ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළදී ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාට පහරදීමට තැත් කිරීමට හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට බාධා කිරිම්වලට එරෙහිව ‘ගාලූ හඬ’ සංවිධානය ඊයේ (06 දා) දහවල් ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. සමනළ ක‍්‍රීඩාංගණය අසල සිට පෙළපාලියකින් බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණි පිරිස සටන් පාඨ කියමින් උද්ඝෝෂණය පවත්වන ලදී.
ගාල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජේපාල හෙට්ටිආරච්චි, බෝපෙ පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හුසෙන් කියාස්, ගාල්ල නගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රී ප‍්‍රභාත් සෙනවිරත්න, සමගි තරුණ ජනබල වේගයේ ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායක කණිෂ්ක ලැනරෝල් යන මහත්වරු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවගේ පරමාධිපත්‍ය සුනුවිසුණු කරමින් ආණ්ඩුව කටයුතු කරන අතර දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම සඳහා ජනතාව සමග පාරට බැසීමට සුදානම් බවය.
අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි