මම නිර්මාණ කරන්නේ කාටවත් වාරණය කරන්න නෙමෙයි – අශෝක හඳගම

305

ඔහුව නිතර හඳුන්වන්නේ සම්මත සිනමාවේ අසම්මත නිර්මාණ බිහි කරපු සිනමා කරුවෙක් විඳිහට. සෑම විටම ඔහු සිනමාව තුළින් වෙනස්ම වස්තු බීජයක් සිනමාවට නැඟුවා. පසුගිය කාලයේ ඔහු ගැන කතා බහ වැඩි වුණේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය හේතුවෙනි. ‘ඇල්බොරාදා’ ඔහුගේ නවතම සිනමා කෘතියයි. මේ නිසාම හඳගමයන්ගේ සිනමා භාවිතය ගැන අප කතාබහ කරන්න අදහස් කළා. මේ එහි පෙළ ගැස්මයි.


* අශෝක හඳගමයන්ගේ මූලික අරමුණ වුණේ සිනමාකරුවෙක් වීමද?

 මට සිනමාවට එනවා කියලා නිශ්චිත බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

 * ඇත්තට ම ඔබ සිනමාවට ප‍්‍රවිෂ්ට වුණේ අහම්බයෙන්ද?

 මෙහෙමයි. දුන්හිඳ අද්දර, ප‍්‍රභාතය ටෙලිනාට්‍යය අපි හිතලමයි නිෂ්පාදනය කළේ. කවුරුවත් නිෂ්පාදකවරු අපිට සල්ලි දෙන්නේ නැහැනේ. අනික අලූතෙන් එන කෙනකුට නාට්‍යය කරන්න කවුරුවත් සල්ලි දෙන්නෙත් නැහැනේ. ඒ හින්දා අපි කට්ටියක් එකතු වෙලා තමයි ප‍්‍රභාතය ටෙලිනාට්‍යය කළේ. ඒ ටෙලිනාට්‍යය විකාශනය වුණාට පස්සේ අපිට පුළුවන් කමක් ලැබුණා, දුන්හිඳ අද්දර කියලා දෙවැනි ටෙලිනාට්‍යයක් ලියන්න. ඒත් එක්කම මට අදහසක් ආවා සිනමා පිටපතක් ලියන්න ඕනෑ කියලා. ඊට පස්සේ දුන්හිඳ අද්දර ටෙලිනාට්‍යය කළාට පස්සේ චන්න කින්දරී චිත‍්‍රපටයේ තිරපිටපත ලිව්වා. දුන්හිඳ අද්දර ටෙලිනාට්‍යයේ මාධ්‍ය දර්ශනය දැකලා නිෂ්පාදකයා ඇවිත් කිව්වා මා ළ`ග සල්ලි ටිකක් තියෙනවා කැමැති නම් චිත‍්‍රපටයක් කරන්න කියලා. එතකොට මගේ අතේ පිටපතක් තිබුණා ලියැවිලා. ඒක එහෙම්ම කළා. මම නිෂ්පාදකයෙක් හොයාගෙන ගියා නොවේ. නිෂ්පාදකයෝ මාව හොයාගෙන ආවා. එහෙමයි පළමු චිත‍්‍රපටය කළේ.

 * හඳගම ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි හඳගමට අහුවෙන්නේ මිනිස්සුන්ගේ සෙක්ෂුවෙල් ලයිෆ් එක විතරද කියන කාරණාව. සමාජයේ අසම්මත යැයි කියන දේවල් සම්මත සිනමාවට ගෙන ඒමේ අදහස ගොඩනැ`ගෙන්නේ කොතැනින්ද?

 ගොඩක් අය ඇයි සමහර තේමාවල් කතා කරන්න බය. ඒ බය එන්නේම ඒවාට අපි යටත්වෙලා නැති නම් වහල් වෙලා ඉන්න හින්දානේ. අපිට අපේ ජීවිතයේ සමහර දේවල් එහෙමත් නැතිනම් අපිට අපේ දැක්ම එක්තරා ආකාරයකින් සීමා කරලා තියෙනවා. එක පැත්තකින් සංස්කෘතික බාධාවක් තියෙනවා. අනෙක් පැත්තෙන් දේශපාලනික බාධාවන් තියෙනවා. තවත් අතකින් තමන්ගේම පැත්තෙන් තියෙන බාධා. දැන් ඔහොම වාරණ ටිකක් දාගෙන ඉන්නවා. අපි හැම වෙලේම ඉන්නේ රාමුවක හිරවෙලා.

 * ඔබට ස්වයං වාරණයක් නැහැ එහෙම නේද?

 අපි ඕනෑම කෙනෙක් ඉන්නේ සීමාවක් ඇතුළේ. සීමාවන් අපි වළං කඩෙට පැන්න ගොනා වගේ කඩාගෙන යනවා නෙමෙයි. සීමාවන්් අපිට පුළුල් කරගැනීමට සිද්ධ වෙනවා. ඒ පුළුල් කර ගැනීම හරහා තමයි කලාවේ සීමාවන් පුළුල් කරගෙන අපිට තහනම් කියලා හිතෙන විෂය සීමාවන් ස්පර්ෂ කරන කොට තමයි සමාජයක් එහාට තල්ලූ වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ‘තනි තටුවෙන් පියාඹන්න’ වගේ චිත‍්‍රපටයක් කෙරෙන කාලයක ලංකාවේ සමලිංගික ඇසුර වගේ මාකෘතාවක් කතා කරන්න අකමැති කාලයක්. නමුත් අද වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. තහනම් කාලයෙත් ඒක කතා කළ යුතුයි.

 එතකොට මම මේ ‘මගේ සඳ’ තුළින් කතා කළේ යුද්ධය උත්කර්ෂයට නැඟච්ච වකවානුවක් නේ. අපි කතා කළේ. යුද්ධය කියන දෙය උත්කර්ෂයට නංවන්න ඕනෑ දෙයක් නෙමෙයි කියලා යුද්ධය කියන්නේ කොන්දේසි විරහිතව හෙළා දැකිය යුතු දෙයක්. එහෙම තමයි කලාවක් සමාජයක් වෙනස් කරන්න පරිවර්තනය කරන්න දායක වෙන්නේ. ඒක තමයි මගේ ව්‍යායාමය. ඒක නිසාම හැම තිස්සේම මගේ නිර්මාණත් එක්ක හැප්පෙන පිරිසක් හිටියා.

 * හැබැයි කෙනකුට කියන්න පුළුවන් හඳගමට තියෙන්නෙ සෙක්ස් ඇරියස් එකක්ද මේ සිනමා නිර්මාණයකින් එළියට දාන්න හදන්නේ කියලා?

 මෙහෙමයි වැඬේ. තම තමන්ගේ තියෙන දේවල් තමයි කියන්නේ. මට ඇති සෙක්ස් ඇරියස් එකක් නැහැ. කට්ටිය හිතාගෙන ඉන්නවා මට එහෙම එකක් ඇති කියලා. හිතාගෙන ඉන්න කට්ටියගේ ඇරියස් එක තමයි ඔය පිට කරන්නේ. මට එහෙම ප‍්‍රශ්නයක් නැහැ. අනික ඒකට මට කරන්න දෙයක් නැහැ. උදාහරණයක් හැටියට මගේ චිත‍්‍රපට ඇතුළේ සිගරැුට්, අරක්කු ප‍්‍රමෝෂන් එකක් ගැන කතා කරනවානේ. මම නඩුත් කියලා දිනලා තියෙනවා. ‘දිය කැටපහන’ ටෙලිනාට්‍යය රූපවාහිනියේ නවත්වනකොට මම නඩු කිව්වා. ඒක දිනුවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත‍්‍රපටය හෝල්වල තිරගත වෙනකොට හෝල්වල ඉස්සරහ ඇඩික් එකෙන් ඇවිල්ලා පිකටින් කෙරුවා. අපිත් එක්ක ගැටුණා. හැබැයි කොයි වෙලාවකවත් ඔය කට්ටිය තියෙන දේවල් ගැන කතා කරනවා. අපි නැති දේවල් ගමුකෝ. දැන් පොදු එකේ එහෙම නැහැ. අක්ෂරය එහෙම නැහැ. ඊළ`ගට ඉනිඅවන් චිත‍්‍රපටයේ එක දර්ශනයක්වත් නැහැ. සින්තටික් සිහින ටෙලිනාට්‍යයේ එක දර්ශනයක්වත් නැහැ. ඇඟ් ඇස අග චිත‍්‍රපටයේ නැහැ. අසන්ධිමිත්තා එකේ නැහැ. ඔය ගොඩාක් තියෙන්නේ නැති ඒවා එහෙනම් මේවාගේ නැහැ කියලවත් කියන්න එපායැ. ඒක කියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඒක වෙන ප්‍රොජෙක්ට් එකක්. ඒවා එක එක්කෙනාගේ ප්‍රොජෙක්ට්. ඒවාට ඉතිං මට කරන්න දෙයක් නැහැ. තම තමන්ගේ ප්‍රොජෙක්ට් තම තමන් කරගන්න. මම ඒවාට පළි නැහැ. මම කරන්නේ මට ඕනෑ දේ. ඕනෑ නැති එකම ඕනෑ නෑ. ඕනෑ එකට ඕනෑ ඉතිං මොකද කරන්නේ.

මම නිර්මාණ කරන්නේ කාටවත් වාරණය කරන්න නෙමෙයි - අශෝක හඳගම



 * හඳගමට නැෙඟන තවත් චෝදනාවක් තමයි සංස්කෘතිය විනාශ කරන නිර්මාණ කරනවා කියන කාරණාව?

 ඔව්. මෙහෙමයි සංස්කෘතිය ගැන අපේ අය හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම රාමුවක් ගහලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. සංස්කෘතිය කියන්නේ එහෙම දෘඪ දෙයක් නෙමෙයි. සංස්කෘතිය කියන්නේ මිනිසා විසින් හදාගන්න ගත්ත දෙයක් වෙනස් වනසුලූ දෙයක්. එතකොට සංස්කෘතිය කියන දෙය අපිම තමයි හදාගන්නේ.

 එතකොට අපි මේ සංස්කෘතිය හදමින් යන ගමන තමයි මේ තියෙන්නේ. එතකොට පරණ එක නෙමෙයි හැම වෙලේම සංස්කෘතිය කියන්නේ සංස්කෘතිය කියන්නේ අපි මේ මොහොතේ ජීවත් වෙන විඳිහ. සංස්කෘතියක් නිර්මාණය කරනවා ඒක තමයි ඉදිරියට යන්නේ. සංස්කෘතිය කියන දෙය පරිණාමය වෙමින් ඉදිරියට යන දෙයක්. ඉන්වෝල් වෙන දෙයක්. එහෙම නැතිව සංස්කෘතිය කියන දෙය එකතැන පල්වෙලා තියෙන දෙයක් නෙමෙයි.

 * හඳගමට තියෙන තව චෝදනාවක් තමයි සංස්කෘතිය විනාශ කරන්න එන්ජී ඕවලින් සල්ලි අරගෙන චිත‍්‍රපට හදනවා කියා කාරණාව. ඒ ගැන මොකද හිතෙන්නේ?

 කට්ටිය කියනවානේ මම එන්ජී ඕවලින් සල්ලි අරගෙන චිත‍්‍රපට හදනවා කියලා. මම කරපු එක චිත‍්‍රපටයක් කියන්නකෝ එන් ජී ඕවලින් සල්ලි අරගෙන. ඔය කියන කට්ටියට මම කියන්නේ එකක් නම ඇතිව කියන්නකෝ මේක එන්ජී ඕවලින් සල්ලි අරගෙන කරලා තියෙන්නේ කියලා. ඒවා මිනිසුන්ගේ කතා. මිනිස්සු හිතාගෙන ඉන්න කතාවලට මට කරන්න දෙයක් නැහැ. මම චිත‍්‍රපට කරලා තියෙන්නේ නිෂ්පාදකවරු එක්ක. වෙන කවුරුවත් එක්ක නෙමෙයිනේ. මෙන්න මේක කළේ තමුසේ මේකෙන් සල්ලි අරගෙන කියලා කියන්නකෝ. මට ඔය කතාවලින් වැඩක් නැහැ ඕවා පලාප.

 * ඔබත් සම`ග චිත‍්‍රපට කරලා ලාභ ලැබූ නිෂ්පාදකවරු නැහැනේද?

 මෙහෙමනේ මගෙත් එක්ක චිත‍්‍රපට කරන්න එන්නේ මුදල් මය ලාභයක් බලාපොරොත්තුවෙන් එන අය නෙමෙය. මුදල් ලාභ ගන්න චිත‍්‍රපට කරන අය ඉන්නවා. ඔවුන්ට පුළුවන් ඕනෑ තරම් ඒ වගේ අධ්‍යක්‍ෂකවරු සොයාගෙන ඒක කරන්න. මගේ චිත‍්‍රපටවලට ඇලූම් කරන අය තමයි මගේ චිත‍්‍රපට නිෂ්පාදනය කරන්න එන්නෙත්. උදාහරණයක් විදිහට අභාවප‍්‍රාප්ත ජගත් විජේනායක සම`ග මම කරපු චිත‍්‍රපටයක් තමයි‘වි¥’ ඔහු දෙවැනි චිත‍්‍රපටය විදිහට ඇෙඟ් ඇස අග කළා. එතකොට සරසවි චිත‍්‍රපට පේ‍්‍රමසිරි මහත්මයා එක්ක මම කළා අසන්ධිමිත්තා කියන චිත‍්‍රපටය. ඊට වඩා ලොකු පිරිවැයක් දරලා ඊට පසුව කළා ඇල්බොරාදා චිත‍්‍රපටය. ඔවුන්ට සල්ලි එන මාර්ග තියෙනවා. එතකොට මටත් රස්සාවක් හැටියට සල්ලි එන මාර්ග තියෙනවා. මාත් චිත‍්‍රපට කරන්නේ සල්ලි හොයන්න නෙමෙයි. මේක වෙන සතුටකට කරන වැඩක්. ඒ සතුට තමයි අපිට තියෙන ප‍්‍රතිලාභය. කවුරුවත් හිතාගෙන ඉන්න ලාභය නෙමෙයි. හැම දෙයක්ම මිනිස්සු බලන්නේ සල්ලි වලින්නෙ. සල්ලි නෙමෙයි හැම එකක්ම.

 * හිත් අමනාපකම් ඇතිකරගත් නිෂ්පාදකවරු නැද්ද?

 මම දන්න තරමින් නැහැ. එහෙම ඉන්නවද කියලා මම හිතන්නෙ නැහැ.

 * රැගුම් පාලක මණ්ඩලයෙන් ලබාදෙන වාරණ ගැන මොනවද කියන්න තියෙන්නෙ?

 කලාකරුවෙක් හැටියට මම කොන්දේසි විරහිත කලාවක් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවෙක්. මගේ කලාවට කවුරුවත් වාරණය කරනවාට මම කැමැති නැහැ. කලා නිර්මාණ වාරණය කරන සමාජයක් දියුණු වෙන්නේ නැහැ. චින්තනමය පැත්තෙන්වත් දියුණු වෙන්නේ නැහැ. සමාජයකට දරා ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඉවසන්න පුළුවන් වෙන්න ඕනෑ. කලා කෘතියක ප‍්‍රකාශන. ඒක හින්දා මම කොන්දේසි විරහිත කලාවක් වෙනුවෙන් කලාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. රටක රැ`ගුම් පාලක මණ්ඩලයක් වෙනුවට මම කැමැතියි වර්ගීකරණ ආයතනයක් තියෙනවාට. රැ`ගුම් පාලක කියන වචනයටත් මම කැමැති නැහැ.

 ඒක කාටත් පිළිගන්න පුළුවන් නම් මට ප‍්‍රශ්නයක් නැහැ. කෘතියක් තහනම් කිරීම ගැන මට ගැටලූවක් තියෙනවා.

 * අක්ෂරය තහනම් කිරීම ගැන මොකද හිතන්නේ?

 අක්ෂරයත් රැ`ගුම් පාලක මණ්ඩලය නෙමෙයි නේ තහනම් කළේ. අක්ෂරය රැ`ගුම් පාලක මණ්ඩලය වැඩිහිටියන්ට නරඹන්න පුළුවන් චිත‍්‍රපටයක් කියලා අනුමත කළා. ඒක තහනම් වුණේ වෙන සන්දර්භයක් ඇතුළේ ඒක වෙන කතාවක්. ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment