මම ජනපති වෙලා හිටියනම්  මෙහෙම ආක‍්‍රමණ වෙන්නේ නැහැ  – හිටපු ජනපති ට‍්‍රම්ප් අවධාරණය කරයි

1009

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යුකේ‍්‍රනයට එරෙහි රුසියානු ප‍්‍රහාරය හෙළා දුටු අතර එය ‘‘භයානක” ලෙස හැඳින්වූ අතර තමා ජනාධිපති වූයේ නම් ‘‘මෙවැන්නක් කිසිදාක සිදු නොවනු ඇත” යනුවෙන් අවධාරණය කළේය. මම පුටින් හොඳින් දනිමි. ඔහු දක්ෂයි. නමුත් මම හිටියානම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ’’ යනුවෙන් පවසා ඇත.

 තමා යුකේ‍්‍රන ජනයා වෙනුවෙන් යාඥා කරන බව පැවසූ ට‍්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ව ද විවේචනය කළේය. ”යුකේ‍්‍රනයට රුසියානු ප‍්‍රහාරය භයානකයි. අපි යුකේ‍්‍රන ජනතාව වෙනුවෙන් යාඥා කරමු. දෙවියන් වහන්සේ ඔවුන් සියල්ලන්ටම ආශීර්වාද කරයි” යනුවෙන් ට‍්‍රම්ප් ෆ්ලොරිඩාවේ පැවති රැුස්වීමේදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

 ට‍්‍රම්ප් කියා සිටියේ 2021 එක්සත් ජනපද මැතිවරණය ”දූෂිත නොකළේ නම් මෙවැනි භයානක ව්‍යසනය කිසි විටෙකත් සිදු නොවනු ඇති බවයි. යළිත් මා ජනපති වුණානම් මෙවැනි විනාශ වෙන්නේ නැහැ. හිටපු ජනපතිවරයා අවධාරණය කර ඇත.


advertistmentadvertistment