මරඳගහමුල උග‍්‍ර සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක්!

96

පොලොන්නරුව ඇතුළු පිට පළාත්වල ප‍්‍රධාන පෙළේ වී මෝල් හිමියන් ගොවියන් සතු වී තොග මුළුමනින්ම පාහේ වැඩි මිලට ගෙන ගබඩාකර අනාගතයේ දී දැනට පවතින මිල ගණන්වලට වඩා ඉහළ මිලකට සහල් කර විකිණීමේ ප‍්‍රයත්නයක යෙදෙන බැවින්, සහල් නිපදවීමට වි තොග ලබා ගැනීමට නොහැකිවීමෙන් ඉදිරි කාලයේදි මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ උග‍්‍ර සහල් හිඟයක් ඇතිවීමේ ප‍්‍රබල අවදානමක් ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති හා මරඳගහමුල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති බී. කේ. රන්ජිත් කරුණාතිලක මහතා අනතුරු අඟවයි.

දැනට මරඳගහමුල වෙළෙඳපොළ තුළ පවතින සහල් අලෙවි කිරීමෙන් පසු ඉදිරි කාලයට විකිණීමට සහල් නොමැතිවීමට බෙහෙවින් ඉඩ ඇතැයි ද එම ව්‍යාපාරිකයෝ පවසති.

දැනටමත් තමන් මිලට ගෙන ඇති සම්බා වී කිලෝවක මිල රුපියල් 93 – 95 ක් වී ඇති අතර, කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 115 ක් වී ඇති බව ද පවසන රන්ජිත් කරුණාතිලක මහතා නාඩු වි කිලෝව රුපියල් 115 ක් බව ද සඳහන් කරයි. එවැනි ඉහළ මිලකට වී ලබාගෙන සහල් කර විකිණීම අතිශයින් අපහසු බව ද මරඳගහමුල ව්‍යාපාරික පිරිස් පවසති.

දිවුලපිටිය – අයි. එම්. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment