ද්විත්ව පුරවැසිභාවය තිබෙන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු සිටින බව දැන ගැනීමට ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.
මෙම දෙතුන් දෙනා හැර තවත් එවැනි මන්ත්‍රීවරුන් සිටී දැයි තමා නොදන්නා බවද කථානායකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීවරු පිළිබඳව නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද හෙතෙම පැවසීය.
නෝමන් පිළිහවඩන