මම ඉන්නේ කලකිරිලා!

770

ආණ්ඩුව තුළට වී රාජ්‍ය මුදල් කොල්ලකන ඇතැම් දේශපාලනඥයින් පිළිබඳ ලැබෙන තොරතුරු නිසා තමා බොහෝදුරට කලකිරී සිටින බව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා “දිවයින”ට ඊයේ (7 දා) කියා සිටියේය.

මෙවැනි දේශපාලනඥයින් පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීම ඉතා වැදගත් යැයිද මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහජන ඡන්දයෙන් බලයට පත් කෙරෙන ආණ්ඩු ගණනාවකම එදා සිට අද වෙනතුරුම දේශපාලනඥයින් දෝෂදර්ශනයට ලක්වෙන බවද හෙතෙම කීවේය.

එදා සිට මේ දක්වාම රජයේ මුදල් දේපළ මෙසේ දේශපාලනඥයින් අතට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද මෙම තත්ත්වයට පත්වී ඇතැයිද හෙතෙම දැඩි අවධාරණයෙන් යුතුව කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment