මනාලිය මාස්ක් ගැලවූ මනාලයාට තරු පෙනුණි!

2061

වනිදු විසිහත් හැවිරිදි තරුණයෙකි. කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරන ඔහු වැඩට ආවෙත් ගියේත් බස්රථයෙනි.

කොරෝනා වසංගතය සමයේදී වරින් වර වැඩට ඒම නතර වුවත් ඉකුත් මාස කිහිපයේ දී යළි සුපුරුදු ජීවන රිද්මයට ඔහු පුරුදු වූයේ අදාළ සෞඛ්‍ය උපදෙස් මත ඉඳුරා පිහිටමිනි. දිනක් කාර්යාලයට යන ම`ගී බස් රථයට හැඩකාර සුන්දර තරුණියක ගොඩවිය.

ඇය දුටු සැණින් ඔහුගේ හද සැලින. දින කිහිපයක්ම ඒ වේලාවට ඒ බසයටම ගොඩවූ ඇය හා වචන දෙක තුනක් කතා කරන්නට ද වනිදු සමත් විය.

”මම වැඩ කරන්නෙ කොටුව අහවල් බැංකුවෙ අයියා” ඇයද තොරතුරු කීවේ දෙහදක බැඳීමට ඉඩ දෙමිනි.

දෙදෙනාගේම මුහුණ වැසී තිබුණේ මුඛ ආවරණ (මාස්ක්) වලිනි. නමුත් දෙනෙත් දිලිසිනි. අතැඟිලි බැඳිනි. පේ‍්‍රමය මෝදු වී දින සති සමග ගෙවී ගියේය.

”අපි බඳිමු” හමුවී මාසයකට පසු ඔහු කීවේ එකම කැදැල්ලක් සිහින මවමිනි. දෙපාර්ශ්වයේම ඥාතීන්ද මුණගැසිණ. ගැටලූවක් නැත. කොරෝනා නිසා ඒ හැම විටම හැමෝම සෞඛ්‍ය ආරක්‍ෂිතව සියලූ කටයුතුවල නිරත වූහ.

”මඟුල් ගෙයක් ගන්න ඕනෙ නෑ” ඇය කීවාය. ඒ අනුව විවාහය රෙජිස්ටර් කළ පසු සාමාන්‍ය හෝටලයක මධු සමයට දින වැටිණ. ඒ වනතුරුත් මේ දෙදෙනාගේ මුහුණුවල මුඛ ආවරණය. මධු සමයේදී අඩ අඳුරු මැද ඇය මුඛ ආවරණය ඉවත් කළාය. හත්වලාමයි. දත් බොල්ලෑව දුටු මනමාල වනිදුට තරු විසිවිය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment