අනූව දශකයේ කණ්ඩායම් සංගීත ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වන මනෝජ් යාපා මේ වන විට දිවි ගෙවන්නේ ලන්ඩනයේ. එරට සිටද විදේශීය සංගීත කණ්ඩායම් නියෝජනය කරමින් සිංහල ගීත ගායනා කිරීමේ නියැළෙන මනෝජ් යාපා ඔහුගේ නවතම ගීතය වන “ හිතුවක්කාරයා” අන්තර්ජාලය ඔස්සේ ජනගත කරනු ලැබුවා.
පාවී පාවී කොහේ වරා මල්
ගියත් සුළඟේ අයාලේ..
වැටී සිඹ සිඹ වියළි බිම් කඩ
පැලකලා මල් රුවිනා..
මං හිතවක් කාරයා… නමැති අපූරු පද පෙළකින් ඇරඹෙන මනෝජ් ගයන මේ ගීතය රචනා කර තිබෙන්නේ ජනප්‍රිය ගේයපද රචිකාවියක වන මංගලා දිසානායක විසින්. ඊට නවමු ආකාරයේ සංගීත නිර්මාණ කර තිබෙන්නේ සතිස් සරේන්ද්‍ර.