා ගන්නා ලද්දේ මෙත්මිනි රත්නායක, තෙනුලි පරාක්‍රම, සත්සරනි ජයවර්ධන, නදිනි මොලගොඩ යන ක්‍රීඩිකාවන් විසිනි. මීට අමතරව රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 06ක් ද දිනා ගැනීමට කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සමත් විය.
දිශාන්ති කොඩිතුවක්කු