මනෝරත්නට හමු වූ සුනෙත් ප්‍රේක්‍ෂාට කියන කතාව

459


අද වේදිකා පරිපාලන ශිල්පියෙක්

 කතාබහ–සුනෙත් නන්දලාල්


 * පාසල් කාලය

 මගේ ගම පොල්හෙන්ගොඩ. පාසල් ගියේ කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයට. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. පාසලේ 7” 8” 9” ශ්‍රේණිවලදි මගේ පන්තිභාරව හිටියෙ තමරා ජයන්ති මනෝරත්න ගුරුතුමිය. එතුමිය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගෙ ආදරණීය බිරිඳ. ඔවුන් පදිංචිවෙලා හිටියෙ අපේ ගෙදරට අල්ලපු ගෙදර. ඒ අසල්වාසී බවත් එක්ක මට මනෝරත්නයන් හඳුනාගන්න ලැබෙනව. 1984 අවුරුද්දෙ ‘ද එල්ඩර් සන්. ප‍්‍රසන්න විතානගේ

 මහත්මයා ‘පුත‍්‍ර සමාගම. නාට්‍යයකට පරිවර්ථනය කරනව. ඒ නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නෙ ජයලත් මනෝරත්න මහත්මයා. වේදිකා පරිපාලකවරයා වන සිරිල් ආරියපාල මහත්මයාගේ

 ගෝලයෙක් හැටියට එදා පළමු වතාවට මම වේදිකාවට ගොඩවෙනව.

 * වැඩ ගොඩක්

 ‘පුත‍්‍ර සමාගම.ට පස්සෙ මම සම්බන්ධ වෙන්නෙ මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා නාට්‍යයට. ඒ වෙනකොට උසස් පෙළ ලියා අවසන්. එතන ඉඳන් අන්දරේලා” ගරුතරුව (හොඳම වේදිකා පරිපාලක රාජ්‍ය සම්මාන*” සුනන්ද මහේන්ද්‍ර මහත්මයාගෙ සොක‍්‍රටීස් (හොඳම වේදිකා පරිපාලක රාජ්‍ය සම්මාන 1990*” කේ. බී. හේරත් මහත්මයාගේ මායා දේවි” නාද ගුරුලා” රංජිත් ධර්මකීර්ති මහත්මයාගේ

 මෝදර මෝල” කපිලකුමාර කාලිංග මහත්මයාගෙ රයිනෝසිරස්” නෙළුම් පොකුණ” අපි ගෙවන්නේ නෑ” අජිත් ජිනදාස මහත්මයාගෙ යාත‍්‍රා” රොලන් ඒ ප‍්‍රනාන්දු මහත්මයාගෙ දිවැස් හෙළනු මැන වැනි නාට්‍ය විස්සක පමණ වේදිකා පරිපාලනයට මගේ සහයෝගය ලබා දෙනව. මේ හැකියාවන් වලින් අද මම යම් තැනක ඉන්නව නම් ඒ ජයලත් මනෝරත්න” දයාරත්න රටගෙදර සහ උදයකාන්ත වර්ණසූරිය යන අය නිසා බව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනා.

 * වෘත්තිය

මනෝරත්නට හමු වූ සුනෙත් ප්‍රේක්‍ෂාට කියන කතාව


 ඒ කාලෙ එක දර්ශන වාරයකට රුපියල් පණහක් ලැබුණා. නමුත් පාසල් කාලයේදීම කලාවට යොමු වුණ නිසා වෘත්තියක් විදිහට පවත්වාගෙන යනවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. කාලයත් එක්ක වැඩිපුර වැඩ ලැබීම නිසා අවසානයේ කලාව වෘත්තිය ලෙස තෝරාගන්නට සිදු වුණා.

 * අපූරු සිදුවීමක්

 තලමල පිපිලා” අන්දරේලා සහ පුත‍්‍ර සමාගම යන නාට්‍යවල දර්ශන වාර වලට ගෙනියන රංග භාණ්ඩ තියල තිබුණෙ අසෝක සොයිසාගෙ ගෙදර. ඔහුත් සහාය වේදිකා පරිපාලකවරයෙක්. එක දවසක් වෙන්නප්පුව ප‍්‍රදේශයේ පැවැත්වෙන දර්ශන වාරයකට සහබාගි වෙන්න අපි හැමෝම බඩු ටිකත් පටවගෙන බොහොම විනෝදයෙන් නාට්‍ය බස් එකේ යනව. ගමනෙන් බාගයක් ආවම තමයි මතක් වුණේ එදාට නියමිත නාට්‍ය තලමල පිපිලා බව. නමුත් අපි පටවාගෙන ආවෙ අන්දරේලා නාට්‍යයේ රංග භාණ්ඩ ටික. දැන් මොනව කරන්නද? ආයෙත් බස් එක හරවගෙන ඇවිත් බඩු ටික අරගෙන ගිහින් ජාමෙ බේරගත්තා.

 * දුෂ්කරතා

 ඇත්තටම කොළඹින් පිට පළාත්වල දර්ශනවාර වලට සහභාගී වෙනකොට ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙනවා. ඒවායේ අඩුපාඩු බොහොමයි. ඒ වෙලාවට පසුතලයේ සමහර කොටස් ඉවත් කරල තැනේ හැටියට හදාගන්නව. නමුත් ඒකෙන් වෙන්නෙ නාට්‍යයේ නියම තත්ත්වය පේ‍්‍රක්‍ෂකයාට දැකගන්න නොලැබෙන එක.

 * විශේෂ හැකියාව

 ඒ කාලෙ නාට්‍යයක පෙර පුහුණුවීම් මාස තුනක් එකදිගට කරනව. මම වේදිකා පරිපාලනය කළාට පුහුණුවීම් වලදි රංගන ශිල්පීන් එක්ක එකතුවෙලා වැඩකරනව. මට තිබුණ විශේෂ හැකියාවක් තමයි පිටපතක් නැතිව ඒ ශිල්පීන්ගේ දෙබස් මතක

 තබාගැනීමේ හැකියාව. ඔවුන්ට අමතක වෙන දෙබස් මතක් කරල දෙන්නේ මම. මේ හැකියාව නිසා සහෝදර ශිල්පීන් අතර මම ගොඩක් ජනප‍්‍රිය වුණා. සමහර නාට්‍යවල දෙබස් අදටත් මට කටපාඩමෙන් කියන්න පුළුවන්.

 * මෙහෙමයි වෙන්නෙ

 කණ්ඩායමේ අපි සාකච්ඡුා කරලා තීරණයක් අරගෙන පසුතලය නිර්මාණය කරන්න අදාළ ශිල්පීන්ට භාර දෙනව. ලයනල් බෙන්තරගේ සහ ලූවලින් වැන්ඩර්වොල් තමයි ඒවා නිර්මාණය කළේ. මම කළේ වේදිකා පරිපාලනය. ඒ අතර ඇඳුම් නිර්මාණයටත් යොමු වෙන්න මට

 අවස්ථාව ලැබුණා.

 * එදා සහ අද

 එදා බොහෝ වෙලාවට බිහි වුණේ දහස් වරක් වුණත් වේදිකා ගත වෙන” ගත කළ හැකි නාට්‍ය. නමුත් අද බිහිවෙන බොහෝ නාට්‍ය සම්මාන උළෙල සඳහා පමණයි. හොඳ නාට්‍ය බිහිවෙන්න නම් හොඳ පිටපත් ලියවෙන්න ඕන. නමුත් ඒ බවක් දකින්න ලැබෙන්නෙ නැහැ. අද බොහෝ වෙලාවට පරණ නාට්‍ය අලූතින් නළු නිළියො යොදාගෙන නැවත කරනව.

 * නව පරපුර

 නව පරපුරේ බොහෝ දෙනෙක් ප‍්‍රවීණයන්ව හඳුනන්නෙ නැහැ. කැපවීම” ගරුකිරීම දකින්නවත් නෑ. හැදෑරීමක් නෑ. ඒ කාලේ මාස තුනක් කළ වේදිකා නාට්‍ය පෙර පුහුණුවීම් වලට අද නවකයන් එක දවසක් රඳවා ගන්නත් අපහසුයි. ඔවුන්ගේ බලාපොරොත්තුව ජනප‍්‍රියවීම ම පමණයි. කවුරුත් කාර්ය බහුල යුගයක් වුණත් තමන් කරන කැපවීම අනුවයි නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව රඳාපවතින්නෙ. මෙහෙම වුුණොත් ඔවුන්ට ඔවුන්ගේ අනාගතය සුබවාදීව දකින්න නොලැබේවි.

 * සමකාලීනයෝ

 නීල් අලස්” සුමින්ද සිරිසේන” සම්පත් තෙන්නකෝන්” රත්නා ලාලනී ජයකොඩි” ගීතා කාන්ති ජයකොඩි” චාන්දනී සෙනෙවිරත්න” අජිත් ජිනදාස” මාලනී රණසිංහ” චන්ද්‍රා කළුආරච්චි” ශ‍්‍රියන්ත මෙන්ඩිස්” එච්. ඞී. පෙරේරා” වසන්ත විට්ටච්චි” බුද්ධදාස ගලප්පත්ති සහ ලක්‍ෂමන් විජේසේකර යන අය තමයි මගේ සමකාලීනයෝ වුණේ. ඒ වගේම මේ කණ්ඩායම හැඳින්වුවේ අසූවේ කණ්ඩායම හැටියට. 90 දශකයේදි අපි එක මාසයට දවස් විසි හතක් නාට්‍ය වේදිකා ගත කළ අවස්ථා තිබුණා.

 * සම්මානයක අගය

 ඇත්තටම මම කිසිම සම්මානයක් බලාපොරොත්තුවෙන් කලාවට සම්බන්ධ වුණේ නැහැ. භාරගත්ත නිර්මාණයට උපරිම සාධාරණයක් කළා. බලාපොරොත්තු නොවුණත් ගුරු තරුව සහ සොක‍්‍රටීස් යන නාට්‍යවලට ලැබුණ සම්මාන මට හීනයක් වුණා. ඒවා ලැබුණෙ තවත් එවැනිම දැවැන්ත නාට්‍ය සමග තරග කරල. ඒවායේ වටිනාකම ගොඩක් ඉහළයි.

 * අධ්‍යක්‍ෂණයටෟ

 වසර විසි පහක අත්දැකීමක් මා සතු වුණත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණයට යොමු නොවුණෙ ඇයි කියන ප‍්‍රශ්නය ගොඩක් දෙනකුට ඇති. ඇත්තටම මට පිහිටලා තියෙන්නෙ නාට්‍ය අධ්‍යක්‍ෂණය නොවෙයි” වේදිකා පරිපාලනය. මම අධ්‍යක්‍ෂණයට යොමු වුණොත් අද මට ලැබෙන වැඩ හෙට නැති වේවි.





 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment