මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ පින්කම දා

117

ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිති කොටගෙන මරණයට කැප වූ එළ ගවයන් තිස් දෙදෙනකු අභය දානය ලබා දී පදවිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදා දීමේ පිංකමක් පදවිය ඉසිපතනාරාම විහාරස්ථානයේදී පෙරේදා (26දා) සිදු කෙරිණි.

තායිවාන – ශ්‍රී ලංකා සහයෝගීතා අභයදාන සංගමයේ මූල්‍ය අනුග්‍රහය මත මෙසේ මරණයෙන් මුදා ගත් එම ගවයන් පවුල් තිස් දෙකක් සඳහා බෙදා දෙනු ලැබූහ.

පදවිය ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍ය දඹුල්ලේ විපස්සී හිමියන්ගේ අනුශාසනා මත තායිවාන – ශ්‍රී ලංකා සහයෝගීතා අභය දාන සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ටී.ඩබ්ලිව්.ඒ.රුවන් විජේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම පිංකම සංවිධානය කොට තිබිණි.

මරණයට එම එළ ගවයන් අතර සිටි ඇතැම් එළ ගවයන් කීපදෙනෙක්ම විහාරවාසී හිමියන් ඉදිරියේ බිම වැතිරී සිය කෘතවේදීත්වය පළ කරනු දුටුවන්ගේ දෑස් කඳුළින් පිරී ගියහ.

මෙම අවස්ථාවට පදවිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ හිටපු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.කුමාරසිංහ, පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිංහ සහ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී සමන් පුෂ්පකුමාර යන මහත්වරුන් සහභාගී වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment