මන්නා රමේෂ් ඩුබායිහිදී කෝටි දෙකක අල්ලසක් දී පනින්න හදලා

878

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධ මන්නා රමේෂ් නමැති පාතාල නායකයා ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටියදී එම පාතාල නායකයා එරට පොලිසියට සම්බන්ධ ඒජන්තවරයකුට රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාදී අත්අඩංගුවෙන් මිදී පලායෑමට දැඩි උත්සාහයක් ගෙන තිබූ බව අනාවරණය වී ඇත.

ඔහු මෙරට ට රැගෙන එන තුරුම එම උත්සාහය අත්හැර නොතිබූ අතර අත්අඩංගුවෙන් මිදීමට ඔහු විවිධ උපක්‍රම භාවිත කළ බවද හෙළිව තිබේ.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ඔහු මෙරට ට රැගෙන ආ අතර මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

මන්නා රමේෂ්ගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර මේ බව හෙළිව ඇත. මෙම පාතාල නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් බොහෝ අපරාධකරුවන් එරට ඒජන්තවරුන්ට රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාදී අත්අඩංගුවෙන් මිදී යන බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment