මරන්දැලට පැය තුනක් දෙන්න: පැලෑන ධීවරයෝ රජයෙන් ඉල්ලති

221

හාල්මැස්සන් පැන්නන් වැනි කුඩා මාළුන් ඇල්ලීමෙන් දිවි රැකගන්නා ධීවර ජනතාව දහසකට අධික ප‍්‍රමාණයක් වාසය කරන වැලිගම පැලෑන ප‍්‍රදේශයේ මෙතෙක් නොවිසඳුණු බද්දෙවත්ත ධීවර තොටුපොළේ ගැටලූ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ගියෙමි.

 එහිදී රැුකියාවන් අහිමි වීම නිසා දුෂ්කරතා වලට පත් ධීවර ජනතාව මෙලෙස අදහස් පළ කළේය.

 පැලෑන බද්දෙවත්ත ග‍්‍රාමීය ධීවර සමිතියේ ලේකම් ජයන්ත අබේසුන්දර මහතා

 දැන් අපි මාදැල් කාලෙ ඉඳලම අවුරුදු තිහක හතළිහක පමණ කාලයක ඉඳලා අපේ තාත්තල සීයලගෙ කාලෙ ඉඳල මේ හාල්මැස්සන් අල්ලන පන්න ක‍්‍රමය කරගෙන එනව. දෙදාස් හතරෙ සුනාමි ව්‍යසනයත් එක්ක මාදැල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. හාල්මැස්සන් අල්ලන්න එකම ක‍්‍රමයක් විදියට අපිට තිබුණෙ ඒ මාදැල් කර්මාන්තය. ඒක සුනාමි ව්‍යසනය එක්ක ඉවරවෙලා

 ගියාට පස්සෙ අපි නවීන තාක්ෂණය ඔස්සේ රැුඳිල හාල්මැස්සන් ඇල්ලූවෙ මේ මරන්දැල් කියන දැල් ආම්පන්න වලින්. ඉතිං දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මාස නවයක කාලයක් තිස්සේ දැනට එම පන්න ක‍්‍රමය තහනම් කරල තියෙනවා. මෙම පන්න ක‍්‍රමය භාවිතා කරල එක්දහස් පන්සීයක් පමණ යැපෙන්නන් ඉන්නව. මාළු අල්ලන්න කට්ටිය , මාළු අදින කට්ටිය , මාළු විකුණන කට්ටිය ඒ අතර එක ධීවර යාත‍්‍රාවක ධීවරයින් දහයක් විතර යනව එතකොට පවුල් දහයක් එක ධීවර යාත‍්‍රාවකින් රැුකෙනව. එතකොට දැන් මේක නැති උනයින් පස්සෙ ඒ ධීවර යාත‍්‍රා සේරම දැන් කැලෑවට ඇදල දාල විනාශ වෙමින් පවතිනව. සියලූම ධීවර පවුල් මහපාරට වැටිල අන්ත අසරණ වෙලා දුක්විඳින තත්ත්වයට පත්වෙලා තියෙනව.

 හාල් මැස්සයි කියන සතා බද්දෙවත්ත තොටුපොළ ආසන්නෙට ඇවිල්ල ධීවරයින් දිහා බලාගෙන ඉන්නෙ. අපිට ඉතිං ඒ දිහා බලාගෙන සුසුම් හෙලන්න වෙලා තියෙන්නෙ. ඉතිං මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව….. දවස පුරා අපි ඉල්ලන්නෙ නැහැ. අපිට උදේ හයේ ඉඳල නවය වෙනකම් පැය තුනක කාලයක් තමයි ඉල්ලන්නෙ. අපේ ධීවරයින් වෙනුවෙන් මානුෂික පැත්තෙන් හිතල මේ දේ කරල දෙන්න කියල තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ. ඒක අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව. නැත්නම් මේ ධීවරයින් සදාකාලිකව අමාරුවෙ. මේ නිසා අපේ ධීවරයින් කුලී වැඩවලට යන්න අත්වැඩ දෙන තත්ත්වයට පත්වෙලා තියෙනව. ඒනිසා ඔබතුමාලගේ අවධානය යොමු කරල පැය තුනක කාලයක් අපිට දෙන්න කියල ඉල්ලා සිටිනව. ඒ වගේම දිවයින පත්තරේ විසිදැල පිටුවෙන් මේ දෙන පණිවිඩය ක‍්‍රියාත්මක කරල දෙන්න කියල ධීවර ඇමැතිතුමා සහ රටේ ප‍්‍රධාන පුරවැසියන් දෙපල වන ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනව.

 පැලෑන බද්දෙවත්ත ධීවර තොටුපොළේ මම රැකියාව කරන්නෙ. හාල්මැස්සන් අල්ලන්න යන එක තමයි රස්සාව හැටියට කරන්නෙ. ඒත් දැන් අපි අන්ත අසරණ වෙලා තියෙන්නෙ හාල්මැස්සන් ඇල්ලීම තහනම් කරපු නිසා. මේ දවස්වල හාල්මැස්සන් ඕනතරම් වැල්ලෙ ගොඩ ගහන තරමට ඇවිල්ල ඉන්නෙ තවත් ඒ මාළු මේ තොටුපොළට එන්නෙ නැහැ ගියාට පස්සෙ ඒව නිකං දියවෙල මැරිල යනව. එතකොට මේ අපේ තොටුපොළේ පමණයි හාල්මැස්සන් අල්ලන එක නවත්වල තියෙන්නෙ. උඩහ පළාත්වල ධීවරයින් තුන් හාරදාහක් මේ රස්සාව කරනව. අපිට විතරයි ඒ ප‍්‍රශ්නෙ බලපාල තියෙන්නෙ. අපිට විතරක් මේ නීතිය ක‍්‍රියාත්මක වෙලා තියෙන්නෙ. ඉතිං මම ජනාධිපතිතුමාට කියන්නෙ උදවුවක් විදියට අපේ බඩවියත රැුකගන්න වෙන පළාත්වල වගේ නැතුව … සාමාන්‍යයෙන් වෙන පළාත්වල මේ රැුකියාව දවස පුරාම කරනව. අපිට එහෙම ඕන නැහැ. අපි ඉල්ලන්නෙ පැය තුනක කාලයක්. අපිට එතකොට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. පැය තුනක් මේ රැුකියාව කරගන්න දුන්නම. අනිත් එක අපේ තොටුපොළේ බන්ටෙකක් මොකුත්ම නැහැ . නිතරම මේ රැුලේ හයි වෙනව ඉතිං අපි ඉතාමත් අමාරුවෙන් තමයි මෙතන රැුකියාව කරන්නෙ. අනිත් එක අපි දෙකට තුනට රස්සාවෙ යන්නෙ නැහැ. අපි ඔය පන්නෙට යන්නෙ උදේ හයේ ඉඳල නවය වෙනකම් විතරයි. හොඳටම පේන වෙලාවෙ හුළං කෝඩයක් තිබුණත් අපිට හොඳට හොයල බලල යන්න පුළුවන්. ඒ වගේම කෝස් ගාඞ් එකේ මහත්තුරු තමයි අපිට බල කරන්නෙ එයාල කරදර කරනව නිතරම ඇවිල්ල. ඒත් අපි කියන්නෙ නැහැ ඒ මහත්තුරු වැරැදියි කියල. නිලධාරි මහත්තුරුන්ගෙන් තමයි අපි මේ ඉල්ලීම කරන්නෙ අපේ බඩගෝස්තරය හොයාගන්න එක ගැන පොඞ්ඩක් සැලකිලිමත් වෙලා මේ ගැන හිතන්න කියන්නෙ. අද අපේ දරුවොත් බඩගින්නෙ. මුල ඉඳලා අවුරුදු තිහක් තිස්සේම කරපු රැුකියාව තමයි මේ කරන්නෙ. ඉතිං අපේ ළමයින්ට දැන් වෙලා තියෙන්නෙ … මටත් දැන් අවුරුදු පනස් හතරක් වෙනව. මම බඳින කොට අවුරුදු විසි එකයි. මට පුතාල දෙන්නෙක් ඉන්නව ඒ ළමයින් කරන්නෙත් මේ රැුකියාව තමයි. ඇත්ත වශයෙන්ම කියනව නම් ඒ ළමයින් මේ රැුකියාවට යොමු වෙල ළමයිත් අසරණ වෙල තියෙන්නෙ.

 අපේ ගේත් කැඩිල වහල කැඩිල තියෙන්නෙ. මේ වැහි කෝඩෙත් එක්ක හරිම අමාරුවෙන් තමයි ගෙදර ජීවත් වෙන්නෙ. ඇත්තටම කියනව නම් හොඳ සම්පතක් එන්නෙ අපේ තොටුපොළට අපි ඒව නෙලාගන්නෙ නැතුව ඒව පොළොවට පස් වෙලා යනව. හාල්මැස්සන් කියන්නෙ මහලොකු පනක් තියෙන ජාතියක් නෙවෙයි. ණය ගනුදෙනුවක් හරි ඉල්ලගෙන අපිට ගෙයි වහල හරි හදාගන්න පුළුවන් මේ රස්සාව තියෙනව නම්. ඔබතුමාල ඇවිල්ල බලන්න අපේ ගෙවල් දොරවල් ගැන. අපේ ධීවර ඇමැතිතුමාට කියන්නෙ ඒ වගේම මම ඉතා ආදරෙන් කරුණාවෙන් ඉල්ලන්නෙ බැගෑපත්ව ඉල්ලා සිටිනවා අපිට මේ උදව්ව කරල දෙන්න කියල.

 මහත්තයෝ මේ තොටුපොළේ තියෙන්නෙ යාන්ත‍්‍රික ඔරු. ඒව තමයි මේ තොටුපොළේ පාවිච්චි කරන්නෙ . යාන්ත‍්‍රික බෝට්ටු පාවිච්චි කරන්න බැහැ. මෙතන පාවිච්චි කරන්නේ යාන්ත‍්‍රික ඔරු විතරයි. ඉතිං ඔරු වලින් තමයි මේ කර්මාන්තෙ කරගෙන එන්නෙ පරම්පරා ගානක් තිස්සේම. එතකොට මේකට වෙලා තියෙන්නෙ ස්ථීර විසඳුමක් නැහැ. කාලෙන් කාලෙට පත් වෙන දේශපාලකයන්ගෙ කට වචන උත්තරයට තමයි රස්සාව කරන්න හම්බ වෙන්නෙ. ඉතිං ඒ කට වචනෙ හින්ද තමයි අද ධීවරයින් අමාරුවෙ වැටිල තියෙන්නෙ. මමත් මේ රැුකියාව කරන ධීවර කාර්මිකයෙක්. එතකොට මේ දේශපාලකයන්ගේ උත්තර අපිට වැඩක් නැහැ. මේ සම්පත් ආරක්ෂා කරන්නත් ඕන. අපි ජීවත් වෙන්නත් ඕන. සම්පතක් ලැබිල තියෙන්නෙ නෙලා ගන්නනේ. අපි කුඹුරට යන්නෙ නැහැනෙ. අපි ධීවර කර්මාන්තෙ කරන්නෙ මේ ආශ‍්‍රිතව තියෙන්නෙ ධීවර කර්මාන්තෙ. ඒ නිසා නීතිය හරස් කරල බාධා කරන්න එපා කියල තමයි පවතින ඕනෑම රජයකින් ඉල්ලා සිටින්නෙ. එතකොට හාල්මැස්සන් කුඩා මාළු අල්ලන්නෙ මේ කුඩා දැලෙන්. ඉස්සර මේක මාදැල් තොටුපොළක් දැන් මේකෙ මාදැල් නැහැ. සුනාමියෙන් ඒව ඔක්කොම නැති උනා. හිටපු මිනිස්සුත් නැති උනා. ඊට පස්සෙ තමයි මේ ඔක්කොම උනේ. ධීවර අපි දන්නෙ නෑ නීතිය මොකක්ද කියල. අපි පනතක් දැකලත් නැහැ. එතකොට තියෙනො නේ දකුණු පළාතේ ධීවර අමාත්‍යංශය ඒකෙත් ධීවරයින් දැනුවත් කරන්න ඕන මෙන්න මේ ටික කරන්න බැහැ කියල. අපි ඒව දන්නෙ නැතුව ගිහිල්ල නාවික හමුදාවෙන් අල්ලගෙන නඩුත් දානවා. ධීවරයින්ට උසාවි යන්නත් වෙලා. මේ මිනිස්සු කොහොමද මහත්තයෝ රුපියල් හතළිස් දාහ පනස් දාහ දඩ කාල තමයි මේ ඇවිල්ල ඉන්නෙ. එදා වේල හම්බ කරන් කාපු ධීවරයො.

 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි වැලිගම පැලෑන බද්දෙවත්ත තොටුපොළේ ග‍්‍රාමීය ධීවර සමිතියේ සභාපති එම්. එම්. පියසිරි මහතාගෙන් විමසීමේදී ඔහු පළ කළේ හාත්පසින්ම වෙනස් කතාවකි. ඉතාමත් හැගුම්බරව සහ වේදනාත්මක ස්වරූපයෙන් ඔහු කියා සිටියේ මෙවන් කතාවකි.

 දැනට මේ ප‍්‍රශ්නයට විසඳුමක් නැහැ. දැන් මාස නවයක් තිස්සේම මේක විසඳුනේ නැහැ . අපි දැන් පාලකයන්ට කියන්නෙ මේක විසඳල දෙන්න කියල. මේක විසඳෙන්නෙ නැති හේතුව තමයි දැන් මේ ඉන්න ඇමතිතුමා ජනතා හ`ඩට කන් දෙන්නෙ නැහැ. මේක ධීවර අමාත්‍යංශය එක්ක කතා කරල අමාත්‍යංශයේ නිලධාරින් එක්ක කතා කරල විසඳන්න ඕන ප‍්‍රශ්නයක්. දැනට තොටුපොළ අයිනෙ ඔරු විසිපහක් නවත්වල තියෙනව. ඒවයි තිබෙන දැලක් ලක්ෂ පහළොවක් විතර වෙනව. ඒ දැල් දැනට දිරාපත් වෙමින් පවතිනව. මේ දවස්වල හාල්මැස්සන් ඉන්නව ටොන් ගණනින් අල්ලන්න. මම අවසන් වතාවට ඉල්ලන්නෙ මේක විසඳල දෙන්න කියල. මම ඉන්නෙ කලකිරීමෙන්… මේ සිද්ධිය පිළිබඳව විතරක් නොවේ මේ පවතින රජය සම්බන්ධයෙනුත් කලකිරීමෙන් ඉන්නෙ මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳව. වෙනත් ප‍්‍රදේශවල මේව ක‍්‍රියාත්මක වෙනව නමුත් වැලිගමට වැට බැඳල තියෙන්නෙ.

 කබලෙන් ළිපට වැටුණ මිනිස්සු පැදුරෙන් බිමට වැටෙන තත්ත්වයට පත් විය. මෙම ධීවර ජනතාවගේ ගැටලූව විසඳීමට මේ වතාවෙදිවත් බලධාරීන්ගේ ඇස් යොමු වේද ?

 ලලිත් පත්මසිරි – මාතර අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment