මන්නාරමේ ප්‍රදේශ කීපයකට මේ දිනවල ෆ්ලැමින්ගෝ නමින් හඳුන්වන විදේශීය පක්ෂීන් ඇතුළු තවත් පක්ෂීන් ගණනාවක් සංක්‍රමණය වී සිටී.
දෙමළ භාෂාවෙන් මෙම පක්ෂින් හඳුන්වන්නේ මහා පුනර් යනුවෙනි. මෙම පක්‍ෂීන් අප්‍රිකාව, ආසියාව, ඇමරිකාව සහ යුරෝපයේ නොගැඹුරු විල්, වගුරු බිම් සහ වැලි සහිත දූපත්වල ජීවත් වේ.
ඉස්සන්, ඇල්ගී සහ කබොල ආහාරයට ගන්නා ෆ්ලෙමින්ගෝ විශේෂ 6 ක් ඇත. සංක්‍රමණය අතරතුර ෆ්ලෙමින්ගෝවරුන්ට පැයට සැතපුම් 37 ක වේගයෙන් පියාසර කළ හැකිය.
විදෙස් රටවලින් සංක්‍රමණය වන මෙම පක්‍ෂීන් මන්නාරමේ කුරුළු උයන ආසන්නයේ වෙනත් පක්ෂීන් සමග වාසයකොට ඉතා ස්වල්ප කාලයකින් ආපසු පියාසර කරති.
වෙනත් කාලවලදී මෙම පක්‍ෂී විශේෂ නැරැඹීමට විදේශිකයන් විශාල වශයෙන් පැමිණෙන නමුත් දැනට වසර තුනක පමණ කාලයක් තිස්සේ මන්නාරමට විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ ඉතාම අඩු වශයෙනි.
දිනසේන රතුගමගේ