‘මන්කිෆොක්ස්’අවදානම මෙහි එන්නට පෙර…

357

 දැනට මෙම වසංගත රෝගයක් සේ සැලකෙන මන්කිෆොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් තද උණ, සමෙහි කුෂ්ට තත්ත්වයක් හටගැනීම, මාංශ පේශීන්ගේ වේදනාව, තුනටිය අමාරුව හඳුනාගෙන තිබෙන බව බටහිර සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගයේ  හටගන්නා කුෂ්ට තත්ත්වය මුහුණේ හටගෙන අත්ලේ මෙන්ම යටිපතුල් දක්වා එය ව්‍යාප්ත වන බවත් පසුව එය බිබිලි බවට පත් වන බව එම විශේෂඥයෝ කියා සිටිති. එංගලන්තයෙන් දැනට වාර්තා වී ඇති මෙම රෝගීන්ගෙන් දැනට වාර්තා වී ඇති දැනට මෙම රෝගීන් වාර්තා වී ඇති රටවල් 15 වනුයේ යුරෝපා රටවල් වන එංගලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, ඔස්ටි්‍රයාව, ස්විට්සර්ලන්තය හා ඔස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඊශ්‍රායලයයි.

 කොරෝනා වසංගතය හා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් හටගෙන ඇති යුද්ධයේ අනිසි ප්‍රතිපල මත දැඩි ලෙස බැටකමින් පීඩාවට ලක්ව සිටින  ගෝලීය ජනතාව තවදුරටත් අසීරුතාවයට පත් කරමින් ‘මන්කිෆොක්ස්’ නමැති දුර්ලභ ගණයේ වෛරස් රෝගය රටවල් කිහිපයක මිනිසුන් අතර පැතිර යෑමට පටන් ගෙන ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ විට තහවුරු කර තිබේ. මෙතෙක් මධ්‍යම හා අප්‍රිකානු රටවල ජීවත් වන වඳුරන් අතර පැතිර ගොස් තිබූ මෙම දුර්ලභ ඝනයේ රෝගය මහජනතාව අතර ලෙහෙසියෙන් පැතිර නොයන බව මෙතෙක් පැවති වෛද්‍ය මතය වී තිබිණි.

 එහෙත් එම වෛද්‍ය මතය සාවද්‍ය බවට පත් කරමින් ඊයේ (23දා) වන විට ලොව පුරා රටවල් 15කින් මන්කිෆොක්ස් රෝගයට ගොදුරු වූවන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබිණි. ලොව පුරා රටවල් මේ වන විට කොරෝනා වසංගතය, යුක්රේනයේ යුද්ධය මෙන්ම මන්කිෆොක්ස් රෝගය හේතුවෙන් බලවත් අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය ටෙඩ්රෝස් අඩනම් ගෙබ්‍රේයේසුස් මහතා මන්කිෆොක්ස් රෝගය අප්‍රිකාවෙන් පිටත රටවල් 15කට පැතිර යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයට රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්ගේ රැස්වීම අමතා ඊයේ (23) ප්‍රකාශ කළේය. මුලදී වඳුරන් අතර පැතිරීම සිදු වූ මෙම දුර්ලභ රෝගය මිනිසුන් අතර පැතිරුණද ඉන් හටගන්නා ජීවිත අවදානම අඩු බවට එංගලන්ත සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබුණද ඒ බව මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර නොමැත.

 කුමක්ද මේ මන්කිෆොක්ස් රෝගය?

 මෙම රෝගය පැතිර ගොස් ඇති රටවල රජයන් සමග රෝගයේ ස්වභාවය පිළිබඳව තවමත් විමර්ශනය කරමින් සිටීම හේතුවෙන් රෝගයේ පැතිරීම හා පැතිරීම වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත. එහෙත් මෙතෙක් අප්‍රිකාවෙන් පිටත මුලින්ම මෙම රෝගයට ගොදුරු වූවන් පිළිබඳව වාර්තා වූ එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට අනුව මන්කිෆොක්ස් රෝගය දරුණු මට්ටමේ රෝගයක් නොවන අතර එයට ගොදුරු වූවන් බොහෝ දෙනෙකු සති කිහිපයක් තුළදී සුවපත් වේ. වඳුරන් අතර පැතිර ගිය මෙම රෝගය මිනිසුන් අතර පැතිර යෑම එංගලන්ත විද්‍යාඥයන්ට පුදුමය ගෙන දෙන පුවතක්ව ඇති අතර රෝගය තවදුරටත් සමාජය තුළ පැතිර යෑම පාලනය කිරීම සඳහා මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් දින 21ක කාලයක් නිරෝධායනය විය යුතු බවට බෙල්ජියමේ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට නියම කර තිබේ.

 මේ වන විට මන්කිෆොක්ස් රෝගයට ගොදුරු වූවන් 20 දෙනෙකු පමණ වාර්තා වී ඇති එංගලන්තයේ සෞඛ්‍ය අංශ විසින් අදාළ වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතම ආශ්‍රිතයන් සති තුනක් හෙවත් දින 21ක කාලයක් අනිවාර්යයෙන් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බව නියම කර තිබේ. දැනට අනාවරණය කරගෙන ඇති කරුණුවලට අනුව මන්කිෆොක්ස් වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සොටු, කෙළ වැනි ද්‍රව්‍ය මගින් මෙන්ම ලිංගික ඇසුරක් හරහාද සම්ප්‍රේෂණය විය හැකි බව එංගලන්තයේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ. මෙම වෛරසයට ගොදුරු වූවන් ප්‍රතිශක්තිකරණය දුර්වල මට්ටමක පවතින පුද්ගලයන්, ගැබිනි මවුවරුන් හා වයස අවුරුදු 12ට අඩු ළමුන් හා

 ගැවසීමෙන් වැළකිය යුතු බව එම විශේෂඥයන්ගේ මතය වී තිබේ.

 දැනට මෙම වසංගත රෝගයක් සේ සැලකෙන මන්කිෆොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් තද උණ, සමෙහි කුෂ්ට තත්ත්වයක් හටගැනීම, මාංශ පේශීන්ගේ වේදනාව, තුනටිය අමාරුව හඳුනාගෙන තිබෙන බව බටහිර සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගයේ හටගන්නා කුෂ්ට තත්ත්වය මුහුණේ හටගෙන අත්ලේ මෙන්ම යටිපතුල් දක්වා එය ව්‍යාප්ත වන බවත් පසුව එය බිබිලි බවට පත් වන බව එම විශේෂඥයෝ කියා සිටිති. එංගලන්තයෙන් දැනට වාර්තා වී ඇති මෙම රෝගීන්ගෙන් දැනට වාර්තා වී ඇති දැනට මෙම රෝගීන් වාර්තා වී ඇති රටවල් 15 වනුයේ යුරෝපා රටවල් වන එංගලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය, ඔස්ටි්‍රයාව, ස්විට්සර්ලන්තය හා ඔස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඊශ්‍රායලයයි.

 එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවාවට අනුව එරටින් වාර්තා වී ඇති මන්කිෆොක්ස් රෝගීන් කිසිවෙකු අප්‍රිකානු රටක සංචාරය කළ අය නොවන අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු නාගරික ප්‍රදේශවල ජීවත් වන අය හා සමලිංගික හා ද්වි ලිංගික ප්‍රජාවන්ට අයත් අයයි. මේ හේතුවෙන් අදාළ ප්‍රජාවන් තුළ සිටින කිසිවකු තුළ මන්කිෆොක්ස් රෝගයේ රෝග ලක්ෂණ දක්නට ලැබුණහොත් වහා එම තැනැත්තා ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස වෛද්‍යවරු ඉල්ලීම් කර තිබේ. බටහිර සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම මන්කිෆොක්ස් වෛරසය සිය හැසිරීම වෙනස් කර තිබීම හේතුවෙන් එය අතීතයේ පැතිර ගිය ආකාරයට වඩා වෙනස් අයුරින් මේ වන විට පැතිර යෑම සිදු වනවා විය හැකිය. මේ නිසා මෙය සුළුවෙන් තැකීමක් සිදු කිරීම මෙම අවස්ථාවේ යෝග්‍ය නොවන බව ඔවුහු සඳහන් කර සිටිති. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මන්කිෆොක්ස් රෝගයේ අසාමාන්‍ය පැතිරීම ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

 දැනට මන්කිෆොක්ස් පෙළෙන බව තහවුරු වී ඇති පිරිසට අමතරව තවත් එම රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන් සැලකිය යුතු පිරිසක් රටවල් කිහිපයකින් වාර්තා වී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් තවමත් විමර්ශනය කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති නමුදු එම රෝගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව හා ඔවුන් වාර්තා වී ඇති රටවල් පිළිබඳව එම සංවිධානය විසින් අනාවරණය කර නොමැත. මේ අතර වසූරිය වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන මන්කිෆොක්ස් වෛරසය මැඬලීම සඳහා වසූරිය එන්නත් භාවිත කළ හැකි බවත් එයින් මන්කිෆොක්ස් රෝගයට එරෙහිව සියයට 85ක පමණ ආරක්ෂාවක් ලබා ගත හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබේ.

 මේ අතර මෙම රෝගය විදේශ සංචාරකයන් හරහා මෙරටට පැමිණියහොත් රෝගය හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ සිදු කිරීමේ සියලු පහසුකම් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකක රසායනාගාරයේ පවතින බව එම ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. අදාළ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දැනටමත් ආනයනය කර ඇති බවත් එම ද්‍රව්‍ය මෙම සතිය තුළදී සිය ඒකකය වෙත ලැබීමට නියමිතව ඇති බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment