මන්ත්‍රීට වගේ නෙවෙයි රන් ගෙනා ගුවන් මගියාට රන් තරම්ම දඩ ගසයි

5821

කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (01 දා) අත්අඩංගුවට ගත් නීති විරෝධී රන් තොගය සඳහා එම රන් තොගයේම වටිනාකම වූ රුපියල් එක්කෝටි හත්ලක්‍ෂ විසිහත්දහසක මුදල දඩ මුදලක් ලෙස එය රැගෙන ආ පුද්ගලයාගෙන් අයකර ගෙන ඇත.

ඉහළින් ආ නියෝගයක් මත මෙම දඩ මුදල එය රැගෙන ආ පුද්ගලයාගෙන් අයකර ගත් බව රේගු බලධාරීහු පවසති.

එහෙත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රැගෙන ආ රුපියල් කෝටි අටකට අධික වටිනාකමෙන් යුත් රන් සහ ජංගම දුරකථන සඳහා අයකරගෙන තිබුණේ රුපියල් හැත්තෑපන්ලක්‍ෂයක දඩ මුදලක් පමණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment