මන්නාරම මඩු පරප්පකණ්ඩාල් පාරේ පිහිටි ගණ දෙවි කෝවිලක තිබූ ගණ දෙවි පිළිමය කඩා ඉවත් කොට එම ස්ථානයේ ශාන්ත අන්තෝනි මුන`ිදුන්ගේ ප්රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කොට ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස වන්නි පළාත නියෝජනය කරන සියලූම පක්ෂ වල මන්ත්රීවරු 14 දා පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ.
වසර හතළිහකට වඩා කාලයක් මෙම ස්ථානයේ ගණ දෙවි කෝවිල තිබූ බව පවසන ප්රදේශවාසීන් 12 දා රාත්රී කිසියම් පිරිසක් විසින් එම කෝවිලේ ගණ දෙවි පිළිමය ඉවත් කොට ශාන්ත අන්තෝනි මුනි`දුන්ගේ පිළිමයක් තැන්පත් කොට ඇති බව කියයි.
මේ පිළිබ`ද ගම්වාසීන් පොලිසියට හා මන්ත්රීවරුන්ට පැමිණිලි කිරීමෙන් පසුව මන්ත්රීවරු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.
දිනසේන රතුගමගේ