මනම්පේඩියාව වැවට නෙළුම් මල් කඩන්න ගිය දරුවා ගිලී මරුට

111

මරදන්කඩවල, ලබුනෝරුව ගම්මානයේ පදිංචි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි මොරගොඩ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ශාන් මධුෂංක නැමති වයස අවුරුදු15ක පිරිමි දරුවෙකි.

ආගම දහමට ලැදි මෙම පිරිමි දරුවා සෑම දිනකම උදෑසන සිය නිවස ඉදිරිපිට ඇති ඝණදෙවි පිලිරුවට නෙළුම්මල් පූජාකරන බවත් සුපුරුදු පරිදි පූජාවට අවශ්‍ය නෙළුම් මල් කැඞීමට අසල පිහිටි මනම්පේඩියාව වැවට ගොස් ඇති අතර එහි දි මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද මොරගොඩ පොලිසිය කීය.

මෙම දරුවාට මීමැස්මොරය රෝගයෙන් පෙලෙන්නෙකු බව ද අනාවරණය වී ඇත.

වැවට ගිය මෙම දරුවා නිවසට පැමිණීමට ප‍්‍රමාදවීම ගැන සොයා බැලීමේ දී ජලයේ වැටීසියදී නිවැසියන්ට හමුවී තිබේ. පසුව අදාල සිසුවා මරදන්කඩවල ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. ඒ වනවිටත් ඔහු මියොගොස් සිට ඇති බවද පොලිසිය කියයි.

තිරප්පනේ සමන් පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment